(ශාන්ත චන්ද්‍රසිරි)
කොරෝනා වයිරසය පැතිරීයාමේ අවධානම හේතුවෙන් මාසයකට අධික කාලයක් රට පුරා පැවැති ඇදිරි නීතිය හමුවේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් හා ජනතාවගෙන් හුදකලා වු නුවරඑළිය, කන්දේඇල ජලාශය අවට පරිසර පද්ධතිය අන් කවරදාවටවත් වඩා සුන්දර ලෙස මේ දිනවල දැකිය හැකි බව උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති.
නුවරඑළිය නගරයේ සිට හෝර්ටන්තැන්න වනෝද්‍යානය හා අඹේවෙල නවසීලන්ත සත්ත්ව ගොවිපල දැක බලා ගැනීමට දිනකට විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් ගමන් කරනු ලබන ප්‍රධානම මාර්ගයේ පිහිටි කන්දේඇල වනෝද්‍යානය, කන්දේඇල ජලාශය අවට පරිසර කලාපය සහ අඹේවෙල ගොවිපල ආශ්‍රීත ප්‍රදේශත් වෙනත් වසරවල අප්‍රේල් මාසයේදි දහස් ගණනක දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් නිරන්තරයෙන් සැරිසරණ ප්‍රදේශයක් බවද ඔවුහු පෙන්වා දෙති.
කන්දේඇල වනෝද්‍යානය හා කන්දේඇල ජලාශයත් අඹේවෙල නවසීලන්ත සත්ත්ව ගොවිපලත් අවට පරිසර කලාපය අධික වාහන ශබ්දයත්, වාහනවලින් පිට කරනු ලබන අධික දුමත්, විශාල පිරිසක් ගැවසීමෙන් හේතුවෙන් මෙසේ අන් කවරදාවටත් වඩා එම ප්‍රදේශ සුන්දර වී ඇතැයි උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති.
රට තුල පැන නැගුන හදිසි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශය මසකට අධික කාලයක් මෙසේ ජනශූන්‍ය කලාපයක් බවට පත්ව තිබේ.
ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්
ටී 56 ගිනි අවියක් රැගෙන ගොස් ඩුබායි රාජ්‍යයට පලා ගිය පොලිස් කොස්තාපල් වරයාගේ පෙම්වතිය බව කියන නැටුම් ගුරුවරියකගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බව ගල්කිස්ස
රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තම
සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය ප
අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි.
වී අලෙවි මණ්ඩල කළ සහතික මිලට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහමතකු අද සවස 5.00 පමණ තම නාඩු වී අස්වැන්න අලෙවි කරමින් මෙවට මහ කන්නයේ පළමු වී තොගය රජයට ලබා දුන්න
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මිනිසුන් ඈත් වෙද්දි පරිසරය ප්‍රබෝධයෙන් ඇළලෙයි
N. K. A. Weerasinghe Saturday, 18 April 2020 09:02 AM
පරිසරය මිනිසා නිර්මානය කරන්නා සේම විනාශ කරන්නත් වෙයි. පරිසරයට ආදරය දක්වද්දී අපට පරිසරය ලබාදෙන දේද බොහෝ වෙයි...
පුජා Saturday, 18 April 2020 09:15 AM
හරිත වර්ණයෙන් ,බැබලෙන පරිසරය මොනතරම් සුන්දර දර්ශනයක්ද.? මිනිසා නමැති සත්වයාගෙන් මදකට හෝ මිදුන මිහිකත, ස්වභාව ධර්ම මාතාවගේ තුරුලේ නැලවෙමින්, සැනසුම් සුසුම් හෙලන, අතිශය සුන්දර වූ ඒ අසිරිමත් දර්ශන පෙළ සැමදාටමත් බැලීමට තරම් අප වාසනාවන්තයෝ වෙම්ද ..?
rana Saturday, 18 April 2020 09:52 AM
කුඩා කල දුටු ලංකාව මතක් වෙනවා. නුදුටු අයට සහ මෙය විනාශ කරන අයට දෙනෙත් පැදෙවා...!
විජිත් Saturday, 18 April 2020 09:59 AM
මේ චයාරුප දැක්කම මට මතක් වෙනවා... මගේ කුඩාම කාලයේ වරක් අපේ පවුලේ අය ලෝකාන්තය බලන්න ගියා. මේ තියෙන්නේ ඒ පරිසරයමයි.. කියලයි මට නම් හිතෙන්නේ. අහස පැහැදිලියි... ශීතලයි... මිදුම තැනින් තැන අපිව පහුකරගෙන යනවා. මම හිතන්නේ රතු ඉන්දියානු නායකයා... සියැටල් ආදරය කලෙත් මේ වගේම පරිසරයකට වෙන්න ඇති. නමුත් ආක්‍රමණික සුදු මිනිස්සු පරිසරය ආරක්ෂාකල ඒ පරපුරම විනාශකලා. පරිසරය විනාශකිරීම පටන්ගත්තා. ඔය කතාවම තමයි අපේ මේ ලස්සන රටටත් වුනේ. 1970 ගණන්වල පටන් ටිකෙන් ටිකේ පටන් ගත්ත වනවිනාශය ඊටත් වසර 10 ට විතර පස්සේ රටට නොව තමන්ටම ආදරේ බලලෝභී දේශපාලුවන් විසින් ඔවුන්ගේ හෙන්ච්ලා සමග අද වෙනකම්ම කරගෙන යනවා. ඒ සියල්ලටම මුලිකම හේතුව නිසිපරිදි ක්‍රියාත්මකවන " නීතියක් නැති රටක " අප අසරනයින්වී සිටින නිසයි. සොබාදහම කියන අපේ අම්මාගේ දරුවන් තමයි මේ ඔබ මම, සතුන්, වනගහනය. ක්ෂුද්‍රජිවින් මේ සියලු දෙනාම. ඒ අම්මා අපිට අවශ්‍ය සියලුදේම මේ පරිසරයේ ඇතිකරලා තියෙනවා. නමුත්.. මිනිසා කියන අකීකරු දරුවා පමණක් පරිසරය විනාශකලා. සුදුසු පරිසරය නොමැතිව මිනිසාට ජීවිතය පවත්වාගෙන යාමට නොහැකි බව ඔහු අදවත් තේරුම් ගනීවිද..? මන්ද සොබාදහමට මිනිසා එකම එක සතෙක් පමණයි..!!!
sunil perera Saturday, 18 April 2020 07:14 PM
තව ටික දවසකින් යාල වන උද්‍යානයේ පරණ කසිකබල් ජිප් සහ ඉන්දියාවේ ලදරන් වලින් එන ජරා දුමයි මුසුවෙච්ච තොර තෝංචියක් නැති මානසික අසහනකාරී මිනිසුන්ගේ දඩබ්බර ක්‍රියාකාර කම් නිසා අහිංසක සතුන්ට සිදුවන හිරිහැර විදේශිකයන්ට විකුණන විනිමය උපයන පිපාසිතයන්ගේ සංග්‍රාමය ඇරබෙනු ඇති ...!!!
dd Saturday, 18 April 2020 11:20 PM
CV -19 පාඩමක් අරගෙන මේ කාලේ නයකයෝවත් පරිසරය ආරක්ෂා කරයි නම් අපි ඉතා ඉහළින් අගය කරන අතර ඊට සහය දෙන්ඩ සුදානම්. ඒ වුනාට කෙසේ හෝ එහෙම යන අතරමග දේශපාලුවෝ පරිසරය පාලු කරන්න ගත්තොත් අපි ලංකාව පරිසරය ආරක්ෂා කිරීමෙන් අයින් වෙමුද?
kamal Sunday, 19 April 2020 07:06 AM
අධික වාහන ශබ්දයත්, වාහනවලින් පිට කරනු ලබන අධික දුමත්, විශාල පිරිසක් ගැවසීමෙන් හේතුවෙන් මෙසේ අන් කවරදාවටත් වඩා එම ප්‍රදේශ සුන්දර වී ඇතැයි උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති...
ravi Sunday, 19 April 2020 08:45 AM
මෙහෙමහරි දෙවියෝ අපි යම්..යම් දේවල් කියල දෙන එක ගැන අපි දෙවිවරුන්ට ස්තුති වෙමු .
Raveendra Sunday, 19 April 2020 11:41 AM
හරිම ලස්සනයි. මේ විදියටම පවත්වාගෙන යන්න පුළුවන් නම් කොච්චර හොද ද ?