IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


මන්ත්‍රීවරු කෑමට පස්ස ගහලා

(සුජිත් හේවාජුලිගේ)

දෛනික ආහාර  මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අප සමග පැවසුවේ විවිධ හේතු මත  පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් තමන් කාලයක සිට ආහාර  නොගන්නා බවයි.

එමෙන්ම සමහර මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තු භෝජනාගාරයෙන්  තේ එකක් හෝ කැඳ එකක්  පමණක් පානය කරන  බව අප කළ කරුණු සොයා බැලීමකදී දැනගන්නට ලැබිණ.

විශේෂයෙන් කොළඹ සිටින මන්ත්‍රීවරු බොහෝ දෙනකු උදෑසන නිවෙස් වලින් ආහාර ගෙන පැමිණෙන අතර දවල් ආහාරය සඳහා නිවෙස්වලට යන බව පැවසේ.

පාර්ලිමේන්තු ආපන ශාලාවේ  මන්ත්‍රීවරයකුගේ  දිනක ආහාර වේල මුලින් පැවතියේ රුපියල්   450.00ක් ලෙසය. (උදෑසන ආහාර රු.100.00, දිවා ආහාර රු.300.00 හා තේ පානය සමග කෙටි කෑම රු.50.00)

නව රජය බලයට පත්වීමෙන් පසු එම මුදල රුපියල් 2000 ක් දක්වා වැඩි කෙරිණි. ( උදෑසන ආහාර රු.600.00, දිවා ආහාර රු.1,200.00 හා තේ පානය සමග කෙටි කෑම රු.200.00)

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආහාර බිල වැඩි කළද ඉන් ආවරණය කෙරෙන්නේ ඒ අමුද්‍රව්‍ය සඳහා යන වියදම පමණක් බව පාර්ලිමේන්තුවේ භෝජනාගාර අංශය පවසයි.

සේවා පිරිවැය ඊට ඇතුළත් නොවෙන හෙයින්  මන්ත්‍රීවරුන්ට දෙන කෑම වේලෙන් තවමත් පාඩුවක් ඇති බව එම අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තුවේ ආහාර නාස්තියහැකි උපරිමයෙන්  වළක්වන ලෙස කතානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තුවේ මුළුතැන්ගේ ඇතුළු  ගොඩනැගිලි කීපයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කතානායකවරයා මෙසේ උපදෙස්දී ඇත.

පාර්ලිමේන්තු මුළුතැන්ගේ යම් සැලකිය යුතු ආහාර නාස්තියක් සිදුවන බව කාලයක සිටම පෙනී ගොස් ඇති කාරණයකි.

මේ අතර  පාර්ලිමේන්තුවට කිතුල් හකුරු කිතුල්පැනි රස කැවිලි පලතුරු එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමට   පාර්ලිමේන්තු මහ ලේකම්වරිය  තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවට ආහාරපාන මිලදී ගැනීම සඳහා 2023 වර්ෂයේදී  රුපියල් විසිතුන් කෝටි දෙලක්ෂ හැටහත්දහස් අටසීයයි ශත අනූහතක මුදලක් (230,267,800.97) වැය කර තිබුණි.

පානීය ජල බෝතල් මිලදී ගැනීම සඳහා එම වර්ෂයේ දී වැය කෙරුණු මුදල  රුපියල් විසිපන්ලක්ෂ හැත්තෑතුන් දහස් විසිපහකි.

පාර්ලිමේන්තුවේ ආහාර පාලන හා ගෘහ පාලන දෙපාර්තමේන්තුව 2023  වර්ෂයේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 91කට සහ මන්ත්‍රිවරුන්ගේ අමුත්තන්ට හා කාර්යමණ්ඩලයේ 3,71,192 දෙනකුට භෝජනාගාර පහසුකම් සපයා තිබු බව  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එම  වර්ෂයට අදාළ  කාර්යසාධන වාර්තාවේ සඳහන්වේ.



අදහස් (5)

මන්ත්‍රීවරු කෑමට පස්ස ගහලා

de silva Saturday, 15 March 2025 02:51 PM

පෙරේරා සහ සමාගම වැනි ලංකාවේ ආහාර පාන සඳහා ප්‍රසිද්ධ සමාගමකට පාර්ලිමේන්තුවේ කැන්ටිම කරගෙන යන්න ඉඩ දුන්නා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ. සැපයුම් කරුවෝ සොයන්න, කෝකියෝ සොයන්න, මේවා ඔක්කෝම රජයෙන් කරන්න ගියාම විශාල වියදමක් යනවා. එතකොට කෑමවේලක් 1200 වෙන එකක් නැහැ. සාමාන්‍ය ජනතාව ආහාරයට ගන්නේ මේවා... ජනතාවට සේවය කරන දේශපාලකයින් සහ නිලධාරීනට මේවා හොඳ නැති වෙන්න බැහැ...

:       2       29

ravin Saturday, 15 March 2025 03:54 PM

ඇඟට හත්ගව්වක් දුරින් බඩගෙඩිය ගිය අයගේ බඩගෙඩි එහෙම නම් දැන් අඩුවෙයි. .

:       0       2

sugath Saturday, 15 March 2025 04:00 PM

පාර්ලිමේන්තුවට වෙනම භෝජනාගාර කාර්ය මණ්ඩලයක් සහ මුළුතැන්ගෙයක් නඩත්තු කරන්න ගියාම පිරිවැය අධික වෙන නිසා, ආහාර පිළියෙළ කරන විශාල තුන්වන පාර්ශ්වයකින් කෑම ලබා ගැනීමෙන් මේ පිරිවැය බොහෝ දුරට අඩු කරගත හැකිය...

:       0       7

කපුරු හාමි Saturday, 15 March 2025 04:09 PM

ඉස්සර වගේ බඩජාරි කමට කාලා, ගෙවල් වලටත් අරන්ගිය දේශපාලුවන්ට දැන් කරන්න දෙයක් නැහැ.

:       0       4

sandirigama Saturday, 15 March 2025 04:25 PM

පාර්ලිමේන්තු සේවකයින්ට වෙනත් රාජ්ය සේවකයින්ට නැති අයථා ලෙස නතුකර ගත්තු වාසි රාශියක්ම තියෙනවා. ඉතා සුළු නොවටිනා මුදලක් පඩියෙන් කපලා ඉතා ඉහළ මිලක ආහාර ලබා ගන්නවා. ඒක නිසා තමා කෑම සඳහා විශාල පිරිවැයක් යන්නේ. කෝටි ගණනක් වියදම් යන්නේ, මුළු රටක් බදු සල්ලි සේවකයින්ට කන්න දෙනවා. දේශපාලකයෝ නොව මෙන්න මේ සේවකයින්ගේ සමස්ත පිරිවැය ගණනය කරලා බලන්න. දේශපාලකයින්ගේ කෑම වේලේ මිල වැඩි කළාට සේවකයින්ගේ කෑම වේලේ මිල වැඩි කළේ නෑ. සේවකයෝ විශාල ගණනක්, තුට්ටුවක් ගෙවලා නිකන් වගේ කෑම දිනපතා ගන්න නිසා පාර්ලිමේන්තුව පවත්වන්න අති විශාල පිරිවැයක් යන්නේ. මෙව්වා තමයි හැදෙන්න ඕනෑ තැන්, රාජ්ය වියදම් අඩු කරගන්න. දිනපතා කොටින්ම පාර්ලිමේන්තු සේවකයින්ට භෝජනාගාරයක් හෝ කෑම ලබා දෙන්න අවශ්‍ය නෑ. පිට ළමයි ට්‍රිප් එකක් ආපුවාම මිල ගෙවලා එළියෙ කැන්ටිමෙන් කන්නේ, එම මිල පිට කඩයක මිලට සමානයි. සේවකයින්ට කෑම දෙද්දි තමයි විශාල පාඩුවක් වෙන්නේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

දියත

අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
2025 මාර්තු මස 15 480 3

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක


ජීඑස්පී ප්ලස් කණ්ඩායම අප්‍රේල් දිවයිනට
2025 මාර්තු මස 15 441 0

පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා


මන්ත්‍රීවරු කෑමට පස්ස ගහලා
2025 මාර්තු මස 15 3793 5

දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.


සේදවත්තේ දෙදෙනකු කපා කොටා ඝාතනය කරලා
2025 මාර්තු මස 15 1037 1

පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.


බටලන්ද වාර්තාවෙන් චෝදනා ලැබූ කට්ටිය මෙන්න..
2025 මාර්තු මස 15 3953 1

බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ


මෝදි අප්‍රේල් මුල ලංකාවට
2025 මාර්තු මස 15 626 2

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 283 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 648 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 273 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site