IMG-LOGO

2024 නොවැම්බර් මස 02 වන සෙනසුරාදා


’’මම කාටවත් යට වෙන්නෙ නෑ’’

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

තමා කිසිවකුගේ බලපෑම්වලට යටවීමට සූදානම් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවැසීය .

ඔහු මෙසේ පැවසුවේ තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් බලපෑම් එල්ල වන්නේ ඇමරිකාවෙන්ද නැතිනම් ඇමරිකාව සමග ගනුදෙනු කරන වෙනත් පුරවැසියෙකුගෙන් දැයි  බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී  චමින්ද විජේසිරි මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ එහිදී ඇති වූ සංවාදය යි.

බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා:

"තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් කෝටි හැට දහසක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යනවා. ඇමෙරිකානු තානාපතිනිය මේ පිරිපහදුව ඉල්ලා  බලපෑම් කරනවා.ඇමරිකාවෙන් අද ඔබතුමාට බලපෑම් වැඩියි.මේ බලපෑම් කරන්නේ ඇමරිකාවද එහෙමත් නැතිනම් ඇමරිකාව සමග සම්බන්ධතා පවත්වන වෙනත් පුරවැසියන්ද.ඒ නිසා ඔබේ අමාත්‍යාංශයට සහ දේශපාලනයට යම් ගැටලුවක් තිබෙනවාද ?  උගත් බුද්ධිමත් ඇමතිවරයෙක් විදියට ඒ බලපෑම්වලට යටවී මේ ටෙන්ඩරය ලබාදීමට සූදානම්ද.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා :

ගරු කතානායකතුමනි,  මම මේ ඇමති ධුරයට පත්කර තිබෙන්නේ ගරු අගමැතිතුමාගේ නිර්දේශය යටතේ අතිගරු ජනාධිපතිතුමන් . මට ඉහළින් ඉන්නේ එතුමන්ලා පමණයි. ඒ දෙදෙනා මගේ අමාත්‍යාංශයට කිසිම දවසක බලපෑමක් කරල නැහැ.උපදෙස් දීලා තියෙනවා .තොරතුරු විමසලා තියෙනවා .නමුත් කවදාකවත් බලපෑමක් කරල නෑ."

"තානාපතිවරු මාව හමුවෙලා කරපු සාකච්ඡා ගැන මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් දැනුම් දුන්නා.ඒ තානාපතිවරුන් තමන්ගේ රටේදැවැන්ත සමාගම් වෙනුවෙන් පෙනී සිටිමින්  කටයුතු කරද්දි කතා කරද්දි තමා මේ ටෙන්ඩරය  ලංකාවට වාසිදායක කෙනාට ලබාදෙන බව දැනුම් දුන්නා. මම ලිඛිතවම දැනුම් දුන්නා .ඇමරිකානු තානාපතිනිය මට ලියුමක් එවපු බව ඇත්තයි.එතුමිය මා හමුවුණු බවත් ඇත්තයි. ඒ සාකච්ඡාවේදී සිදුවුණු දේවල් ගැන මම  අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් දැනුම් දීලා තියෙනවා.ඔබතුමාට මම එක සහතිකයක් දෙනවා .කිසිවකුගේ බලපෑම්වලට මම යට වෙන්නේ නැහැ.

විජේසිරි මහතා:

ඇමතිවරුන්ට විදේශ තානාපතිවරුන් ගෙන්  බලපෑම්  එල්ලවීම  දිගින් දිගටම සිදුවෙමින් තිබෙන බව ඔබතුමා  පිළිගැනීම ගැන මම සතුටු වෙනවා.


 



අදහස් (6)

’’මම කාටවත් යට වෙන්නෙ නෑ’’

Kumara Thursday, 08 July 2021 02:36 PM

මිනිස්සු යටකරලා හපකරලා දානවා.

:       10       87

Sanath Arachchi kittuw Thursday, 08 July 2021 03:18 PM

ඔබතුමා බොහෝම බලවන්තයි. තේජවන්තයි. ඔබතුමා බයවෙන්න එපා. ඔබතුමාව යැව්වොත්, අපේ පරම්පරාවේ හපුයියෙක් ගෙන්න ගන්නවා.

:       0       59

Nihal Thursday, 08 July 2021 04:30 PM

ඔබ වෙනුවෙන් මගේ ජීවිතය කැප කරනවා සත්තයි...!!!

:       0       0

ගිජුලිහිණි සංදේශය Thursday, 08 July 2021 04:45 PM

රට බිම දමා පාගන බව දන්නේය... පිටපිට ගුටි කතත් තව මර නින්දේ්ය... කට මැත කියන්නේ සක්වල පව්වේය... අපි කියන්නේ අං නැති මීමාය...

:       0       0

ranjith Thursday, 08 July 2021 05:55 PM

අනේ පව්නේද?

:       0       1

pradeepa Thursday, 08 July 2021 06:37 PM

ඔබතුමාට ඉහළින් 02 නෙමෙයි එන්නේ 03... හොඳට බලන්න මොලයක් තියෙනවා නම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 215 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 110 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 182 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 709 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 943 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1144 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1198 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site