IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මම බාර ගත්තේ අපායට වැටුණ රටක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා  බාරගත්තේ අපායට වැටුණු රටක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

 රට මෙන්ම ආර්ථිකය ගොඩනැගීමේ අභියෝගය මා බාර ගත්තේ දුෂ්කර  මොහොතකයි. මම කිසිම කොන්දේසියක් නැතිව රට බාරගත්තා.බයක් සැකක් නැතිව  රට බාරගෙන හදන්නට හැකි බවට මට විශ්වාසයක් තිබුණා.

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට තුනක්වත් වේ යැයි මා සිතනවා. මේ වන විට විදේශ ශ්‍රමිකයන් එවන මුදල් ප්‍රමාණය වැඩි වී තිබෙනවා.

මේ තත්ත්වය උදාකර ගන්නට හැකි වුණේ අභියෝගාත්මකව දුෂ්කර මාර්ගයේ ගමන් කිරීමට හැකිවීම නිසයි.

සියලු අපවාද මැද අප වැල් පාලම තරණය කරන්නට පටන් ගෙන තිබෙනවා. 

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම හැර වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ. ර⁣ට ගොඩනගන්න නම් කවුරුන් හෝ වෙනසකට මුල පිරිය යුතුව තිබුණා.

 

 



අදහස් (29)

මම බාර ගත්තේ අපායට වැටුණ රටක්

Achini Thursday, 09 May 2024 09:59 AM

හොරා කාපු හින්දා තමයි රට ඔච්චර වැටුනේ .දැන් හොරා කාපු උන්ට සුර සැප.ජනතාවට දුක් බර

:       190       148

පිටරටවැසියා Thursday, 09 May 2024 09:59 AM

ඔයගොල්ලො ඔක්කොම එකතුවෙලා තමයි රට වසර 76ක් තිස්සෙ රටයි, රටේ ජනතාවයි අපායට දැක්කුවේ. දැනුත් මේ රට සහ ජනතාව අපායේ, දියවන්නාවේ 226 ම දිව්‍යලෝකෙ සුර සැප විඳිත්දී...

:       195       165

VithanaSaturday, 11 May 2024 07:31 AM

රට ගොඩගන්න ඕනේ කියලා බිලියන ගාණක් වටිනා බස්, ට්‍රාන්ස්ෆොර්ම ගිනි තියපු ජෙප්පෝ හෝ ගාලා කොමන්ට්ස් දාලා. හතර කොනෙන් හිනා. සමහරු ඒවා කරලා ජීවිත බේරාගන්න 88-89 කාලේ රට පැනපු අය. සමහරු කොරියාවේ ඉඳන් ලියන අය...!

:       0       0

yassaya Thursday, 09 May 2024 10:01 AM

අපායට වැටුණ රට නිරයටම ඇදල දාපු අමනයා

:       251       163

Ashoka Thursday, 09 May 2024 10:01 AM

භාර ගත්තද නැත්නම් රාජපක්ෂලා එක්ක ඩිල් දාලා ඩලස් ව පරද්දල ඔතනට ආවද ? හරියට එකක් කියන්න ,අනික රට කොහොමද වැටුනේ කියලත් ඔය ගමන් ම කියුවනම්

:       193       147

sachith Thursday, 09 May 2024 10:04 AM

මේ රටේම 5 පාරක් අගමැති ,අවුරුදු 50 ක් විතර පාර්ලිමේන්තු මන්ත්‍රී .දන්නවා ඇතිනේ කවුද මේ රට අපායට ගෙනිච්චේ කියලා නේද ?

:       217       178

wedage Thursday, 09 May 2024 10:12 AM

මට භාර දුන්නේ කියලා වෙනස් කරන්න .අනික් එක මම මහබැංකුව කලින්ම කඩලා බංකොලොත් කරලා තිබුනා කියන්න හොදේ

:       105       24

සිල්වා Thursday, 09 May 2024 10:12 AM

ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි. නමුත් රට විනාශ කරපු පිරිස නැවත හිස එසවීමට ඉඩ දීම අනුමත කල නොහැකියි.

:       13       290

ලුම්බිණි Thursday, 09 May 2024 10:14 AM

දැන් අපි අපායෙන් ගොඩ ඇවිල්ලද?

:       111       15

Kapila Thursday, 09 May 2024 10:31 AM

දැන් අපි ඉන්නේ අපායේ ඉන්ටවල් එකේ. අස්වැසුම, හාල් 20kg එහෙම ලැබෙන්නේ එකනේ. හැබැයි ඉන්ටවල් ඉවර වෙනකොට විඳවන්න වෙනවා සමස්ත ජනතාවටම. එහෙත් රට අපායට ගෙනගිය අය තාමත් සුරසැප විඳිනව.

:       101       13

අරවින්ද මොනරවිල Thursday, 09 May 2024 10:35 AM

කවුද රට අපායට වැට්ටුවේ අපිද නුඔලාද ? දැන් රට සුරපුරයක් කියලද හිතන්නේ ? මේ රට විනාශ කල හොරුන් දූෂිතයන්ට දඩුවම් දිලා නැවත හොරකම් නොකරන යුගයකට රට ගෙන නොයන තුරු රට අපායක්ම තමයි.

:       24       18

Perera Thursday, 09 May 2024 10:42 AM

අවුරුදු 45 ක් පාර්ලිමේන්තුවේ ඉදගෙන තමනුත් කෙරුවේ රට අපායට වට්ටන්න එක බව මතක තියාගන්න

:       43       14

Nimal Thursday, 09 May 2024 10:42 AM

අපායට වැටෙන්න ලොකුම හේතුව කවුද?

:       19       12

ජයනාත් Thursday, 09 May 2024 10:46 AM

රට අපායට දැම්මෙ කවුද ..අපිද... රට කාල කාබාසිනියා කරල පඩි කතා එපා.

:       24       12

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 09 May 2024 11:06 AM

අපායට වැටුණු රට නොව ඔබ හා ඔබේ පක්ෂය ඇතුළු නිල් - කොළ දුෂිත දේශපාලකයින් එකතුවෙලා හොරා කාල අපායට වට්ටපු රට. ලජ්ජා විය යුතුයි මෙවැනි ප්‍රකාශ කිරීම වෙනුවෙන්. ලෝකයේ සුන්දරම සහ බහු සම්පත් වලින් පිරිපුන් වාසනාවන්ත රටක්. අතිශයින්ම දුශිත චෞර වළල්ලක් මේ රට අපායක් කලා. නියම පාලකයින් අතට පත්වූ දිනක මේ රට සුන්දර වේවි.

:       86       44

දුෂාන්ත Thursday, 09 May 2024 11:21 AM

ඔහේගේ කාලේ තමා මහ බැංකුව කොල්ලකෑවේ. රටේ වෘත්තිකයන්ට 36% බදු ගහලා ඒ සල්ලි රටේ නිශ්පාදන ක්‍රියාවලිය දියුණු කරන්න යොදවන්නේ නැතුව අස්වැසුම කියලා නිකන් බෙදලා දෙනවා ඡන්ද බිලීබාගන්න. මරු නායකයා.

:       19       12

fairoos Thursday, 09 May 2024 11:23 AM

ඒත් එක්කම රට අපායට වට්ටපු අයටත් දඬුවම් කරොත් තමයි හොඳ .ඒ අයට සැප

:       20       15

Rata Perata Thursday, 09 May 2024 11:41 AM

මේ මිනිහාගේ මේ අදෝනාව අහලා එපා වෙලා .පිනා වගේ පැනලා අරගෙන දැන් කියවනවා .කරනවා නම් හරියට කරන්න .හොරකන් කරපු උන් අල්ලලා .නිකන් පිස්සෙක් වගේ අඩන්නේ නැතුව

:       31       23

වනිගරත්න Thursday, 09 May 2024 11:44 AM

ඈ බන් උඹ හිතනවාද දැන් සුර ලෝකයක් කියලා සුර ලෝකයක් අපායක් කරපු එකෙක් බයිලා ගහනවා

:       9       25

DHARMATILEKE Thursday, 09 May 2024 12:33 PM

ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ... රට අපායක් කෙරුවේ ගෝඨාභය, මහින්ද, බැසිල්, කබ්රාල්, ලක්ෂමන් සහ ජයසුන්දර

:       1       22

A Pohottu Suporter Thursday, 09 May 2024 12:47 PM

රනිල් කලබල වෙන්න එපා; ඔබ රට හැර යන්නේ ඊටත් වඩා නරක තත්වයක ය

:       23       30

Vithana Thursday, 09 May 2024 01:15 PM

සජිත් අනුර විතරක් නෙවෙයි කයිවාරු කාරයෝ මෙතනත් ලියලා තියෙනවා. කයිවාරු ගහන්න ලේසියි ඒත් මීට අවුරුදු 3 කට කලින් තිබුණු තත්වෙන් රට ගොඩ ගන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බැරුවයි හිටියේ මේ සියලු කයිවාරු කාරයන්ට. ඒ තත්වේ තිබුනා නම් මෙයාලා මේ මොහොතෙත් පෝලිම්වල.

:       126       204

රෝයි ෆෙඩ්රික්ස්Thursday, 09 May 2024 02:26 PM

හැබෑද අප්පුහාමි? මුන්නැහැට ඒ අවදියේ උලා කන්න යමක් තිබුනේමනැතුව ඇති නේද? දැන් රනිල්බාප්පා ඇති පදම් පුන්නක්කුයි පිදුරුයි දෙනවද?

:       16       9

වයි. බණ්ඩාර Thursday, 09 May 2024 03:05 PM

78 න් පස්සේ රට කරවපු හැමෝම එකතුවෙලා රට වලපල්ලට යවලා දැන් බයිලා ගහනවා. රළු බාර ගත්තේ ගොඩ දාන්නද? නැත්නම් ගොඩ වඩා ගන්නද?

:       19       15

Pankumburage Thursday, 09 May 2024 03:34 PM

රට අපායක් කළාට 77න් පස්සේ ආපු ඔක්කෝම වග කියන්න ඕනෑ. දැන් බයිලා කියනවා...!

:       4       8

ගමේ එකාලා Thursday, 09 May 2024 03:36 PM

බාරගත්තා නෙවෙයි, බාර දුන්නා. දූෂිත පවුල් පාලකයෝ? රට අපායට වැට්ටුවේත් දූෂිත දේශපාලුවන් මිසක් වෙන කවුද?

:       12       10

නිහාල් Thursday, 09 May 2024 03:45 PM

පාර්ලිමේන්තුවේ එදා ඉඳලම ඉඳලා රට අපායට වැටුණා නම් ඒකට ඔහෙත් වගකියන්න ඕන

:       17       10

Galkotuwe Gedara Suneth Hemantha Kumara Thursday, 09 May 2024 04:50 PM

ටිකක් හරි රට හොදට තිබුන කාලේ යමක් කරන්න තිබුනා නේද, අනිත් රටවල් ගානට මේ රටත් ගෙන්න. ඇයි රට අපායට වැටෙනකම්ම හිටියේ.

:       8       9

Jayamanna Thursday, 09 May 2024 08:19 PM

අළු ගසලා ඉන්න JVP වනචාරී උන්ගේ කමෙන්ට්ස් කොහොමද.මුන් හිතන් ඉන්නේ හරි ඉහලින් .ලොකු ටෝක්ස් ,වැඩ බින්දුවයි

:       2       68

ඔබේ අදහස් එවන්න

දියත

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 25 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 655 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1538 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3441 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1806 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 691 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site