( ලලිත් නවරත්න)
හලාවත මුහුදේ ධීවර රැකියාව සඳහා හලාවත මෝයකටෙන් ඇතුලූ වීමට උත්සාහකළ ධීවරයන් දෙදෙනෙකු මුහුදට වැටීමෙන් එක්අයෙකු අද 17 මරණයට පත්ව ඇතිබව හලාවත පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇතිතේ හලාවත වැල්ල කුරුසපාඩුව පදිංචි වර්ණකුලසූරිය ජෝසප් නැමති 46 හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු සමග ඔහුගේ වැඩිමහල් ඥාති සොහොයුරෙකු සුපුරුදු පරිදි අද මෙම ධීර රැකියාව සඳහා බෝට්ටුවකින් අද පෙරවරුවේ පිටත්ව ඇති අතර කලපු තීරයේ සැතපුම් 2ක පමණ දුරක් ගෙවාගන
ගොස් මෝයකටෙන් මුහුදට ඇතුලූවීමට යාමේදි වාරකම් තත්වයත් සමග බෝට්ටුව ඇලවී මෙසේ බෝට්ටුවේ සිටි ධීවරයන් මුහුදට විසිව ගොස් ඇතිබව පොලීසිය සිදුකළ විමර්ෂණයකදී තහවුරුව ඇත.
මෙහිදී එක් පුද්ගලයෙකු රැල්ලත් සමග වෙරලට ගසාගන පැමිණ ඇතිඅතර මරණයට පත්වඇති පුද්ගලයා දියබට ගසාගනගොස් ඇත.
අනතුරුව ධීවර කර්මාන්තය සඳහා මුහුදට ගිය ධීවරයින් එකතුව මරණකරු නැවත වෙරලට ගෙනවිත් ඇතිබව පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා රෝහල්ගත කරන අවස්ථාවේදී මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෘතශරීරය සම්බන්ධයෙන් පීසී ආර් පරීක්ෂණයකින් හා පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව ඥාතීන්ටභාරදීම සිදුකරන බව රෝහල් බලධාරීන් පවසයි.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ
බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්
කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මෝය කටෙන් දියඹට යන්න ගිය ධීවරයෙක් මරුට