(සුජිත් හේවාජුලිගේ)
මාර්ග සංවර්ධන අධිකාරිය තම විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මෙම මුදල වැය කර ඇත්තේ 2020 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදී බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම මුදලට මගේ නැගුම ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මාර්ග කිලෝමීටර් 6 426 ක් ප්‍රතිසංස්කරණය අලුත් වැඩියාව සහ සංවර්ධන කටයුතු සඳහා වැය කළ රුපියල් කෝටි 381ද ඇතුළත්වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.
අධිකාරියේ විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය යටතේ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
මේ අතර සමස්ත මාර්ග පද්ධතියේ දුර ප්‍රමාණයෙන් සියයට 73 ක ප්‍රතිශතයක් වූ කිලෝමීටර් 8958 ක මාර්ගයන්හි වූ වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනවල දක්වා නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.
තවද මාර්ග පද්ධති සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවක් පත් කර මාර්ග පද්ධති සංවර්ධනය සහ නඩත්තුව සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ යුතු වුවත් ඒ අනුව කටයුතු කර නොතිබූ බවද විගණන වාර්තාව පවසයි.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.
පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කිරීම අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කළද සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ
ඇමරිකාවේ නිෂ්පාදිත බෝර දොළහේ ගිනි අවියක් හා එම උණ්ඩ දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කම්මල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසියකියය
දුරකථන ඇමතුමක් දී පුද්ගලයකු බ්ලු මැන්ඩල් දුම්රියපොළ පාරඅසලට ගෙන්වාගෙන තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි .
ආගමන විගණන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අද (19) සිට පැය 24 පුරා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමා
නඩු කටයුත්තකු සඳහා කොළඹ අලුත්කඩේ අධිකරණයට රැගෙන ආ සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවට අධිකරණ සංකිර්ණය තුළදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කි
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මාර්ග අධිකාරිය අයිති නැති වැඩට කෝටි 14000ක් පුදලා
Mahinda Saturday, 15 February 2025 11:40 AM
මේ සියල්ල සිදුව ඇත්තේ පළපුරුදු කජු කෑ පබිලගේ කාලය තුළදීයි... තේරුම් ගතයුත්ත මොවුන් මහජන මුදලින් සූදු කෙල ඇති ආකාරයයි...
NirangaSunday, 16 February 2025 04:22 PM
බොල බූරු පුතේ, උඹට හොඳට පේන්නේ නැත්නම් ඉක්මණින්ම හොඳ පළපුරුදු අක්ෂි වෛද්‍ය කෙනෙක් හමුවෙලා... ඇස් දෙක බලවාගනු.. එහෙම කියන්නේ... නිදහස් දිනයේ රිලවුන් වගේ බදුල්ලේ විජ්ජාරත්නයියාහ් සහ පිරිවර කජුකනවා නොදැක අනුන්ට ශාප කරන නිසාමයි. එනිසා අනුන්ට රැවටී නුඹේ අතේ වරද තියාගෙන දේශපාලන ගැත්තෙක්වී නුඹට වරදක් නොකළ අයට අපහාස කිරීම වහා නැවතුවේ නැත්නම් නොපෙනෙන දෑස් සදාකාලිකවම නොපෙනීමට ලක්වේවි...
සත්‍යපාලMonday, 17 February 2025 12:38 AM
දේශපාලුවෝ කෝටි ගණන් හොරා කාල, ඒවා නිසා තම දරුවන්ට ඇදුමක් අරන් දෙන්න බැරි මෝඩ තාත්තලා තවමත් හොරු ව්රෙනුවෙන් කතා කරනවා. "බිලියන ගානක සල්ලි" කාපු එක සහ නිදහස් දවසේ "කජු ඇට" දෙකක් කාපු එකක් සමාන කරන්න හදනවා. මෝඩ ඡන්ද දායකයෝ. හොරු පස්සපත්තෙනුත් හිනා වෙනවා ඇති මෙහෙමත් ගොං කියලා. උන්ගේ සල්ලි අපි ගත්තේ කෝටි ගනං. ඒත් දරුවෝ හාමතේ ඉන්න ගමන් උන් අපි වෙනුවෙන් පන දෙන්න හදනවා කියලා.
රනේ Saturday, 15 February 2025 01:05 PM
බලනකොට හැමදේම හබක්. තව අය එනවා මේ ආන්ඩුවේ ඇද හොයන්න. මහම පව්කාර හැත්තක්..
පොඩිඑකා Saturday, 15 February 2025 02:22 PM
ඒවා ඉතිං මයිනගෙයි මයින පැටවුන්ගෙයි කපුටගෙයි අයථාමාර්ග සංවර්ධනයට යොදවන්න ඇති
Nilame Sunday, 16 February 2025 01:48 PM
මාර්ග සංවර්ධනය කියන්නෙම මයිනා පරපුරේ ප්‍රධානම ආදායම් මාර්ගයනේද ඉතින් හරිහෝවේවා වැරදිවේවා ආදායම් මාර්ගය ක්‍රියාත්මක කරනවා දැන් කියාවි මාර්ග අධිකාරියට අයත් නැතත් මාර්ග හැදුවෙ ජනතාවට කියලා
Nishan Saturday, 15 February 2025 04:17 PM
එතකොට ඒ පාරවල් හදන්න, නඩත්තු කරන්න ඕනේ නැද්ද? ඒවා කරන්නේ කවුද? කාගේ සල්ලි වලින්ද?
SaradhaSaturday, 15 February 2025 06:59 PM
ඒවා නඩත්තු කරන ආයතනය පැත්තක තියෙද්දී වෙන ආයතනයකින් වියදම් කරලා කියන්නේ. බයියෙක් වුණාට කමක් නෑ. සිහි බුද්ධියෙන් කියවලා තේරුම් අරන් කමෙන්ට් කරන්න..
ලක්විදුSaturday, 15 February 2025 07:20 PM
අනේ නිශාන්, තමුන්ට අයිති නැති අංශ වලට රාජ්‍ය මුදල් යෙදවීම මුදල් රාගුලාසි වලට අනුව වරදක් බව ඔබේ කුඩා මොලේට නොවැටහේද? එසේ කරනුයේ අයථා අන්දමින් කොමිස් කුට්ටි කඩාගැනීමට බව ඔබට නොවැටහුණත් අන් හැමට තේරේ...
තාරානාත්Sunday, 16 February 2025 08:22 AM
නිශාන්.... ලංකාවේ ජාතික ප්‍රවාහන පද්ධතිය අයිති ආර්ඩිඒ එකට, සමහර මාර්ග අයිති පළාත් සභාවලට, ග්‍රාමීය පාරවල් අයිති ප්‍රාදේශීය සභා හෝ නගර සභා වලට. ඒ ඒ පාරවල් නඩත්තුව ඒ ඒ ආයතන කල යුතුයි.
විපරමා Saturday, 15 February 2025 04:20 PM
ඉන්න අය එකතු වෙලා යටිමඩි ගහන්ඩ ඇති..දූෂිත නායකයෝ,දූෂිත දේසපාලුවෝ ඉන්න රටේ කෙරුව්වාවල් ගැන කවර කතාද
fairoos Saturday, 15 February 2025 05:09 PM
ඉතින් මේක කරපු අයට දඬුවමක් දෙන්න බැරිනම් ඔය වැඩේ මේ ආණුඩුවෙත් වෙනවා නේද?
Sriyal Saturday, 15 February 2025 09:25 PM
අයිතිය පවරාදීම කළා නම් ඉවරයි. මාර්ග හදන්නේ තියෙන්නේ. ගැටළුව වන්නේ මාර්ග සංවර්ධන සඳහා තවත් ආයතන පැවැතීමයි. එම ආයතන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා මාර්ග සංවර්ධන අධිකාරිය මෙම සංවර්ධන කටයුතුවලට යෙදීම වරදක් නොවේ...
Lankaputha Sunday, 16 February 2025 04:00 AM
කපුටු කාක් කාක් කාක්...
sam Sunday, 16 February 2025 04:54 AM
වහාම එම නිලධාරින් අධිකරණයට පමුණුවා දඬුවම් දී ඔවුන්ගේ පුද්ගලික ධනයෙන් නාස්තියේ හැකි තරමක් පියවා ගන්න. එවිට ඔවුන් සත්‍ය හෙළිකරාවි...
Perera Sunday, 16 February 2025 06:49 AM
නිශාන් වගේ මෙලෝ දෙයක් දන්නේ නැති අය හිටපු නිසා තමයි රටට මේ තරමට කෙළවුණේ...
ජගත් ලියනගේ Sunday, 16 February 2025 07:43 AM
හොඳ හොඳ කොමිස් වලට ඒ ගොල්ලන්ගේ යාලුවන්ට ගසා කන්න තමයි එහෙම කරන්නේ. මයිනගේ කාලේ ඒ වගේ දේවල් ජයටම කෙරුණු විත්තිය මුළු රටම දන්නවා...
Kamal Koyrala Sunday, 16 February 2025 12:47 PM
තමන්ගේ විෂය පථයට අදාල නොවන දේවල් කරන්න ගිහින් ඇණගන්නවා. වර්තමාන ආණ්ඩුවේත් ඒ බව පේනවා. අදාළ විෂය බාර අය, මාධ්‍යයට ප්‍රකාශ කළ යුතු අතර වොයිස්කට් මේනියාවෙන් මිදී කටයුතු කළොත් කරන්න වෙන්නේ නැහැ. එමෙන්ම මේ සා මුදලක් වැයකර සාදන ලද පාරවල් සම්බන්ධව ලැයිස්තුවක් පලකිරීමත් වැදගත්...
සත්‍යපාල Sunday, 16 February 2025 02:15 PM
ඔයා ඔයාගේ සල්ලි වලින් අල්ලපු ගෙදර කෙනාට සාරි අරන් දෙනවාද? නිකන් බයිලා නොකියා ඉන්න...
රුවන් Sunday, 16 February 2025 02:39 PM
ඩොලර් මිලියන 500 (උද්දමනය එක්ක ඩොලර් මිලියන 800ක්) කජු ඇටද කොස් ඇටද නෙමෙයි මේවා... මේවා ණයට ගත්තු සල්ලි අපි පොලියත් එක්ක ගෙවන්න ඕනේ. මේවාට වගකියන්න ඕනේ අය යට ඉඳන් උඩටම දඬුවම් දෙන්න ඕනේ...!
නන්දන Sunday, 16 February 2025 03:33 PM
ලංකාවේ සියලුම රජයේ ආයතන වලට ප්‍රධානියා වශයෙන් සුදුසුකම් සහිත විදේශීයන් බඳවා ගත්තා නම් රාජ්‍ය තාන්ත්‍රය නියම විදිහට කාර්යක්ෂම කළ හැකියි. ඔන්න ක්ලීන් ශ්‍රී ලංකා යටතේ කරන්න පූළුවන් තවත් වැදගත් වැඩක්. මේවා ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි, බය නැති නායකයෝ ඉන්න ඕනේ. ඔය ජනමාධ්‍ය මගින් හසුරවනු ලබන නායකයින්ට ඕවා කරන්න බැහැ....
Saman Sunday, 16 February 2025 04:49 PM
ඔය විෂය පථය අදාල වන ආයතනවල නම් සහ එම ආයතන අදාල කටයුත්ත පැහැර හැරීමට හේතුවත් සඳහන් කරන්න.
himal Monday, 17 February 2025 09:55 AM
අපරාදේ, මේ පාර අපිට අයිති නෑ අයිති අයට කියලා හදවාගන්න කියලා මිනිස්සුන්ට ලෙඩෙක් අරගෙන යන්න, වාහනයක් අරගෙන යන්න, ළමයින්ට ඉස්කෝලෙට යන්න එපා කියලා කිව්වා නම් ඔය ප්‍රශ්නේ නෑනේ. කල්පනා කරලා බලන්න ඔන්න විගණනයේ තත්ත්වය. ලෙඩා මළත් බඩ සුද්දයි තියරිය. අර මිනිහෙක් වතුරට වැටුනාම මොකද කරන්නේ කියලා සේවකයෙක්ගෙන් ඇහුවාම ඒ මනුස්සයා බේරා ගන්න කියලා ඉල්ලීමක් එන්න ඕන, ඒක තමාගේ ප්‍රධානියා මඟින් එන්න ඕන, ඒකට ලිඛිත අවසරය ගන්න ඕන, ඒවා ගොනු ගත කරන්න ඕන, ඒක තමගේ විෂය පථයට එන්න ඕන කියලා සේවකයා කිව්වාකියලා විහිළු කතාවක් අහලා තියෙනවා.බලන් ගියාම ඇත්තනෙ කතාව.