IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ලංකාවේ අයි.එස්ලා

(විමුක්ති එස් රුද්‍රිගු)

අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්‍රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බවත් ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරයකට සූදානමින් ඉන්දියාවට පැමිණ ඇති බවත් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව ගුජරාට් පොලිස් ප්‍රධානී විකාස් සාහේ මහතා ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගත් 33 හැවිරිදි නුස්රත් අහමඩ් ගානි මීගමුවේ පදිංචිකරුවෙකු බවත් 27 හැවිරිදි නෆ්රාන් නවුෆර්, 35 හැවිරිදි ෆාරිස් ෆාරුක් සහ 43 හැවිරිදි රස්ඩීන් අබ්දුල් රහීම් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔහු පැවැසුවේය.

එසේම අහමඩ් ගානිට වලංගු පකිස්තාන වීසා බලපත්‍රයක් තිබූ බවද සාහේ මහතා සඳහන් කළේය.

ත්‍රස්තවාදීන් සතුව තිබූ ජංගම දුරකථන දෙකක්, ගමන්මලු සහ ගුවන් ගමන් බලපත්‍ර පොලිස් බාරයට ගත් බවත් එක් ගමන් මල්ලක තිබී අයි.එස් ත්‍රස්ත සංවිධානයේ කොඩියක් සොයාගත් බවත් පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.

ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගත් ජංගම දුරකතන වලින් ලබාගත් ඡායාරූප, කෙටි පණිවුඩ සහ අනෙකුත් තොරතුරු වලින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයි.එස් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් යැයි හෙළිවූ බව සාහේ මහතා පැවැසුවේය.

ත්‍රස්තවාදීන් සිව් දෙනාට කතා කළ හැකි එකම භාෂාව වූයේ දමිළ භාෂාව බවත් ඔවුන්ට හින්දි සහ ඉංග්‍රීසි බස තේරුම් ගැනීමට නොහැකි වූ බවත් පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් ප්‍රශ්න කිරීම්වලදී භාෂා පරිවර්තකයකු යොදා ගැනීමට සිදුවූ බවද ඔහු පැවසුවේය.

ශ්‍රී ලාංකික ත්‍රස්තවාදීන් සිව්දෙනා ඔවුන්ගේ බාරකරු වූ පාකිස්තානයේ පදිංචි අබූ නැමැත්තාගෙන් උපදෙස් ලැබෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිට ඇති බවත් අබූ නමැත්තා ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදීන් සිව් දෙනාට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා රුපියල් ලක්ෂ හතර බැගින් ලබා දී ඇති බවත් ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව සාහේ මහතා ප්‍රකාශ කළේය.

අබූ නැමැත්තා ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයට පදිංචියට ගිය අයෙකු බවත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා පසුගිය පෙබරවාරි මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ අබූ නැමැත්තා හඳුනාගෙන ඇති බවත් ඔහු පැවැසුවේය. අබූ හඳුනාගැනීමෙන් පසුව අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැඩාඩිගේ අනුගාමිකයන් බවට පත් වී ඇති බවද සාහේ මහතා ප්‍රකාශ කළේය.

පොලිස් බාරයට ගත් ජංගම දුරකතන දෙකේ තිබී ඉන්දියාවේ විවිධ ස්ථානවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලැබුණු බවත් ඉන් ලැබුණු තොරතුරු මත වහාම ක්‍රියාත්මක වූ ත්‍රස්ත මර්දන ඒකකය නිශ්චිත ස්ථානයක් සෝදිසි කිරීමේදී පාකිස්තානයේ නිෂ්පාදිත පිස්තෝල තුනක් සහ පතොරම් තොගයක් සොයාගත් බවත් ඔහු පැවැසුවේය.

ගමන් මල්ලේ තිබී සොයා ගත් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ කොඩිය පිළිබඳ ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රශ්න කෙරූ අවස්ථාවේදී එම කොඩිය මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේදී තමන් ළඟ තබාගන්නා ලෙස අයි.එස් සංවිධානයෙන් නියෝග ලැබුණු බව ඔවුන් ප්‍රකාශ කළේ යැයි පොලිස් ප්‍රධානියා සඳහන් කළේය.

 

 

 

 



අදහස් (16)

මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ලංකාවේ අයි.එස්ලා

සමන්ත Tuesday, 21 May 2024 10:06 PM

ලස්සන කතාව. ෂෝක් එකට ගැලපෙනවා. රෝ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙකුට ගහන හැටි අපුරු නැද්ද මම අහන්නේ?

:       27       9

Siripaala Wednesday, 22 May 2024 03:14 AM

මේවා ගමන් මලුවල තියාගෙන ලංකාවෙන් පිට වුණේ කොහොමද, උපදෙස් දුන්න අයිඑස් සංවිධායකයින් කවුරුන්ද, ලංකාවේ තව මේවගේ කීදෙනෙක් ඉන්නවද කියලත් හෙව්වොත් තමා හොඳ. ඒ වගේම ඡන්දයක් ළඟ එන නිසා අටවන ලද කපුටු උගුලක්ද කියන්නත් බැහැ.

:       18       26

Indhika Wednesday, 22 May 2024 05:35 AM

අපි ඕවා ගැන කතා කරන්නේ නෑ. සහජීවනයට හානි වෙනවා.

:       2       32

Nandasena Wednesday, 22 May 2024 06:09 AM

ඒ රටවල සීරුවෙන් ඇහැ ගහන් ඉදලා ආපු හැටියේ අල්ලගන්නවා. අපේ රටේ ඔත්තුව ලැබිලා තියෙද්දිත් වැඩේ වෙන්ඩ දීලා ඉන්නවා.

:       0       23

Kasun Wednesday, 22 May 2024 06:54 AM

ලංකාවේ අහු වුනා නම් අනිවාර්යෙන්ම කාගේ හරි ප්ලැන් එකක් කියාවි.. බෝහෝ විට රාජපක්ෂ කෙනෙක්ගේ කියලා

:       4       17

NASAR Wednesday, 22 May 2024 08:13 AM

අනේ කට්ටියව අවුරුදු පෙන්නන්න එක්ක යන්න .... මෙයාලාව තියාගන්න වටින්නේ නැ

:       1       15

Bunny Preena Wednesday, 22 May 2024 09:06 AM

ඔවුනට ගෙවුණු එකක්වත් නිකන් අත හරින්න එපා.. හොඳ වේලාවට මොවුන් පොලිසියට අසු වුණේ .. ආයෙත් අවස්ථාවකදී දේශපාලකයෝ මංකොල්ල කාරයෝ ජාති වාදිය අවුස්සලා තරහ කරන්න බැරි නෑ

:       0       9

jOE Wednesday, 22 May 2024 09:27 AM

ඉන්දියාවේ ඡන්දය පැවෙත්වෙන මේ වෙලාවේ , ලංකාවේ ඡන්දය පැවෙත්වෙන්න තියන වෙලාවේ, මේක දේශපාලන ගේමක් කියලා හිතෙන්නේ මට විතරද ?

:       27       6

පිටරටවැසියා Wednesday, 22 May 2024 09:29 AM

ඉන්දියාවනම් මේ ත්‍රස්තවාදීන් සිව් දෙනා ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගත්තා. ලංකාවේ පල්ලිවලට ගහන දවසයි, වෙලාවයි තොරතුරු ලැබිලත්, බෝම්බ පුපුරලා, ජිවිත ගණනාවක් නැතිවුණා, සමහරු අදටත් එකතැන් !!!

:       5       22

BITTER TRUTH Wednesday, 22 May 2024 10:22 AM

මාධ්‍යට කට්ටියගේ පින්තුර මුදා හැරලා ඇයි නිව්ස් විඩියෝවේ එකේ මුහුණු වහලා ? ඉන්දියාවේ ඡන්දය පැවෙත්වෙන මේ වෙලාවේ , ලංකාවේ ඡන්දය පැවෙත්වෙන්න තියන වෙලාවේ, මේක දේශපාලන ගේමක් කියලා හිතෙන්නේ මට විතරද ?

:       0       0

BITTER TRUTH Wednesday, 22 May 2024 10:27 AM

මාධ්‍යට කට්ටියගේ පින්තුර මුදා හැරලා ඇයි නිව්ස් විඩියෝවේ එකේ මුහුණු වහලා ? ඉන්දියාවේ ඡන්දය පැවෙත්වෙන මේ වෙලාවේ , ලංකාවේ ඡන්දය පැවෙත්වෙන්න තියන වෙලාවේ, මේක දේශපාලන ගේමක් කියලා හිතෙන්නේ මට විතරද ?

:       0       0

අනිල් කුලතුංග Wednesday, 22 May 2024 11:33 AM

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හොයාගන්න පුළුවන් මේ හතර දෙනා අරං ඇවිත් තලතලා ඇහුවෝතින්...

:       1       1

Cisco Wednesday, 22 May 2024 11:35 AM

අරෙහේ කොටසක් රුසියන් යූක්රේන යුද්දෙට ගිහින් මැරෙනවා... මෙහෙන් අයි.එස්. මූදල් තන්හාව තමයි මුල...!

:       0       2

Hira Wednesday, 22 May 2024 12:11 PM

මුජිබර් රහුමාන් ඇමතියා මේ ගැන තාම සද්දයක් නැත්තේ මොකද? ගෝඨාභයගේ එකවුන්ට් එකේ ඉඩ නැද්ද?

:       3       2

fairoos Wednesday, 22 May 2024 12:19 PM

ලංකාවේ පොලීසියට මේවා හොයාගන්න බැරි එක තමයි ප්‍රශ්නේ... මේ කට්ටිය ඉන්දියාවේ හිරේම තියාගන්න කියන්න.

:       0       4

Bamunuarachchi Saturday, 25 May 2024 05:57 AM

ඔවුන්ගේ ආගම තමයි ලෝකෙට හෙනයක් වෙලා තියෙන්නේ. ආගම තුරන් කලොත් ලෝකෙට සෙතක් වේවි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1463 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 12 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 933 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1413 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 997 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 567 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site