IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මරණින් පසු වෙන දේ ඇමරිකා වෛද්‍යවරයෙක් හෙලිකරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

මරණයෙන් පසු ජීවයක් තිබෙන බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.

ජෙෆ්රි ලෝන්ග් මහතා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ පදනමේ නිර්මාතෘවරයාද වේ.තමාගේ වෘත්තීය ජීවිතය තුළ සිදුකල අධ්‍යනයන්ගෙන් හමුවූ සාක්ෂි විමසා බැලූ විට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට තමන්ට විශ්වාස වූ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා ප්‍රකාශ කර තිබේ.

තමන් අධ්‍යනය කළ රෝගීන්, එම මරණාසන්න අත්දැකීම ලද මොහොතේ මනෝකාය සිරුරෙන් වෙන්වී ඉහළ සැරිසැරූ බවත් අනතුරුව මනෝකාය වෙනත් ලෝකයකට ඇතුළු වී උමං මාර්ගයක් දිගේ ගමන් කළ බවත් එම උමං මාර්ගය අවසානයේ දීප්තිමත් එළියක් තිබූ බවත් ප්‍රකාශ කළ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.එම දීප්තිමත් එළිය අභියස මියගිය ආදරණීයයන් සිට සුබ පැතූ බවත් එම අවස්ථාවේ තමාගේ සැබෑ නිවහන තිබෙන්නේ එතැන බව තමන්ට දැනුනු බවත් එම රෝගීන් ප්‍රකාශ කළ බව වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.



අදහස් (35)

මරණින් පසු වෙන දේ ඇමරිකා වෛද්‍යවරයෙක් හෙලිකරයි

Mangala Wednesday, 30 August 2023 02:53 PM

විකාර

:       39       20

නවාස්Thursday, 31 August 2023 08:59 PM

ඉස්සර දෙයියො ලෝකෙ මැව්ව කිවම පිලිගත්ත මිනිස්සුන්ට තාම ඕවා පිලිගන්න බෑ මොකද ඒ අයගෙ හිත සත්‍ය ඒවා පිලිගන්න කැමති නෑ. ලෝකයේ සත්‍ය පැවසූ එකම කෙනයි ඉන්නේ ඒ මනුෂ්‍යයෙක් ම පමනයි . ඒ ජීවිතයෙනුත් ඔබ්බට ගිහින් ලොකුම කතාව කියපු බුදුන්වහන්සේ කියල කියන කෙනා.

:       13       76

sumindaTuesday, 12 September 2023 10:03 AM

අපේ රටේ උපතින් බෞද්ධ උනාට ඒ හැමෝම සෑබෑ බෞද්ධයෝ ද කියල හිතෙනවා, බුදුන් වහන්සේ දේශනා කලේ පරම පිවිතුරු සත්‍ය පමණි. එම දහම සංධිට්ටිකයි, අකාලිකයි , ඒහිපක්ෂිකයි, ඔපනයිකයි, මේ ලෝකය පවතිනතාක් ම එයයි සත්‍යය. ලෝකවාසීන් විද්‍යාව තුලින් ලෝකය දකින්න උත්සහ කරද්දී, මේ බෞද්ධ රටේ ඉන්නා බෞද්ධයෝ බුදු දහමේ අගය නොදනී. ජීවියකුගේ ඉපදීම සතර විදියකට සිදුවන බව බුදුන් වහන්සේ දේශනා කලේ වසර 2600 කටත් පෙර, එහෙත් එහි සත්‍යභාවය විද්‍යාවෙන් සොයා ගත්තේ මෑතකදීයි. මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන දෑ දැන් දියුණු තාක්ෂණයෙන් සොයාගත්තට, බුදුන් වහන්සේ දේශනා කලේ වසර 2600 කටත් පෙරයි.

:       0       18

කිරිපුතා Wednesday, 30 August 2023 02:59 PM

භාගයවතුන් වහන්සේ මේවා විස්තර ඇතිව දේශනා කළේ අවුරුදු 2600 කට පෙර

:       16       142

සෙනෙවිරත්න Wednesday, 30 August 2023 03:19 PM

මෙන්න අපේ කට්ටියට සෙට් වෙන බටහිර බොරු කාරයෙක්. දැන් පුලුවන් පුනරුප්පත්තිය ඇත්ත කියල බටහිර වෛද්‍යවරුන් කියනව කියල මිනිස්සු අන්දන්න.

:       116       27

සමිත සේනක අලුත්ගමගේ.Friday, 01 September 2023 07:38 AM

සෙනෙවිරත්න නමින් ලියන මහතාණෙනි,ඔබතුමා කිසිදු පදනමක් නැති කතා කියා සමාජය නොමඟ යැවීමට කටයුතු නොකරන්න.ඇමෙරිකාවේ මෙරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යයනය කිරීමෙන් පසු කලකට පෙර පුනරුත්පත්තිය විද්‍යාත්මකව ඔප්පු කළා.ඒ සඳහා සිටින මහාචාර්ය වරයා තමයි ඉයන් ස්ටීවන්සන් මහතා. මා ඔහු හමුවී තියෙනවා.කරුණාකර, ලොවම දන්නා ඒත් ඔබතුමා නොදන්නා මේ ඉංග්‍රීසි පර්යේෂණ ග්‍රන්ථ කියවන්න.ඔබතුමාට එවිට සත්‍යය වැටහේවි.ඉරිදා ලංකාදීප පත්‍රයේ පලවෙන හා පළවූ තිස්ස ජයවර්ධන මහතාගේ පුනරුත්පත්ති ලිපි කියවන්න.ඒ මහතාත්, මේ පර්යේෂණ හා සම්බන්ධ ක්‍රියා කරන කෙනෙක්.මේ රටේ ඇතැම් මිනිසුන් දහමට නිගරු කරාට,බෞද්ධ නොවන බුද්ධිමතුන් දහම සත්‍ය බව විද්‍යාත්මකව ඔප්පු කොට තිබෙනවා.දහම සම්පූර්ණයෙන්ම ඔප්පු කොට පෙන්වීමට නවීන විද්‍යාවට නොහැකි වී තිබේ.එය දහමේ වරදක් නොවේ.අනාගතයේදී ලොව පුරා බුද්ධිමත් විද්‍යාඥයන් එය ඉටුකරනු ඇත.මේ පින්බිමේ සිටිනා අප, සුද්දන් සොයාගෙන ඇති දේ පවා නොදැනීම කනගාටුවට කරුණකි.කන් ඇත්තෝ අසත්වා .. !!!

:       3       93

chinSaturday, 02 September 2023 01:58 PM

පුනරුප්පත්තිය කියා දෙයක් ඇති බව බුදු හිමියන්ගේ දහමයි...!

:       4       29

sumindaTuesday, 12 September 2023 10:01 AM

අපේ රටේ උපතින් බෞද්ධ උනාට ඒ හැමෝම සෑබෑ බෞද්ධයෝ ද කියල හිතෙනවා, බුදුන් වහන්සේ දේශනා කලේ පරම පිවිතුරු සත්‍ය පමණි. එම දහම සංධිට්ටිකයි, අකාලිකයි , ඒහිපක්ෂිකයි, ඔපනයිකයි, මේ ලෝකය පවතිනතාක් ම එයයි සත්‍යය. ලෝකවාසීන් විද්‍යාව තුලින් ලෝකය දකින්න උත්සහ කරද්දී, මේ බෞද්ධ රටේ ඉන්නා බෞද්ධයෝ බුදු දහමේ අගය නොදනී. ජීවියකුගේ ඉපදීම සතර විදියකට සිදුවන බව බුදුන් වහන්සේ දේශනා කලේ වසර 2600 කටත් පෙර, එහෙත් එහි සත්‍යභාවය විද්‍යාවෙන් සොයා ගත්තේ මෑතකදීයි. මිනිසාගේ පියවි ඇසට නොපෙනෙන දෑ දැන් දියුණු තාක්ෂණයෙන් සොයාගත්තට, බුදුන් වහන්සේ දේශනා කලේ වසර 2600 කටත් පෙරයි.

:       0       4

Perakum Wednesday, 30 August 2023 03:43 PM

බටහිර විද්‍යාඥයින් නොයෙක් වර මෙවැනි අදහස් ඉදිරිපත් කර ඇත. මීට අමතරව පෙර භවය පිලිබද මතකය ඇති කුඩා දරුවන් පිලිබදවද බොහෝ අධ්‍යයනයන් සිදුකර ඇත. මෑතකදී පලවූ පුවතකින් කියවුන අන්දමට තනිව මුණගැහුන අවස්ථාවලදී චතුර ලෙස හා නිවැරදිව ඉංග්‍රීසි බසින් කතාබස් කරන කුඩා දරුවන් පස්දෙනෙක් ගාලු දිස්ත්‍රික්කයේ ඈත ගමක සිටිති. අන් අය සමග සිංහලෙන් කතා කරති. එම ප්‍රවෘත්තිය අනුව මෙම දරුවන් පස්දෙනා පසුගිය භවයේ ගුවන් අනතුරකින් මියගොස් ඇතැයි සැලකේ. දේශීය පර්යේෂකයින් මේවා පිලිබද සොයා නොබලන්නේ මන්ද?

:       8       62

Anonymous Wednesday, 30 August 2023 04:42 PM

නැවත ඉපදීම ගැනත්, නැවත නැවත දුක් සහගත ලෝකවල දුක්ඛිත තත්ව වලින් ඉපදීමෙන් වන දුක නැතිකිරීම හෙවත් සදාකාලික විමුක්තිය නිවැරදිව ලබන ආකාරය ගැනත් බුදුවරයා විසින් ප්‍රකාශ කරන ලද්දේ දැනට වර්ෂ දහස් ගණනකට පෙරයි...

:       3       102

සජීව විජේවීර Wednesday, 30 August 2023 04:49 PM

මේ පුද්ගලයා වෛද්‍යවරයෙක් නෙවෙයි. ඒ පුද්ගලයා විකිරණ වේදියෙක් සහ ලේඛකයෙක්. ‌ලෝකයේ සිටිනවවා ව්‍යාජ විද්‍යාඥයන් කියලා කට්ටයික්. මෙයා මරණින් මතු ජිවිතය සම්බන්ධ පදනමක් පිහිටුවාගෙන ඒ් සම්බන්ධ ලිපි ලියමින් මුදල් එකතු කරනවා. ඒ සඳහා ඔහු පොත් පවා ලියා තිබෙනවා. ලෝක‌ේය ඉන්නවා ව්‍යාජ විද්‍යාඥයන් (pseudoscientist) කියා කට්ටියක්. මෙයත් එහෙම කෙනෙක් කියා තමයි ලෝකයේ පර්යේෂකයන්ගේ පිළිගැනීම. මේ වගේ දේවල් වැදගත් වෙබ් අඩවියක දාන කතා නෙවෙයි.

:       58       33

P.A.Ariyaratne Wednesday, 30 August 2023 05:07 PM

මෙය බුදුදහමට බෙහෙවින් සමීප ය.

:       6       51

Ruwan R Wednesday, 30 August 2023 08:13 PM

දැන්වත් පිලිගනීද මන්දා..

:       5       44

ලුම්බිණි Thursday, 31 August 2023 05:33 AM

ටිකක් පිස්සු වගෙයි නේද?

:       47       11

පාලිත වර්ණකුලසූරිය Thursday, 31 August 2023 06:59 AM

වෛද්‍ය රේමන්ඩ් මූඩි බොහෝ කලකට පෙර කළ පර්යේෂණවලින් ද මෙවැනි අදහසක් පළ කර තිබුණා.

:       2       48

david Thursday, 31 August 2023 09:14 AM

මොහු මානසික වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතුව ඇත

:       52       12

උපුල් රංජිත් Thursday, 31 August 2023 10:29 AM

බුදුන්වහන්සේ ද දේසනා කලේ මරණින් මතු ආත්මයක් ඇත යන්නයී

:       3       61

Sunanda Thursday, 31 August 2023 11:43 AM

මෙය අතිශය නොමග යවන සුළු ප්‍රකාශයකි.උපතේ සිට තමන් ලද අත්දැකීම් (සංස්කාර)සහ සංඥ්ඥා මත පදනම් වන මොලය යම් දෙයක් විග්‍රහ කරන්නේ එම ගතියට සමපාතවමයි.මෙය ස්කන්ධ ගතික ආකර්ශනයයි.ස්කන්ධ හෙවත් ඇස කන නාසය ආදී ඉන්ද්‍රීයන් පුහුනු කලේ යම් වෘත්තියකට සමපාතව නම්, හෝ උගත් යම් දෙයක් තර්කයේදී බිඳ නොවැටුනේ නම් එයම ආත්මවිස්වාසය කරගෙන ඒ මත ගොඩනඟන තර්කය නිවැරදි නොවේ.එහෙත් ඔහු විසින් නැවත නැවත පෝෂනය කරනා මෙම අවස්තාව ඔහු විසින් අව්‍යාජවම පිලිගන්නේ නම්,එයම ජවන් සිතකට සමපාතවීමේ සම්භාවිතයක් ඇත.එහෙත් මරණින් මතු කිසිවෙක් කිසිවකට ඇදීයාමක් හෝ නිමේෂයක් අතොරක් නැති නිසා එය සාමාන්‍ය පෘතග්ජන මනසට ගෝචර නොවේ.ප්‍රොයිඩ් විෂ්්ලේෂන වාද මතය පදනම් කරගෙන කරන මෙම ප්‍රකාෂ අතිශය අවිද්‍රව පමනක් නොව අවිද්‍යාව තුල විද්‍යාවකි.

:       34       8

ප්‍රියලාල් ප්‍රනාන්දු Friday, 01 September 2023 01:25 PM

මා 2005 වසරේදි සිදුවූ මාරක අනතුරේදි මෙවන් අත්දැකීම් ලබපු කෙනෙක්. පරීක්ශණ වලට අනුකූලවම ඒ අත්දැකීම් සත්‍යයයි.

:       1       23

සමන්Saturday, 02 September 2023 02:03 PM

ඒ මොළය තුළ සිදුවන දෙයක් මිස ඔබ සිරුරින් පිට ගිහින් වන දෙයක් නොවේ.

:       11       8

Anonymous Friday, 01 September 2023 07:57 PM

ඒ සත්‍ය පැවසූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ ගෞරවය සහ නමස්කාරය...!

:       3       26

Siripura Friday, 01 September 2023 08:02 PM

බුද්ධං සරණං ගච්ඡාමී! බුදුන් සරණ යමි...

:       1       16

Kalum Friday, 01 September 2023 10:16 PM

බෞද්ධ දර්ශණය තුළ හේතුඵල දහම මනාව පැහැදිලි කරයි. ලෝකය යනු සියළු මනුෂ්‍යාට ඇති ආයතන හෙවත් ඇස කණ නාසය දිව ශරීරය මනයි. මේ ආයතන හය ඇති ආකාරයට ගැනීම නැවත උප්පත්තියකට හේතුවේ, කිසිම දෙයක් මොහොතක්වත් නොපවතින ලෝකය තුල ආයතන හය තුලින් ගන්නා අරමුණ සිත හරහා ක්‍රියාත්මක වීමේදී තියෙන බවක් අරගෙනම මිනිසා කටයුතු කරයි. මෙය අවසාන මොහොත හෙවත් මරණාසන්න මොහොතේදී චුතියට බලපා නැවත තිස් එක් තලයෙන් කුමන තලයක හෝ ප්‍රතිසන්ධිය ලබයි, මේවා ඉතා සියුම් කාරණාය, මම මම ගැනවත් හරියට දන්නේ නැතිව බෞද්ධ දර්ශණය තුල ඇති මෙවැනි ගැඹුරු කාරණා ගැන විවේචනය කරන්නා මෝඩයෙකි. තම තමුන්ගේ ආශ්වාශ කරන පණ රැකෙන හුස්ම රැල්ල තමන්ට පේනවාද, ශරීර අභ්‍යන්තරය තුළ වෙන ක්‍රියාවල් පෙනෙනවාද, ඒවාත් ඉතා සියුම් කාරණායි. බුදු දහම ගැන හරියට දෙයක් ප්‍රත්‍යක්ෂ දැනුමකින් තොරව ගැඹුරු කාරණා කථා කිරීමම හරිම විහිළුවකි. බුදුදහම යනු මෙලොව ඇති පරම සත්‍යයේ දමයි, එයට සම කල හැකි කිසිම විද්‍යාවක් ද දර්ශණයක්ද නැත. එය ස්වභාව ධර්මයේ රිද්මය කියා දෙන දර්ශණයයි. බුදුදහම ඇත්තේම ප්‍රඤ්ඤාවන්තයින්ටමයි. බාලයන්ට නොවේ... මේ කය පවතින්නේම අප ගන්නා ආශ්වාෂ වාතයයි, ආහාරයි නිසාමයි...

:       2       14

කැලුම් Friday, 01 September 2023 10:19 PM

බෞද්ධ දර්ශණය තුළ ඇති හේතුඵල දහම මෙවැනි කාරණා සමග දාර්ශණික විග්‍රහයක් කළ හැක.

:       1       9

Nimal ranasinha Saturday, 02 September 2023 06:04 AM

මගේ බුදුපියාණන් වහන්සේ දේශනා කළ පුනරුත්පත්තිය මුළු ලෝකෙම දන්නවා...

:       2       8

Gayan Saturday, 02 September 2023 11:47 AM

මීට අවුරුදු 2600කට කලින් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ ගැන...

:       0       10

Mjb bogahawathta Saturday, 02 September 2023 12:38 PM

අනිවාර්යෙන්ම බුදුදහමට ගහන්න ආගමක් නැහැ...

:       0       10

Ranga Saturday, 02 September 2023 01:30 PM

බුද්ධ ධර්මය යනු ස්වභාව ධර්මයයි...

:       0       13

chin Saturday, 02 September 2023 02:00 PM

බුදු හිමියන්ගේ දහම යනු නැවත ඉපදිම කියා දෙයක් නැති බවයි. අද බොහෝ අය හින්දු ජයින ආගම් මිථ්‍යා මත බුදුදහම කියා බදාගෙන ඉන්නවා...

:       19       5

නුවන් Tuesday, 05 September 2023 06:20 AM

බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සාහිත්‍යය පටලගන්න එපා.බෞද්ධ සාහිත්‍යය උත්සාහා කරන්නේ අසන්නාගේ හිත තුල ගෞරවය ,සහ බිය එක්කොට ඒ දෙකේ සම්ප්‍රයුක්ත අදික ශ්‍රද්ධාවක් ඇති කිරීමටයි.අපාය ,දිව්‍ය ලෝක, සෲධි ප්‍රාතිහාර්ය වගේ දේවල් බෞද්ධ සාහිත්‍ය තුලින් නිර්මාණය උන දේවල්.

:       7       4

Nihal Tuesday, 05 September 2023 10:29 AM

මම ස්පිරිතාලේ වැඩ කරන කාලේ බුදුදහම සත්‍යතාවය වඩාත් අවබෝධ උනේ,කිසිදු වයස භේදයක් නැතුව උපන් ගමන් සිට කිසිදු උස් පහත් භේදයක නැති එකම කාමරේ මිණී කාමරේ. කුසල් වඩන්න ,දුෂ්ට නොවන්න මුදල් සාධාරණව හොයන්න,මත්පැනින් සම්පූර්ණයෙන් වලකින්න

:       1       8

Anonymously Tuesday, 05 September 2023 12:52 PM

✝️ දේව ගණ = අධික මෛත්‍රිය, උත්කෘෂ්ට ධර්මිෂ්ඨ ස්වභාවය. ලා පැහැති සමක් ඇත... ✝️ මනුෂ්‍ය ගණ = මධ්‍යම ප්‍රමාණයේ ධර්මිෂ්ඨ ස්වභාවයක් ඇත. ලා පැහැති සමක් ඇත... ✝️ රාක්ෂ ගණ = අධර්මිෂ්ඨ ගති ගුණ ඇත. ද්වේශ සහගතය. අඳුරු පැහැති සමක් ඇත...

:       4       7

podi hadayaWednesday, 13 September 2023 12:09 PM

පිස්සු හොඳ එක.. බොරු කියන්න එපා.

:       1       1

නලීන් Sunday, 17 September 2023 07:57 AM

මම නම් හිතන්නේ සතෙක් කියන්නේම එකිනෙක මත රදාපවතින ජීව ක්‍රියාවලි සමුදායක සහසම්බන්ධයක්... ඒකේ සමතුලිතතාව නැති වෙච්චි ගමන් ඒ පද්ධතිය අක්‍රීය වෙනවා. මැරෙනවා..

:       0       1

චින්තක අබේරත්න Monday, 18 September 2023 06:45 PM

මේ මනුස්සයා අමු තක්කඩියෙක්. මරණාසන්න අත්දැකීම් සිදුවෙන්නේ කොහොමද කියලා වෛද විද්‍යාවෙන් සොයාගෙන අවසන්. එය මොළයට ඔක්සිජන් සැපයුම අඩාල වීමේදී ඇතිවන තත්වයක්. එය කෘතිමව පවා ඇති කරලිය හැකියි. අනික මේ යෝධයා වෛද්‍ය විශේෂඳයෙකුත් නෙවෙයි. විකිරණ කාර්මිකයෙක්. මේවගේ පච උස්සන් දුවන්න රටේ මිනිස්සුන්ගෙන් සියයට අනූවක්ම ඉතාම කැමතියි. ස්මාර්ට් ෆෝන් අතේ තිබුණාට යමක ෆැක්ට් චෙක් කරලා අවබෝධ කරගන්න තරම් විවේකයක් කාටවත් නෑ...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 677 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1387 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 189 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 686 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 7691 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2578 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26141 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 427 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site