IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය

(අංජුල මහික වීරරත්න)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතයන් අතර සාකච්ඡාවක් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ සහභාගීත්වයෙන් අද (28) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.

වර්තමාන තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු පිළිබඳවත්, එම ගැටලු විසඳා ගනිමින් ඔවුන් වෘත්තීය දැනුමෙන් මෙන්ම මානව ගුණාංග වලින් සවිබල ගැන්වීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිළිබඳවත් ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ලෙස ලබා දිය හැකි සහයෝගය පිළිබඳවත් සාකච්ඡා කෙරුණි. 

මෙහි දී ජාතික තරුණ ප්‍රතිපත්තියක් සැකසීම,වෘතීය පුහුණු පාඨමාලා නවීකරණය,තරුණ කටයුතු පිළිබදව දැනට සේවය කරමින් සිටින නිලධාරීන්ව තව දුරටත් පුහුණු කිරීම යන මූලික කරුණු තුනක් යටතේ ඉදිරියේ දී ක්‍රියාමාර්ග වලට එළැඹීමට යෝජනා විය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි සහකාර නියෝජිත, වෛද්‍ය දයන්ත රණතුංග මහතා, වැඩසටහන් සම්බන්ධීකාරක යෂාරා නතානීල් මෙනවිය, සමාජ ප්‍රතිපත්ති නිලධාරිනි පියුමාලි රණසිංහ මෙනවිය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිළධාරීහු සහභාගී වූහ.



අදහස් (0)

මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පුවත්පත් මණ්ඩලයේ නියමුවෝ පත් වෙති
2025 අප්‍රේල් මස 02 15 0

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් පත් කරනු ලැබ සිටිති.


රක්ෂණ අනතුරු වන්දියෙන් මගඩියක්
2025 අප්‍රේල් මස 02 333 0

ඇතැම් රක්ෂණ සමාගම් හදිසි අනතුරු රක්ෂණ වන්දි නියම තක්සේරු වටිනාකමට ගලපා ලබාදීම පැහැර හරින තත්වයක් පවතින බව රක්ෂණ ප්‍රතිලාභීහු රජයට පෙන්වා දෙති.


ඇඹිලිපිටිය ප්‍රා.ස.හිටපු නිලධාරීන් පිරිසක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 02 208 0

සබරගමු පළාත් සභාවට අදාල ව්‍යාපෘති 77 කට අදාලව රුපියල් 71,645,226.32 ක සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු නිධාරීන් කිහිප දෙනකු ම


දේශබන්දු ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 02 185 3

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව අප්‍රේල් 8 වැනිදා සම්මත කිරී


සහල් රටින් ගේන්න ආහාර කමිටුව නිර්දේශ කරයි
2025 අප්‍රේල් මස 02 509 0

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබා දීම අරමුණු කර ගෙන ඉදිරියේදී සහල් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර තිබේ.


කෝටිපති නිවසට පැන රන්බඩු සොරගත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 02 356 0

දෙහිවල කළුබෝවිල ශ්‍රී වන රතන පාර කෝටිපති ව්‍යාපාරික නිවසකින් රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික වටිනා රන් ආභරණ සොරාගත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බ


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 192 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 782 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 777 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site