(ඉන්දික අරුණ කුමාර)
මධ්‍යම කදුකරයේ ඉහල ජලාධාර ප්‍රදේශ වලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මොරගහකන්ද හා කළුගග ජලාශ වල ජල ධාරිතාව වාන් මට්ටමට ආසන්නව පවතින බව කාර්‍යභාර ඉංජිනේරු කාර්යාලය නිවේදනය කරයි.
මාතලේ හා පොලොන්නරුව දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පොලිස්ථාන දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ කාර්ය භාර ඉංජිනේරු පී.එස්.බණ්ඩාර මහතා නිවේදනය නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව මේ වන විට පසුගිය දෙසැම්බර් 16 වන දා වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය 93.46% කි.කළු ගග ජලාශයේ ජල ප්‍රතිශතය 97.47% කි.
වැසි තත්ත්වය සක්‍රීය වීමත් සමග ඉදිරියේ දී මෙම ජලාශයන් උපරිම ජල රැදවුම් මට්ටම් කරා ලගාවීමට හැකියාව ඇති බවත්,ඉදිරියේ දී ලැබෙන ජල ප්‍රමාණය අනුව මොරගහකන්ද හා කළුගග ජලාශ වල වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බව කාර්යභාර ඉංජිනේරුවරයා නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.
අදාල පාර්ශව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත්, අඹන් ගග සහ කළු ගග දෙපස ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවත් කාර්‍යභාර ඉංජිනේරු පි.එස්. බණ්ඩාර මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.
නෙළුම් කුළුනෙන් පහළට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මොරගහකන්ද-කළුගඟ වාන් මට්ටමේ
mangala Sunday, 17 December 2023 03:25 PM
හොඳ සැලසුමක් අනුව ජලය බෙදීම කර රට සරුසාර කරන්න.