(සුජිත් හේවාජූලිගේ සහ අංජුලමහීක වීරරත්න)
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට පදනම් විරහිතව ඇඟිලි ගැසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.
එලෙස කටයුතු කිරීමට ඔවුනට කිසිදු අයිතියක් හෝ වරමක් නැතැයි ද ඔහු පවසයි.
ජිනීවා යෝජනාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කරයි.
මෙය රටක අභ්‍යන්තරය ගැන මානව හිමිකම් කොමිසමක් කරුණු දක්වන පිළිවෙළ නොවේ යැයි පවසන ගුණවර්ධන මහතා විරුද්ධ පක්ෂයේ උදවිය කියපු දේවල් මේ වාර්තාවේ අන්තරගතවීමෙන් මේවා කොයි තරම්දුරට ඒකාබද්ධව සිදුවී තිබෙනවා දැයි විමසයි.
ශ්‍රී ලංකාවේ මැලේසියාවේ මහ කොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් මහතා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (16) හමුවිය.
මීටියාගොඩ, බලිමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පැමිණි පිරිසක් එහි සිටි පියකුට සහ දියණියකට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 4
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී අද (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්
ප්‍රවීණ කිවියර,ගේය කාව්‍ය රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයේ අද (16) වැඩ බාර ගත්තේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනවල නේවාසික නියෝජිතයන් පරිසක් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (16) හමුවූහ.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේ අද (16) රාත්‍රි සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇතැයි මඩ
මෙරට ප්‍රමුඛතම උපාධි ප‍්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්රීඝ්ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
‘‘මානව හිමිකම් කොමිසමේ උත්සාහය ප්‍රතික්ෂේප කරනවා‘‘
sena Thursday, 25 March 2021 09:49 AM
දැන් බයිලා කියලා වැඩක් නැහැ. සර් දැන්වත් මොලේ ඇතුව වැඩක් කරන්න. හෙට, අනිද්දා රටවල් එක එක තහංචි දාන්න පටන් ගත්තාම තමුන්නාන්සේලාට නෙවෙයි අපිටයි ජීවත් වෙන්න බැරි වෙන්නේ.
amara Thursday, 25 March 2021 09:55 AM
විදේශ ඇමතිවරයා ඉල්ලා අස්වීම සුදුසුයි...
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 March 2021 10:27 AM
ඔබතුමාලා තම තමන්ගේ කෙරුවාව හොඳහැටි පෙන්නලා ඉවරයි. දැන් රටේ ඉතිරි ටිකත් ඉවරකරලා ජනතාවත් සමග මුහුදට පනින්න තමයි වෙන්නේ...
kanchana de silva Thursday, 25 March 2021 10:35 AM
මේ මොලේ අමාරුකාරයාව වහාම ආණ්ඩුවෙන් පන්නලා දමන්න බැරි ඇයි...? විදේශ ඇමැතියි, විදේශ අමාත්‍යංශයේ ලේකමුයි දෙදෙනාම ලෝකයින්. මේ දෙදෙනාට විරුද්ධව අපේ රටේ නඩු පවරනවා.
රටවැසියා Thursday, 25 March 2021 10:50 AM
ඇමතිතුමා ප්‍රශ්නය තියෙන්නේ විපක්ෂයට වැරදි පෙනෙන එකේ නොවෙයි ඔබතුමාලට ආණ්ඩු බලය ලැබුණාම කිසිම වරදක්, වරදක් විදිහට නොපෙනෙන එකයි.
Puppa Thursday, 25 March 2021 10:55 AM
පාර්ලිමේන්තුවේ මේ යෝධයා බෙරිහන් දෙනවිට මට හිතුණේ රත්වෙලාද කියලා...?
සෙනෙවිරත්න Thursday, 25 March 2021 02:06 PM
මෙම වාර්තාවේ පිටු දෙකහමාරක් යුද අපරාධ සහ පිටු පහළවක තියෙන්නේ වර්තමාන ගෝඨාභය පාලනයේ මානව කඩවීම් කිව්ව ගමන් මෙයා මහ සද්දෙන් කෑගහපු හැටි.., හරියට ගෙදර ඇති කරන බල්ලා තම ස්වාමියා වෙනුවෙන් බුරනවා වගේ...
siri Thursday, 25 March 2021 11:26 AM
කවුද කොහේදෝ ලියලා තිබ්බා "බොරළු ගොඩක මේ තරම් මැටි තියෙනවා දැක්කාමයි" කියලා. මොකද්ද අප්පා ඒ කතාවේ තේරුම...?
චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 25 March 2021 12:20 PM
මොකද දෙවියනේ? මේ නින්දෙන් නැගිටලා වගේ කෑ ගහන්නේ... කෑලි...කෑලිවලට මේ රට කඩලා තරගෙට වගේ එකඑක රටවලට උකස් තියෙද්දී කොහොමද දෙවියනේ කටක් ඇරලා..., අතක් උස්සලා තවත් මේ රටේ බේරගන්න දෙයක් තියෙනවා කියලා සටන් කරන්නේ...
Senaka Thursday, 25 March 2021 01:27 PM
බල්ලොත් එක්ක නිදා ගත්තොත්, මැක්කොත් එක්ක නැගිටින්න වෙන්නේ...
බද්රානි Thursday, 25 March 2021 01:44 PM
ඉතින් ඔය ටික එහේදීම කියන්න තිබුණානේ? ජාත්‍යන්තරය ඉදිරියේ නැට්ට බඩ යට ගහගෙන කෙඳිරි ගාලා අවසානයේ නැට්ට වනලාම ඔවුන්ව සතුටු කරලා ආපසු ලංකාවට ඇවිදින් සද්දෙට උඩු බුරන එක හරිද? අර කොහෙන්ද මන්දා හිනායනවා මේවට, සිංහ වෙස් අරගෙන ලංකාවේ පමණක් රඟන නරි දැකලා. ලැජ්ජයි..!!!
සෙනෙවිරත්න Thursday, 25 March 2021 02:13 PM
මෙම වාර්තාවේ පිටු දෙකහමාරක් යුද අපරාධ සහ පිටු 15ක තියෙන්නේ වර්තමාන ගෝඨාභය පාලනයේ මානව කඩවීම්, ඒක නිසා මේක රටේ පරාජයකට වඩා රාජපක්ෂවරුන්ගේ පරාජයක්..., එක අතකින් මෙහි හොඳපැත්තක් ලෙස රාජපක්ෂවරු යම්තාක් දුරකට පාලනයක් වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්...
සෙනෙවිරත්න Thursday, 25 March 2021 02:20 PM
ඔබතුමා ප්‍රතික්ෂේප කරකර ඉන්න. ඊට වැඩිය දෙයක් පහුගිය ටිකේ කළේත් නැහැනේ. ඒ වුණාට වැඩේ නියමෙට යනවා. ඔය පණ්ඩිත කතා නිසා අපේ අසල්වැසි නේපාලය, ද කොරියාව, ඉන්දුනීසියාව වගේ රටවල්වල සහායවත් ගන්න බැරිවුණා. තවත් ප්‍රතික්ෂේප කරන්න. ඊළඟ පියවර ගන්නකන්... අසාර්ථකම විදේශ ඇමති.
සෙනෙවිරත්න Thursday, 25 March 2021 02:22 PM
සර්ගේ ෆේල් ලිස්ට් එකට තවත් එකක්..
Rata Perata Thursday, 25 March 2021 03:39 PM
අම්මෝ... මේ බොරලුගොඩගේ කතාවට දැන් යෝජනාව ගෙනාවා. මිනිස්සු මාරෙට බයවෙලා ඇති....
Sena Thursday, 25 March 2021 09:03 PM
සර් දැන්වත් ඔය සාටකය ගලවලාදාලා මනුස්සයෙක් වෙන්න බලන්න. තමන්ගේ පරම්පරාවටත් ලැජ්ජයි!!!
ranjith Thursday, 25 March 2021 10:33 PM
බොරු කයිවාරු විතරයි. ගිරිය පුප්පගෙන කෑගැහුවාට ප්‍රශ්න විසඳන්න පුළුවන්ද?
Perera Friday, 26 March 2021 04:25 AM
මෙයාගේ ගෙරවිලි, ගෝරනාඩු ඔක්කොම ලංකාව ඇතුලේ... රටින් පිටගියාම තමයි වැඩේ...