IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මානව අයිතිය නොදකින ලෝක පොලිස්කාරයා

අමෙරිකාව හැමදාම පණපෙව්වේ ලෝක පොලිස්කාරයාගේ චරිතයටය. ලෝකෙටම ‘‘අයියා’’ වී සිටි එහෙව් අමෙරිකාව අද විදෙස් විත්ති විශ්ලේෂකයන් විසින් හඳුන්වන්නේ නීතියක් නැති රටක් වශයෙනි. වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමෙන් ගිනිගත් අමෙරිකාව දැන් නීතියක් නැති අරාජික රාජ්‍යයක් බවට පත්වෙමින් සිටින බව වත්මන් අමෙරිකාව පිළිබඳව දිනපතාම විස්තර වාර්තා කරන සියලු‍ මාධ්‍ය ආයතනවල විශ්ලේෂකයෝද ජාත්‍යන්තර කීර්තියට පත් දේශපාලන විචාරකයෝද කියා සිටිති. ඒ අනුව ‘අමෙරිකාවට වෙච්ච දෙයක්’ කියා අපේ සිතට දැනීමද අරුමයක් නොවේ.

ලෝකෙටම නීතිය පිළිබඳව උපදෙස් දෙන්නේද අමෙරිකාවයි. විශේෂයෙන්ම තම රට වැනි බලවත් රටවල් අනුගමනය නොකරන ඇතැම් නීති ලොවේ සෙසු බලවත් නොවන රටවල් විසින් අනුගමනය කළ යුතු බවට ඇඟිල්ල දිගු කිරීමට අමෙරිකාව පැකිලෙන්නේ නැත. අමෙරිකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව එරට හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් බුෂ් පසුගියදා ප්‍රකාශ කළේ තමන්ගේ රටේ ගෙල ටිකෙන් ටික සිරවෙමින් පවතින බවය. තම රට පිළිබඳව දැඩි බියක් දැනෙන බවය. එසේම ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙර හිටපු ජනාධිපති බැරක් ඔබාමාද ඊට සමානව ඉතාම සංවේදී ලෙස අදහස් ප්‍රකාශ කර තිබිණි. එසේ තිබියදීත් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් අනුගමනය කරන බව පෙනෙන්නේ ලෝක පොලිස්කාරයාගේ දඩබ්බර නොහික්මුණු චරිතයම බව පෙනී යයි.

අමෙරිකානු මෑතකාලීන ඉතිහාසයේ දරුණුම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන සමස්ත සිද්ධියට මුලපිරූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය වෙනුවෙන් කිසිදු කනගාටුව ප්‍රකාශ කිරීමක් නොකළ ජනාධිපති ට්‍රම්ප් ඒ වෙනුවෙන් වීදි බැස සටන් කරන විරෝධතාකරුවන් දැඩි ලෙස මර්දනය කළයුතු බවට කටමැත දොඩමින් සිටී. ඔහු මේ විරෝධතාකරුවන් මැරයන් ලෙස හඳුන්වමින් නිකුත් කළ ට්විටර් පණිවුඩ ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වී තිබේ. ඔහුගේ එවැනි ප්‍රකාශ පොලිසියට පවා හිසරදයක් වී තිබෙන අතර එක් ප්‍රාන්ත පොලිස් ප්‍රධානියකු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘කට වසාගනු’ යැයි පැවසීමට තරම් තත්ත්වය උග්‍ර විය. මේ කවදාවත් අමෙරිකාවෙන් බලාපොරොත්තු විය හැකි හැසිරීමක් නොවේ.

මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් ප්‍රදේශයේ ඇරැඹි සාමකාමී විරෝධතාව ප්‍රචණ්ඩකාරී බවට පෙරැළීමට වැඩිම බලපෑමක් එල්ල වූයේ එරට ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය බවද පෙනී යයි. ඔහුගේ ඇතැම් ප්‍රකාශ ප්‍රචණ්ඩකාරී ගිනිදැල් නිවීමට නොව ඒවා පැතිරයාමට හේතුවූ බවටද චෝදනා එල්ල වෙයි. මෙවැනි ක්‍රියා අමෙරිකාවට ඇතිකර ඇත්තේ මැකිය නොහැකි කළු පැල්ලමකි.

මුලින් ලොවපුරා මාධ්‍යවලින් දැකගත හැකිවුණේ කළු ජාතික අමෙරිකානුවන් විසින් කඩසාප්පු කොල්ලකන, සුපිරි වාහන ගිනි තබන, හොලිවුඩ් චිත්‍රපටවල වැනි සිදුවීම් මාලාවකි. එසේ වුවත් එය චිත්‍රපටයක් නොවී ඒ යටින් දිවෙන දැවැන්ත විරෝධය දිගින් දිගටම දලු‍ ලමින් අමෙරිකාවේ අභිමානයද දවා හළු කරමින් තිබේ. තත්ත්වය කොතරම් බරපතළ බවට හැරී ඇතිදැයි කිවහොත් ඇතැම් ප්‍රාන්තවල තත්ත්වය පාලනය කිරීමට ජාතික ආරක්ෂක බළකායන්ද කැඳවා තිබේ. ධවල මන්දිරය අවට ආරක්ෂාව සඳහා යුද හමුදාවද කැඳවා ඇත.

ප්‍රාන්ත බලධාරීන් මේ තත්ත්වය පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් වහාම හමුදාව යොදවා විරෝධතා මර්දනය කරන බවට ජනාධිපති ට්‍රම්ප් කළ දැඩි ප්‍රකාශයද එරට ජනතාව ගණන්ගත් බවක් පෙනෙන්නට නැත. එය අමෙරිකාවේ පවතින තත්ත්වයේ භයංකාර පැතිකඩක් පෙන්වයි. රටේ නායකයාට අවනත නොවන තත්ත්වයකට විරෝධතා උත්සන්න වීම බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට නිසැකවම හේතුවනු ඇත. හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ ප්‍රකාශයට මේ තත්ත්වය හොඳින්ම සමපාත වෙයි.

සුදු ජාතික පොලිස් භටයකුගේ දණහිස යට ජීවිතය ඉල්ලමින් මියගිය කළුජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ අය ඔහු වෙනුවෙන් සාධාරණය ඉටු කරදෙන්නැයි හඬා වැළපෙමින් ඉල්ලා ඇතැයි මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි. ලෝකයටම මානව හිතවාදය, මූලික මිනිස් අයිතිවාසිකම් ගැන මහප්‍රාණ කතා දෙසාබාන අමෙරිකාවේ වැසියන් මේ තරම් අසරණ වී සිටින බව අසන්නට ලැබීමත් පුදුමයකි. ඩොලර් 20ක හොර නෝට්ටුවක් ළඟ තබාගෙන සිටීමේ චෝදනාවකට සැකපිට අත්අඩංගුවට ගත් නිරායුධ පුද්ගලයකු මාංචු දමා මහ දවාලේ පදික වේදිකාවේ බිම දමාගෙන අවට සියලු‍ දෙනා බලා සිටියදී මරා දැමීම ආසියාවේ රටක සිදුවී නම් අමෙරිකාවේ නායකයෝද ඔවුන්ට උල්පන්දම් දෙන ත්‍රස්ත සංවිධානවල වර්ණ නියෝජනය කරන ඇඳුම් ඇඳගෙන ලෝකය හමුවේ පට්ටපල් බොරු කියන ඊනියා මානව ක්‍රියාකාරිකයන්ද ඒ රටට එරෙහිව චෝදනා කිරීමට මොහොතක්වත් නොපැකිලෙනු ඇත.

එහෙත් අමෙරිකාවේ ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතා පවත්වන තරමට දරුණු වී ඇති තත්ත්වයක් තුළ පවා අමෙරිකාවේ නායකයා හැසිරෙන්නේ උද්ධච්ඡ ඒකාධිපතියකු මෙනි. අපට කනගාටු ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ඇති රට වශයෙන් තමන්ම හඳුන්වා ගන්නා අමෙරිකාවේ මහාමාර්ගවල පවා නිරායුධ මිනිසුන් මරාදැමීමත් ඒ ගැන අඩු තරමින් කනගාටුව පළ කිරීමට හෝ අමෙරිකානු නායකයාගේ දිව නොනැමීමත් ගැනය.



අදහස් (2)

මානව අයිතිය නොදකින ලෝක පොලිස්කාරයා

R A SAMANTHA Monday, 08 June 2020 04:59 PM

මම ඇමෙරිකාවට වෛර කරනවා.

:       0       0

jayantha Thursday, 11 June 2020 02:17 AM

ඇමෙරිකාව ගැන නොදන්නා දේවල් කතානොකර ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 135 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1231 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2697 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1672 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2875 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site