IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක්

 

(කාංචන කුමාර ආරියදාස)

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට ජල කාන්දුවක් පවතී. උපරිම ජල ධාරිතාව ලැබීමත් සමඟ ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළ කෙළවරක ජල කාන්දුවක් හටගෙන තිබුණු බව සේවකයෝ හා ආරක්ෂක නිලධාරින් පාලක කාර්යාලයට දැනුම් දීමෙන් පසු පරීක්ෂණ සිදුකරමින් පවතී.

දින කිහිපයක සිට මේ දක්වාම ජල කාන්දුව නොනවත්වා සිදුවන අතර  ප්‍රධාන වේල්ල බාරව සිටින චීන ජාතික ඉංජිනේරුවරු යුහුසුළුව එම ජල කාන්දුව නවතාලීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිති.

මෙම ජල කාන්දුව පිටතට නොපෙනෙන ආකාරයට කොළ පැහැති දැල් ආවරණයක් යොදා වසා දැමීමට චීන ජාතික සාමාගම කටයුතු කර ඇත.

ප්‍රධාන වේල්ලේ ආසන්නයට ගිය විට ජලය කාන්දු වන ආකාරය දැක ගැනීමට හැකිය.

මේ පිළිබඳව මොරගහකන්ද හා කළුගඟ ජලාශ බාර ව්‍යාපෘති අධ්‍යක්ෂ පී.බී. විජේරත්න මහතාගෙන් විමසීමේදී ඒ මහතා කියා සිටියේ ජල කාන්දුවක් පවතින නමුත් ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බවයි.

එහිදී ව්‍යාපෘති අධ්‍යක්ෂ පී .බී .විජේරත්න මහතා මෙසේ ද පැවසීය.

" බැම්ම උඩ මට්ටමේ සිට මීටරයක් පමණ වතුර පිරිගෙන එනකොට යට පැත්තෙන් තමයි කාන්දුව දැක්කෙ . මේ බැම්ම හදලා තියෙන්නේ මීටර් 25න් 25 ට බ්ලොක් එකතු කරලා ඒවා ඉදිරියට දාලා තියෙනවා වතුර බාර්. ඒ  එකක පොඩි කාන්දුවක් ඇවිල්ලා වතුර මතුවෙන්න ආවා .

ඒ අවසාන මීටරේ පිරෙන අතරතුර. ඒක සාමාන්‍ය දෙයක්. 

නමුත් මේ බැම්මේ අධීක්ෂණ කටයුතු තවමත් චීන සමාගමට පැවරිලා තියෙන්නේ. ඒ අය තවත් අවුරුද්දකුත් මාස තුනක් මේ අධීක්ෂණය කරනවා. තවත් අවුරුද්දකුත් මාස තුනකින් පස්සේ තමයි සම්පූර්ණ කරලා චීන සමාගම මේ බැම්ම අපට බාර දෙන්නේ.

මේක කිසිම ආකාරයෙන් බැම්මට හානියක් වෙන්නෙ නෑ මේ වගේ දේවල් බැමිවල සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් නමුත් ඒක අපි අඳුරගෙන චීන සමාගම සමඟ එක්ව අවශ්‍ය කටුයුතු කරනවා. ජනතාව බිය විය යුතු නැහැ.’’ 

 



අදහස් (28)

මොරගහකන්ද ප්‍රධාන වේල්ලේ ජල කාන්දුවක්

ලුම්බිණි Wednesday, 01 January 2020 06:53 AM

වැඩ චීනේනේ...පුදුමයක් නැහැ.

:       31       332

sam Wednesday, 01 January 2020 07:09 AM

චීන්නුන්ගේ banqiao dam අනතුර ගැන දන්නවානම් ඔවුන්ට ලවා වේලි හදවනවා තියා වක්කඩක් බඳින්නවත් දෙන්නේ නැහැ.

:       23       315

රවි Wednesday, 01 January 2020 07:10 AM

දැන් කව්ද මේකට වග කියන්න ඕනේ? මහින්දද ? එහෙම නැත්නම් සිරිසේනද?

:       10       132

රවින්Wednesday, 01 January 2020 08:06 AM

කොමිස් රවී කොමිස්. වේල්ල ඇස්තමේන්තු ගණනය කරලා තියෙන්නේ ලංකාවේ කොමිස් කාක්කන් ගැන නොදැන. වේල්ල බැඳීම සඳහා භාවිතා කල අමුද්‍රව්‍ය වල තත්වය බාල කර කොමිස් ගෙව්වා . හිතුවේ නැතිවිදියට වැස්ස හින්දා ජලාශය පිරුනා. නැතිනම් ඔය ජල කාන්දුව එන්නේ චීන්නුන් මෙහෙන් ගියාට පස්සේ. ඔවුන්ගේ කරුමේ.

:       38       302

Samson Wednesday, 01 January 2020 07:39 AM

මේක හදපු දවස් වල මරා ගත්තා හදපු කෙනා මම, මුල් ගල තිබ්බේ අපේ කාලේ, විවෘත කළේ මම කියලා. දැන් මීක් නෑ.

:       1       564

Kalu Wednesday, 01 January 2020 08:10 AM

යහපාලු සමාගමේ තවත් නිපැයුමක්. රටට කරපු වැඩකුත් නැහැ.හදපු හැමදේම බකල්.

:       389       486

siriWednesday, 01 January 2020 11:52 AM

දැන් යහපාලනයට බැන්නට හැමදෙයක්ම චීනෙට දුන්නු එක කට්ටියක් ඕක විවෘත කරපු දවසේ පින්තූර දමදමා කයිවාරු ගැහුවේ ඕක අපේ වැඩක් කියලා නේද?

:       215       469

sachith Wednesday, 01 January 2020 08:19 AM

කොත්මලේ වේල්ල, සමනල ජලාශය වගේ හදන්න ගියාට වැඩිය වියදමක් මේ වගේ ඇති වෙච්ච ජාල කාන්දු නවත්තන්න වියදම් වෙලා තියෙනවා.

:       35       31

anuraWednesday, 01 January 2020 10:50 AM

කොත්මලේ නම සඳහන් වුණු හින්දා කියන්නේ... හදපු කාලේ කොත්මලේ වේල්ලේත් ජල කාන්දුවක් තිබුණා. මම හිතන්නේ දැන් ඒක හදලා තියෙන්නේ...

:       2       39

sachithWednesday, 01 January 2020 01:46 PM

මම දන්නා තරමට කොත්මලේ වේල්ලේ ප්‍රශ්නේ තවම තියෙනවා. ඒවායින් ඒවා හදන්න ණය දුන්නු රටවල් හොඳට සල්ලි හම්බ කරගන්නවා.

:       3       15

ධනාThursday, 02 January 2020 10:17 AM

පේන්න තියෙන විදියට වෝටර් ස්ටොප් එකෙන් ලීක් වෙන්නේ. බරපතල කාරණාවක් වගේ පේන්නේ නෑ. ව්‍යාපෘතිය තාම කොන්ත්‍රාත් සමාගම රජයට බාර දී නැති නිසා පිළිසකර කිරීමේ මුලු වියදම එන්නේ චීන සමාගමට.

:       0       29

viraj ekanayake Wednesday, 01 January 2020 08:20 AM

ඩී.එස් සේනානායක මැතිතුමා ගල්ඔය වේල්ල හදපු ඇමෙරිකාවේ මොරිසන් නඩ්සන් වගේ සමාගම් කරපු දේවල් අදත් ඒ විදිහටම තියනවා.

:       49       385

Thiw Wednesday, 01 January 2020 08:23 AM

මේ වගේ දේවල් සාමාන්‍ය දේවල්, නිවැරදි කිරීමයි වැදගත්, එක්කෙනෙක් දාලා තියෙනවා චීනේ banqiao dam අනතුර ගැන, හරියට චීනෙ හදපු සහ තියෙන එකම වේල්ල කැඩුණා වගේ..., එහෙනම් ලෝකේ ලොකුම ජල විදුලි බලාගාරය Three Gorges Dam එක හැදුවෙත් චීන්නු තමයි, ධාරිතාව මෙගාවොට් 22,500ක්, නොරෙච්චෝලේ මෙගාවොට් 900යි.

:       3       271

samWednesday, 01 January 2020 10:34 AM

මිනිස්සු 230,000ක් මැරුණු එකත් සාමාන්‍ය දෙයක් වෙන්න ඇති.

:       106       71

ThiwWednesday, 01 January 2020 01:52 PM

වේල්ල කැඩුණේ සුළිකුණාටුව නිසා කියන එක හිතාමතාම දාන්න අමතක කළා නේද?

:       20       261

දිමුත් Wednesday, 01 January 2020 08:32 AM

අහන්න දෙයක් නැහැ. චීන ඒවානේ...

:       9       27

athura Wednesday, 01 January 2020 08:49 AM

ඔන්න බලන්න මේක හැදුවේ මහින්ද කියන අයයි. මේ නිව්ස් එක දැක්කේ නැහැ වගේ ඉඳියි.

:       163       80

යාපා Wednesday, 01 January 2020 09:50 AM

මහින්දලා හදන්න පටන්ගත්ත මේවායින් කොමිස් ගහන්න බාල අමුද්‍රව්‍ය භාවිතා කරපු කාලකන්නි යහපාලකයින් මේවාට වගකිව යුතුයි..

:       30       76

athuraWednesday, 01 January 2020 11:08 AM

මහින්ද හදන්න දුන්නෙත් චීනෙටම තමයි මහත්මයා. යහපාලන කාලේ මේක ඉවර කළෙත් ඔය කියන අයම තමයි.

:       53       130

යාපා Wednesday, 01 January 2020 09:51 AM

අනිත් මාධ්‍ය මොනවද කරන්නේ?

:       5       46

Hafeel Wednesday, 01 January 2020 02:29 PM

කොහොමද චීනුන්ගේ වැඩ? ‘‘ජල කාන්දුව පිටතට නොපෙනෙන ආකාරයට කොළපැහැති දැල් ආවරණයක් යොදා වසා දැමීමට චීන ජාතික සමාගම කටයුතු කරලා"...

:       0       28

Dalu Banda Wednesday, 01 January 2020 02:30 PM

ඕක සරල දෙයක්... වැවක ජලකාන්දු පේන්නේ වැව පිරෙව්වම තමඊ. වතුර ටැංකියක් නම් හදලා වතුර පුරවනවා කාන්දු තියනවද බලන්න. මෙම කාන්දු ලකුණු කරගෙන ටැංකිය හිස්කරගෙන කාන්දු වහනවා. වැවක ඔහොම කන්න බෑ. ස්වාභාවිකව වතුර පිරුණාම තමඊ ජළ කාන්දු හොයන්න පුළුවන්... මෙම කාන්දු ලකුණු කරගෙන වැව කාන්දු මට්ටමට හිස්කර තමයි කාන්දු වහන්න වෙන්නේ. ඔකට ලේ පුච්චගෙන කතන්දර හදල‍ා වැඩක් නැත. ඔය වැඩ හදනකොට තියන ප්‍රශ්න... අනේ තරහ වෙන්න එපා ඇත්ත කිව්වට...

:       1       212

Kumar Wednesday, 01 January 2020 03:38 PM

මොරගහකන්දේ ජලය කාන්දු වෙන්නේ කොන්ක්‍රීට් වලින් සැදුව කොටසේ. එම කාන්දුවීම නිසා බැම්මට හානියක් සිදුවෙන්නේ නැහැ. වික්ටෝරියව වගේ කවාකාර බැම්මක් නම් පිරුණු විට නවතින්න ඉඩ තිබෙනවා. එසේ නැති නිසා එයට පිළියමක් කිරීමට සිදුවෙන හැඩයි පෙනෙන්නේ...

:       0       17

dal kumariThursday, 02 January 2020 04:59 PM

කොහොම කරුණු කාරණා සිද්ධ උනත් හැදිල්ල අලුත්වැඩියාව පැත්තක තියලා පිටට නොපෙනෙන්න දැල් ගසා වසා දමන්න.

:       0       0

vidya Wednesday, 01 January 2020 07:42 PM

විජේ ඒකනායක මහත්තය කියන කතාව හරියටම හරි . ඩී එස් . සේනානායක වැනි යුග පුරුෂයන් නැති එක හරිම අවාසනාවක්. 1975 දී මම හක්වටුනා වැවේ නාන කොට එතන නාපු ගොවි මහත්තයෙක් කීවා එතුමත් වැව තනන කාලේ වැඩ කළා කියලා. ඩී එස් සේනානායක මහතා ගැන කතාකරන විට එතුමාගේ දෑසේ කඳුළු. වයසට ගොස් තිබුණු එම මුහුණ මට අදත් මතකයි. එම වැව බැම්මේ තමයි හුලවාලි චිත්‍ර පටියේ කරත්ත පේලිය යන්නේ මම හිතනවා ගෝටාභය රාජපක්ෂ මහතාට එවැනි බුද්ධියක් ඇතිව වැඩ කිරීමට වට කර ගෙන ඉන්න නිවටයෝ ඉඩ දෙයි කියලා. තරුණ තරුණියෝ පෙළ ගැසිලා ඉන්නේ වෙනසක් කරන්න . එම තරුණ තරුණියන්ට ඇත හිත දෙයි කියලා මම හිතනවා. මගේ රටට දළදා හිමි පිහිටයි.

:       7       107

vipula Thursday, 02 January 2020 10:13 AM

කෝ මේ සිරිසේන ?

:       0       26

janahitha Thursday, 02 January 2020 05:07 PM

එය දන්න කෙන් ගෙඩියක් නැහැ. ඕකේ තේරීම් කළේ වෙන කෙනෙක්.

:       2       6

Nandalal DE SILVA - FranceThursday, 02 January 2020 08:23 PM

අපි දැක්කා ලඟදි එයාගේ සුවිසල් මන්දිරයේ සුන්දර වත්තේ ශරීර ව්‍යායාම කරන හැටි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2174 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 417 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 711 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1070 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 187 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 654 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site