IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


මීරිගමදී ලොරියක් දුම්රියක ගැටේ: දුම්රිය ධාවනයට බාධා - වීඩියෝ

 

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

මීරිගම  දිවුලපිටිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයේදී අද( 15)අලුයම සිමෙන්ති නිෂ්පාදනය ට යොදා ගන්නා අමුද්‍රව්‍ය  පැටවූ ටිපර් රියක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන්   දෙපැයක පමණ වේලාවක් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිටි අතර රියදුරන් දෙදෙනා ද සුළු තුවාල ලබාඇති බව මිරිගම පොලිසිය කියයි.

මෙම අනතුර හේතුවෙන් දිවුලපිටිය  මීරිගම මාර්ගය ද වරින් වර වසා තැබීමට පොලිසියට සිදුවිය 

අලුයම පහයි තිස් පහට පමණ කොළඹ දෙසට  මගී දුම්රිය  එන අවස්ථාවේ දුම්රිය මාර්ගය වැසීමට පෙර දිවුලපිටිය දෙසට ගමන් ගත්  ටිප ර්රිය දුම්රිය මාර්ගය මත නතර වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

දුම්රිය හරස් මාර්ගයේ බාධකය ට හානි සිදුවී නැත.  

දුම්රියේ ඉදිරිපස කොටසේ ලොරියේ පිටුපස දකුණු පස කොටස ගැටීමෙන් ලොරි රථය පොල්ගහවෙල දෙසට දුම්රිය මාර්ගය මත  පෙරළී තිබිණ. එහි පටවා තිබූ ස්ලින්කර් නැමති ගල් කැබලි දුම්රිය මාර්ගය හා ඒ අසල ඇළ මාර්ගයට වැටී තිබෙනු දැකිය හැකි විය.

 කොළඹ දෙසට දුම්රිය මාර්ගයේ මීටර් සියයක් පමණ දුරට මෙම අමුද්‍රව්‍ය කොටස් විසිරී තිබෙනු දැකිය හැකි විය.

පෙරවරු 7.00ට පමණ අනතුරට ලක් වූ දුම්රිය මීරිගම දුම්රිය ස්ථානය දක්වා රැගෙන යාමට දුම්රිය බලධාරීහු පියවර ගත්හ.ඉන් අනතුරුව කොළඹ දෙසට දුම්රිය මාර්ගය විවෘත කිරීමට කටයුතු කරනු ලැබී ය .

දුම්රිය මාර්ගය මත ඇද වැටී තිබූ සිමෙන්ති නිශ්පාදනය  සඳහා යොදාගන්නා  ගල් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය. අනතුරට ලක් වූ ටිපර් රථය හම්බන්තොට ප්‍රදේශයේ සිට පුත්තලම දක්වා මෙම අමුද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවට තොරතුරු හෙළිවී ඇත  

ටිපර් රථයේ රියදුරා සුළු තුවාල සහිතව වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර දුම්රිය රියදුරා බාහිර ප්‍රතිකාර ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. 

කොළඹ දෙසට ධාවනය සඳහා එක් දුම්රිය මං තීරුවක් විවෘත කිරීමෙන් පසුව දුම්රිය පාර මත ඇද වැටී තිබූ සිමෙන්ති නිශ්පාදන අමුද්‍රව්‍ය  කොටස් ඉවත් කිරීමට ජනතා සහභාගීත්වය ද ලැබිණි.

මිරිගම පොලිසිය හා දුම්රිය බලධාරීහු එක්ව පෙරළී තිබූ ටිපර් රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

පෙරවරු 8.20 ට   පමණ ලොරි රථය දුම්රිය හරස් මාර්ගයෙන් ඉවත් කිරීමට ආපදා රථයක් යොදවනු ලැබූ   ලැබූ අතර පෙරලුනු ලොරිය ඉවත් කරන අවස්ථාවේදී ආපදා රථයද යළි ආපදාවට ලක් වීමෙන් දුම්රිය මාර්ග දෙකම ටික වේලාවකට අවහිරයට  ලක් විය .

අනතුරුව බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් ආපදා රථය හා ලොරිය  ඉවත් කිරීමට පොලීසිය හා දුම්රිය බලධාරීහු පියවර ගත්හ. 

පෙරවරු 8. 30 පමණ වන විටත් කාර්යාල දුම්රිය කිහිපයක් පොල්ගහවෙල හා අඹේපුස්ස අතර නවතා ඇති බව දුම්රිය බලධාරීහු සඳහන් කළහ. මාර්ගයේ බාධක ඉවත් කිරීමෙන් පසු එම දුම්රිය ගමනාගමනයට ද පියවර ගනු ලැබීය.

 පොල්ගහවෙල දෙසට දුම්රිය ගමන් වාර ගමන්වාර ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවය.මෙම අනතුර හේතුවෙන් දුම්රිය මාර්ගයට බරපතළ හානි සිදු වී නැති බව ද දුම්රිය බලධාරීන් සඳහන් කළේය.

අනතුර පිළිබඳව මීරිගම  පොලිසිය හා දුම්රිය බලධාරීහු වෙන වෙනම පරීක්ෂණ පවත්වති.

මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වික්‍රමආරච්චි රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දනන්සූරිය පොලිස්  පරික්ෂක සුබසිංහ, උප පරික්සක සේනසිංහ  ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ද වාහන ගමනාගමන හැසිරීමට කටයුතු කරනු ලැබීය.

 



අදහස් (1)

මීරිගමදී ලොරියක් දුම්රියක ගැටේ: දුම්රිය ධාවනයට බාධා - වීඩියෝ

Hafeel Wednesday, 15 December 2021 10:03 AM

මේක චීන නිෂ්පාදිත දුම්රිය කට්ටල. ලොරියක් හැප්පිලා මෙහම පපඩම් වගේ කුඩු වෙනවා නම්. චීන සහ ඉන්දියාව අපිට දෙන්නේ මේ වගේ දේවල් තමයි.

:       8       8

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 558 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 11 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 252 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 776 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 990 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 565 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site