IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


‘‘මිනිසා නොහදා රට හදන්න බෑ‘‘

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමල කොඩිතුවක්කු)

මිනිසා නොහදා රට හදන්න බෑ යනුවෙන් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පැවසුවත් අද සිදුව ඇත්තේ රට හදනවා කියා ආර්ථික දියුණුව ඇති කරනවා කියා ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලකයන් සමඟ ගජමිතුරු කණ්ඩායමක් එකට එකතු වී ඔවුන්ගේ සුරසැප ජීවිත ශක්තිමත් කිරීම බවත් සංවර්ධනය හා දියුණුව ලෙස සමගි ජන බලවේගය අදහස් කරන්නේ ලක්ෂ 220ක් ජනතාවගේ සංවර්ධනය බවත් දියුණුව ලෙස ඉලක්කම් ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොවන බවත් එය සෑම පුරවැසියකුටම දැනිය යුතු බවත් ඒ සුබසාධන ප්‍රතිලාභය බුක්ති විඳිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුෂිත චෞර දේශපාලන සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බණ්ඩාරගමදී පැවති ජන හමුවක් අමතමින් පැවසීය.

වයින් ස්ටෝර්ස්, බියර් බලපත්‍ර ආදී වරදාන වරප්‍රසාද ලබා දී විවිධ පුද්ගලයන් බිලී බා ගන්නා බවත් තමා ජනාධිපති වූ පසු අනීතිකව පගාවට අල්ලසට ලබා දුන් සෑම බලපත්‍රයක් ම අහෝසි කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දේශපාලන අල්ලස්වලට සම්බන්ධ වූ දේශපාලනඥයන්ට සහ නිලධාරින්ට නීතිය හමුවේ උත්තර බැදීමට සිදුවන නිසා වැරදි දේ නොකර රට ගැන සිතා කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානය අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා බණ්ඩාරගම ආසන සංවිධායක නයනක රන්වැල්ල මහතා සංවිධානය කළ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

යම් අයකු දේශපාලන ගමනක් යා යුත්තේ දර්ශනයක්, ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් නිසා බවත් සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් සමඟ එකතු වූ සියලු දෙනා එකතු වුයේ මුදලට පගාවට අල්ලසට නොව ප්‍රතිපත්තිගරුකව බවත් මේ දුෂිත චෞර දේශපාලනයට මේ අධම සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද වරදාන වරප්‍රසාද සියල්ල භුක්ති විදින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බවත් ලක්ෂ 220ක් ජනතාව අනාථ කර මැතිවරණ සමයේ බොරු උප්පරවැට්ටි පොරොන්දු ඉදිරිපත් කර මෙවරත් රටේ ජනතාව රවට්ටන්න උත්සාහ කරන බවත් මේ අවස්ථාවේ රටේ ජනතාව තවදුරටත් රැවටෙන්න සූදානම් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය මෙරට ප්‍රශ්නවලට විසඳුම් සපයන්න සූදානම් බවත් ආර්ථිකය ඝාතනය කරපු අය සහ ආර්ථික ඝාතනය හරහා රට විනාශ කළ අවස්ථාවක රට ගොඩගන්න රට ශක්තිමත් කරන්න සංවර්ධනයෙ අරුනළු ලබා දෙන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රට ශක්තිමත් කරන්න තමා කැපවෙන බවත් විපක්ෂයේ සිට තමා සක්වල හා හුස්ම හරහා ජනතාවට සේවය කළ ආකාරයෙන්ම බලයට ලැබුණු පසු ජනතාව වෙනුවෙන් සේවාවක් ඉටු කරන බවත් මේ සෑම දෙයක්ම කළේ රජයේ මුදලින් නොව ප්‍රදානයන් සහ ආධාරවලින් බවත් මේ රට ගොඩනගන්න සෘජු විදේශ ආයෝජන අවශ්‍ය බවත් සක්වල හා හුස්මින් හොර බොරු වංචා අල්ලස් සිදු නොවූ නිසා විශාල පිරිසක් මේ සදහා උදව් දෙන්න සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

අරගලයින් පසු දේශපාලනඥයන් විශ්වාස නොකිරීමට ජනතාව පෙළඹි ඇති නමුත් වෙනත් දේශපාලනඥයන් මෙන් නොව සමගි ජන බලවේගය විපක්ෂයේ සිට ජනතාව වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටු කළ බවත් මහබැංකුව ස්වාධින කිරීමේ දී, අල්ලස් දූෂණ පනතට වඩා නව පනතක් ගෙනවිත් දූෂණය වළක්වා ගැනීමේ දී පවා සමගි ජන බලවේගය සුවිශාල සේවාවක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටට අවශ්‍ය කයිවාරුව නොව වැඩ බවත් මේ රටට අවශ්‍ය සංදර්ශන නොව සංවර්ධනය බවත් එම නිසා කියන දේ කරන කතාව මහපොළොවේ යථාර්ථය බවට පත් කරවන සංවර්ධන යුගය බිහි කරන බවත් සුහුරු තාක්ෂණය තුළින් සෑම ක්ෂේත්‍රයක්ම සවිබල ගන්වන බවත් නව දැනුම ක්‍රමෝපාය සහ තාක්ෂණ උපකරණ ලබා දී නිෂ්පාදන ධාරිතාව වර්ධනය කර රටේ ආර්ථිකය වර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 



අදහස් (4)

‘‘මිනිසා නොහදා රට හදන්න බෑ‘‘

ගමේ එකාලා Saturday, 17 August 2024 09:58 PM

මෙච්චර කල් සිද්ද වුනේ ඒකේ අනික් පැත්ත... බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ...! 

:       0       0

බණ්ඩා Sunday, 18 August 2024 02:49 AM

ඒ බලයට පත් වුණොත් නේ. ඒත් ඒක එහෙම වෙන්නේ නෑනේ. ඒක නෙමෙයි, කොහෙන් ද ඔය ඉස්කෝලවල පන්ති කාමර හදන්න... බස් තෑගී දෙන්න සල්ලි කියලා ඉස්සෙල්ලාම කිව්වා නම් නේද හොඳ?

:       0       0

sunimal Sunday, 18 August 2024 03:56 AM

සහතික ඇත්ත. අක්ක වුණත් හොර සල්ලි ගැහුවා නම් දඬුවම් දෙන්න ඕනෑ.

:       0       0

chandima Sunday, 18 August 2024 07:49 AM

මත්පැන් බලපත්‍ර නොදුන්නාට පියාණෝ වගේ පිඩලි අල්ලන්න කොන්තරාත් දුන්නා නම් ඒකත් ඇති නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෝටි 1700 කුඩු සමග ඇල්ලූ ධීවරයන් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 11 193 0

රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන


කොමිසම එන්න කියන දවසේ රනිල් කොළඹ නෑ
2025 අප්‍රේල් මස 11 519 0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ


අවුරුදු කෑම මේසයේ වියදම සියයට 7කින් ඉහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 93 0

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සඳහා කැවිලි මේසයක් පිළියෙළ කිරීමට යන වියදම පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට 7 කින් වැඩිවී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයත


රනිල් අල්ලස් කොමිසමට කැඳවයි
2025 අප්‍රේල් මස 11 2214 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.


කාඩ් පතින් අධිවේගයේ ගාස්තු ගෙවීම අරඹයි
2025 අප්‍රේල් මස 11 1086 0

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කාඩ් පත් මගින් ගාස්තු ගෙවිමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම අද (11).කොට්ටාව අධිවේගී අන්තර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට සාමාජිකයන් හොයයි
2025 අප්‍රේල් මස 11 1355 0

දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දින කිහිපය ඇතුළත පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 10 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 622 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site