IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


මිනුවන්ගොඩ ඝාතනයට පහක් පොලිස් දැලේ

(ටෝනි කරුණානායක)

සරුංගල් ප්‍රශ්නයක් මුල් කරගෙන ඇතිවූ ආරවුලෙන් පසු මිනුවන්ගොඩ කොටගෙදර ප්‍රදේශයේ දී 23 හැවිරිදි එක්දරු පියකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පියකු පුතුන් දෙදෙනකු ඇතුළුපස් දෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

එම ඝාතනය සඳහා උපයෝගී කරගත් නවීන පන්නයේ මෝටර් රථයක්, මන්නා පිහි දෙකක් ,යකඩ පොල්ලක් ,සැකකරුවන් හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් සහ ජංගම දුරකථන තුනක් සැකකරුවන්ගේ ප්‍රකාශ මත අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ පදිංචි මරණකරුගේ ඥාතියකු වන 49 හැවිරිදි රාලහාමි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු සහ එම සැකකරුගේ 24 සහ 22 හැවිරිදි පුතුන් දෙදෙනාත් කලහුගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු සහ මරණකරුව දුරකතන ඇමතුම් ලබාදී නිවසින් ගෙන්වා ගත් කොටගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .

මිනුවන්ගොඩ ගමන් ගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටී පිලිප්පැන්න ගේ ලක්ෂිත ලක්මාල් ද සිල්වා හෙවත් සුදු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එක්දරු පියා යතුරුපැදියකින් 05 වන සැකකරු ගේ නිවස අසලට ගොස් ඔහු සමග කතා කරමින් සිටියදී නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණ ඇති සැකකරුවන් එම මෝටර් රථයෙන් යතුරුපැදිය හප්පා යතුරු පැදිය පෙරලීමෙන් අනතුරුව ජීවිතය බේරා ගැනීම සඳහා දිව ගිය සුදු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මරණකරුව යකඩ පොල්ලකින් පහර දී මන්නා පිහි වලින් කපා කොටා ඝාතනය කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

 



අදහස් (0)

මිනුවන්ගොඩ ඝාතනයට පහක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

දියත

අල්ලස් ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යගේ දඬුවම තහවුරු කරයි
2024 නොවැම්බර් මස 05 122 0

පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත


ජොන්ස්ටන්ගේ පෙත්සම ඔහුම ඉවත් කර ගනී
2024 නොවැම්බර් මස 05 588 0

නොබෝදා කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැ


පාස්කු නඩුවෙන් පූජිත - හේමසිරි නිදහස් කළ තීන්දුව බල රහිත කරයි
2024 නොවැම්බර් මස 05 809 0

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු


කමලා තැපෑලෙන් ඡන්දය දීලා
2024 නොවැම්බර් මස 05 573 0

තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා


ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 569 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 1856 2

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 410 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1312 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 692 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site