IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘‘මානව හිමිකම් යෝජනාව ඉවත් කරන්න ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුයි‘‘

( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාවේ කොන්ග්‍රස් සභික ඩෙබොරා රොස්  ඉදිරිපත් කළ මානව හිමිකම් යෝජනාව ඉල්ලා අස්කර ගැනීම හෝ සංශෝධනය කිරීම සඳහා ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂණික මැදිහත්වීමක් අවශ්‍ය බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ වැඩ බලන ඇමෙරිකා තානාපති මාටින් ටී. කෙලි මහතාට දැනුම් දුන්නේය.

වැඩ බලන ඇමෙරිකා තානාපති මාටින් ටී. කෙලි මහතා විදේශ අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොන්ග්‍රස් සභික ඩෙබොරා රොස් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් සඳහා ප්‍රයෝජනවත් නොවන බවද විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩබලන ඇමෙරිකා තානාපතිවරයාට පෙන්වා දුන්නේය.

කොවැක්ස් වැඩසටහන හරහා කොවිඩ් -19 මර්දන එන්නත් ලබා ගන්නා රටවලින් එකක් ශ්‍රී ලංකාව බවට එක්සත් ජනපද ජනාධිපති මෑතකදී කළ නිවේදනය මෙහිදී අමාත්‍යවරයාගේ විශේෂ ඇගැයුමට ලක් විය

එමගින් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දුන් සහයෝගයට විදේශ අමාත්‍යවරයා එරට රජයට සහ එක්සත් ජනපද ජනතාවට ස්තූතිය පුද කළේය. .

 



අදහස් (2)

‘‘මානව හිමිකම් යෝජනාව ඉවත් කරන්න ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතුයි‘‘

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 10 June 2021 07:14 AM

අපේ විදේශ ඇමැති කිව්වාම, දැන් මෙන්න කියලා ඒ රටේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ක්ෂණිකව යෝජනාව ඉවත්කර ගනීවි. මේවා නිකං ලෝකය දෙපැත්තෙන්ම හිනස්සන කතා. ඒත්, මේ රටේ දේශපාලන අඳ බාලයින් හුරේ දමාවි. අන්න අපේ විදේශ ඇමැතිතුමා අමෙරිකාවටත් නියෝගයක් කරලා කියලා. චීනය රෙදි අස්සේ දාගෙන හොඳට හිටපු ඇමරිකාව අමනාප කරගත්තා. ලොව රටවල් සමඟ අමනාප නොවී, චීනාව අතේ දුරින් තියාගෙන, බුද්ධිමත් අයුරින් විදෙස් ප්‍රතිපත්තිය රැකගැනීමයි රජයක් හැටියට කළයුතු වන්නේ. ඒත්, එය කෙතෙක් දුරට සාර්ථක දැයි රජයම කල්පනාකළ යුතුයි...

:       0       0

ලුම්බිණි Thursday, 10 June 2021 07:46 AM

ඒ මොකටද එහෙම කරන්නේ? එහේ උඩින් එන ඕඩර් වලට වැඩ කරන්න අමාරුයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 144 0

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 404 0

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 602 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 908 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 23 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 429 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site