IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


මන්ත්‍රිට ඇමැති “සොරි” කියයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර නොගැනීමෙන් සමගි ජන බලවේගයේ නිශාන් කාරියප්පර් මන්ත්‍රීවරයාට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා කීය.

පාර්ලිමේන්තුවෙන් දෙන මුද්දර අලවා ලියාපදිංචි තැපෑලෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවුණු බවට නිශාන් කාරියප්පර් මන්ත්‍රීවරයා සභාවේ කටයුතු ආරම්භයේදී නැගූ වරප්‍රසාද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

 



අදහස් (2)

මන්ත්‍රිට ඇමැති “සොරි” කියයි

Nilmini Tuesday, 21 January 2025 12:59 PM

ඉතින් ඔහොම නිළධාරි එක්ක රට හදන්නෙ කොහොමද ඇමතිතුමෝ

:       0       21

Lalla Tuesday, 21 January 2025 01:51 PM

රාජ්‍ය නිලධාරීන් දෙමළ සිංහල භේදයක් නැතිව අන්ත දූෂිතයි කියලා හිතාගෙන වැඩ කරන්න. රාජ්‍ය සේවය භාගයකට කප්පාදුව නොකර රටට සේවයක් ගන්න බෑ.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බහලුම් 3,000ක් තවමත් වාරායේ
2025 ජනවාරි මස 21 30 0

කොළඹ වරාය තුළ ආනයනික බහලුම් 3,000 කට අධික සංඛ්‍යාවක් නිෂ්කාශනය කිරීම ප්‍රමාද වීමෙන් තව දුරටත් සිරවී ඇති බව බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.


අනුරාධපුර නගරය යටවෙයි
2025 ජනවාරි මස 21 177 0

අනුරාධපුරයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් අද (21) දහවල් කාලය වන විට, අනුරාධපුර සංචාරක පොලිසිය , අනුරාධපුර පුරාවිද්‍යා අධ්‍යක්ෂ කාර්යාලය පරිශ්‍රය , අන


පාසල් පෝෂණ වැඩසටහනට කැබිනට් අනුමැතිය
2025 ජනවාරි මස 21 90 0

පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහන 2025 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නව පනතක් ගේනකම් ත්‍රස්ත පනතෙන් වැඩ ගන්නවා
2025 ජනවාරි මස 21 145 0

ත්‍රස්ත විරෝධී පනත නව පනතක් සම්මත කරගන්නා තෙක් ඉතා පරිස්සමෙන් පවත්වාගෙන යන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.


රජයට ලෝක බැංකුවෙන් සහතිකයක්
2025 ජනවාරි මස 21 221 0

රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා ප්‍රකාශ


මොරටුව වෛද්‍ය පීඨය ස්ථාපිත කරයි
2025 ජනවාරි මස 21 306 0

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල මත බඳවා ගත් මොරටුව විශ්ව විද්‍යාලය


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 418 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 617 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 336 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site