IMG-LOGO

2025 ජනවාරි මස 27 වන සඳුදා


මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුව 19 කැඳවයි

(මනෝප්‍රිය ගුණසේකර)

පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 19 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල  නියම කළේය.

මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින විත්තිකරුවන් 37 දෙනා එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළ විනිසුරු මඩුල්ල ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් 05 දෙනාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.

මහධිකරණ විනිසුරුවරුන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති) රශ්මි සිංගප්පුලි සහ රුවන් පතිරණ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

මෙය සමාජයේ මහත් කැළඹීමක් කළ සිදුවීමක් නිසා මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතීපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී.

2022 මැයයි මස 09 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිට්ටඹුව ප්‍රදේශයේදී පාර්ලිමෙන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් නිලධාරියාට පහරදී ඝාතනය කිරීම ඇතුළු චෝදනා 14ක් යටතේ විත්තිකරුවනන්ට එරෙහිව නඩු පවරා ඇත.

 



අදහස් (0)

මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුව 19 කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත


පුංචි ඡන්දය ගැන ශේෂ්ඨාධිකරණ මතය ඉදිරි දිනකදී
2025 ජනවාරි මස 27 120 0

පළාත් පාලන ඡන්ද විමසීම පිලිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගොනුකර තිබු පෙත්


පළමු ලුණු තොගය දිවයිනට
2025 ජනවාරි මස 27 204 0

ඉන්දියාවෙන් ඈනවූම් කළ ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් අද (27) දිවයිනට පැමිණි බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.


විදුහල්පතිට ඉවත්වන්නැයි විරෝධතාවක්
2025 ජනවාරි මස 27 203 0

කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාල ජාතික පාසලේ විදුහල්පතිවරයාට ඉවත් වන්නැයි පවසමින් ජාතික පාසල සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක


පාර්ලිමේන්තු සේවකයින්ගේ හිලව් දීමනා දෙවැනි වරටත් ඉවතට
2025 ජනවාරි මස 27 844 5

පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.


වතු ජනතාවට මහල් නිවාස ක්‍රමයක්
2025 ජනවාරි මස 27 465 3

වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 32 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 581 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 664 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site