IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


“මයිකල් නේස්බි සාමිවරයා හැමවිටම අපිට ලොකු ශක්තියක් වුණා’’

( තිළිණි ද සිල්වා )

ජාත්‍යන්තර ප්‍රජාවගෙන්  ශ්‍රී ලංකාවට චෝදනා  එල්ලවූ සෑම අවස්ථාවකදීම මයිකල් නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ලංකාව වෙනුවෙන් පෙනී සිටිය බවත් , ඒ පිළිබද තේරුම්ගත් එවැනි දේශපාලනඥයෙක් සිටීමට හැමවිට ශ්‍රී ලංකාවට වාසියක් වූ  බව ද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා බ්‍රිතාන්‍යයේදී කියා සිටියේය.

මේ දිනවල බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා , මයිකල් නේස්බි සාමිවරයා ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම සාමාජිකයන් රැසක් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් පිරිසක් අමතමින් මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා  මෙසේද කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පවතින ගැටලු ඉතාම සංකීර්ණ දෙයක් .සත්‍ය වශයෙන්ම බ්‍රිතාන්‍ය තුළත් , ජාත්‍යන්තරය තුළත්  මේ දේ ඉතා හොදින්ම දැනගත්තේත්  , ඉතා හොදින් තේරුම් ගනු ලැබුවේ මයිකල් නේස්බි සාමිවරයායි.නේස්බි සාමිවරයා ලංකාව ගැන ඉතා හොද අවබෝධයකින් සිටීම ලංකාවට හැම විටම වාසියක් වුනා.

මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා දිගින් දිගටම එල්ල වූවත් , මේක ඉතාම සංකිර් ණ ප්‍රශ්නයක් වූවා.එය තේරුම් අරන් කටයුතු කළ පුමුඛතම බ්‍රිත්‍යාන්‍ය දේශපාලනඥයා නේස්බි සාමිවරයායි.ලංකාව වෙනුවෙන් හැමවිටම පෙනී සිටිමින් , එහි වාසිය ලංකාවට නිරතුරුවම දුන් නේස්බි සාමිවරයාට මා හද පතුලෙන්ම ස්තූතිය පළ කර සිටිනවා.

තවත් දෙයක් මෙහිදී සදහන් කළ යුතුයි.ඒ තමයි බ්‍රිතාන්‍ය තුළ අධ්‍යාපනය ලැබූවෙකුට ලංකාවේ හෝ වේවා වෙන ඔනෑම රටක ඔනෑම වෘත්තීයක නිරත විය හැකියාව හා පරිචය හැමවිටම හිමිවන බවද අමාත්‍ය මහචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙහිදී මයිකල් නේස්බි සාමිවරයා විසින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසට  බ්‍රිතාන්‍ය  සාමි මන්ත්‍රී මණ්ඩලයේ ඇට්ලී ශාලාවේ දී  දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වනු ලැබීය.ඊට බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මියද එක් වූවාය.



අදහස් (3)

“මයිකල් නේස්බි සාමිවරයා හැමවිටම අපිට ලොකු ශක්තියක් වුණා’’

පිටරැටියා Wednesday, 27 October 2021 11:34 PM

ලියම් ෆොක්ස්ව ගෙන්න ගෙන කරපු හරිය අමතක උනාද.

:       0       0

Senarath Thursday, 28 October 2021 11:38 AM

නේස්බි සාමිවරයා තුමා අපේ රට ගැන දෙමල කොටි ඩයස්පෝරාව කරන බොරු චෝදනා හැමතිස්සෙම එ රටේ පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් විවේචනය කළා හොඳ සාක්ෂි සහිතව .එහෙම නොකලා නම් අපේ රටට මීට වඩා වැඩි කරදරවලට මුහුණ පාන්න වෙනවා .එතුමාට ඉතාම කෘතවේදී වෙනවා

:       0       2

Alfread de Costa Thursday, 28 October 2021 11:45 AM

ගෝලීය දේශපාලනේ කියන අඳුරු වලාවේ රිදී රේඛාව තමයි නෙස්බි සාමිතුමා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 446 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2189 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 11 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 577 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 374 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1216 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 343 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 625 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1787 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site