IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


මරණ ඉහළ යයි කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම වැඩ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොරෝනා වයිරසය ආසාදිත තත්ත්වයෙන් මියයන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් රෝහල්වල මෘත ශරීරාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා කලුතර දිස්ත්‍රික්කයේ සියලුම ආදාහනාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි.

කළුතර මහ දිසාපති ප්‍රසන්න ගිනිගේ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගත් බව සෞඛ්‍යය අධ්‍යක්ෂවරයා කිය

එම තීරණය සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයාට ද ලිඛිතව දැනුම් දීම සඳහා පියවර ගත් බව වෛද්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (12)

මරණ ඉහළ යයි කළුතර සියලු ආදාහනාගාරය පැය 24ම වැඩ

පිටිගල මිලානෝ Friday, 06 August 2021 02:37 PM

අපි තමයි හොඳටම කරේ...!

:       6       247

ranjith Friday, 06 August 2021 03:10 PM

අපේ රට දූපතක් වෙලත් මේ රෝගය පාලනය කරගන්න බැරිවෙලා.. රට සති 03ක් විතර මුළුමනින්ම වහලා රෝගීන් හඳුනාගෙන වෙන්කර ප්‍රතිකාර කරමින් අනතුරුව දිගටම තොටුපළවල් වහලා මේ රටේ අහිංසක ජීවිත බේරාගන්න කටයුතු කළේ නැතිනම් මේ පාලකයෝ ඉතිහාසගත වෙනවා. රටේ අවාසනාවන්ත ඉරණමකට සංචාරකයන්ගේ තුට්ටු දෙකකට කෑදර කමේ රට ඇරගෙන හිටියොත් විනාශ වෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත.

:       0       13

Suranjith Friday, 06 August 2021 03:14 PM

මුළු ලංකාවේම ඊයේ මැරුණේ 94ක් නම් කොහොමද කළුතර විතරක් 24 පැයෙන්ම ආදාහනාගාරය වැඩකරන්නේ. මේ කියන්නේ රජය දෙන විස්තර වැරැදියි කියලා නේද?

:       2       86

lalithFriday, 06 August 2021 05:38 PM

මළ සිරුරු එකින් එකට ආදාහනාගාරය ශුද්ධ පවිත්‍ර කළයුතු නිසා සහ අාදාහන කටයුතුත් සීරුවෙන් කිරීම නිසාත්, හුඟක් වෙලාව ගතවෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා.

:       18       0

dewa Friday, 06 August 2021 03:35 PM

දැන්වත් ඔය ලොකු කතා නතර කරලා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න. නැතිනම් රටට ලොකු විනාශයක් අතළඟ ..

:       1       49

ganegoda Friday, 06 August 2021 03:47 PM

රට කොරෝනාවෙන් බේරාගත්තා කියලා කයිවාරු ගහපු අයියා, මලෝ දැන් කොහේද ඉන්නේ...?

:       1       64

සැමන් Friday, 06 August 2021 03:50 PM

කලකට පසු මතුවූ පිටිගල මිලානෝ සහ ඒ වගේ ප්‍රතිචාර දක්වන අයගේ දැනගැනීම පිණිසයි. ආණ්ඩුවේ ප්‍රශ්න එමට තියෙනවා. නමුත් බොහෝ සාමාන්‍ය ජනතාව හැසිරෙන විදිහත් අන්තිමයි. කළුතර, නාගොඩ පැත්තේ එක් පවුලක් මරණයකට ගිහින් බිරිඳ ලෙඩ වුණා මුලින්ම... ඒ එක්ක ගෙදර වෙන අයත් අසනීප වුණා. සද්ද නැතුව පිට අය එක්ක ගනුදෙනු කළා. තමන්ගේ අතිරේක ආදායම් ඇහිරීම ලොකු නිසා සද්ද නැතුව වෙන ගෙවල් වල පවා ගියා ඒ බිස්නස් එකේ වැඩට... දැන් බිරිඳගේ පවුලේ ඥාතීන් පවා අසනීපයිලු. අන්තිමට pcr කළාම ලෙඩේ තහවුරු වුණා. මේ අය අඩුගානේ සිය දෙනෙක්ට වගේ ලෙඩේ දීලා ඇති. තව කළුතර ගෙදරක වැඩිහිටි කාන්තාවක් මට ඕවා බෝවෙන්නේ නෑ කියලා රෝන්දේ ගහලා දැන් ඒ ගෙදරත් ඉවරයි. මේ පවුල් දෙකම 69 ලක්ෂයට අයිති නැහැ. අලි සහ 3% සාමාජික කට්ටිය. තව ඕනෑතරම් 69 ලක්ෂයත් ඇති. ආණ්ඩුවක් මොනවා කරන්න හැදුවත් වැඩක් නෑ මහ ජනතාව ඔය වගේ හැසිරනවා නම්... ඒ නිසා ආණ්ඩුවට බනින හැම දෙනාම තමන් දන්නා අයගේ හැසිරීම හොඳින් සොයා බලන්න. මම මේ ලිව්වේ පුද්ගලිකව අහපු අසල්වැසියන් ගැන. ඔබේ අයත් එහෙම නම් ආදාහනාගාර පැය 24 වැඩකරත් මදිවෙලා.. ඉන්දියාවේ බ්‍රසීලයේ වගේ අහුවෙන හැම තැනම පුච්චන්න වළලන්න වේවි...

:       236       262

පිටිගල මිලානෝ Friday, 06 August 2021 04:49 PM

මම ලිව්වේ එක්තරා රටක නායකයෙක් කියූ වැදගත් ප්‍රකාශයක්... කොරෝනා වැනි වේගයෙන් පැතිරෙන ආසාදනයක් ගැන මෙසේ ප්‍රකාශ කර දේශපාලන වාසියක් ලබන්න හැදූ ඔහුගේ සාමාන්‍ය දැනුම ගැන රටවැසියාට නම් බොහෝ ප්‍රශ්න ඇති. එම අකාලික ප්‍රකාශයම අද ඔහුට බූමරංගයක් වී ඇත.

:       1       222

DilanFriday, 06 August 2021 05:26 PM

පක්ෂ, පාට ඇදලා ගන්න එපා. තේරුම් ගන්න ඒ මිනිස්සුන්ගේ හැටි. මිනිස්සු විවිධාකාරයි. එහෙම නොවී සියළුම දෙනා නීතියට ගරුකරලා පිළිවෙලට ඉන්නවා නම් රටකට පොලිසියක් වත් අවශ්‍ය නෑනේ... ලෝකෙ කොහේවත් එහෙම මිනිස්සු නෑ. ඒ මිනිස්සු පාලනය කරන්න තමයි ආණ්ඩුවක්, නීතිය රකින්න පොලිසියක් තියෙන්නේ. මොන රටේද මිනිස්සු පරිස්සම් වෙලා කොරෝනා නැති කරේ? කොහේවත් නෑ. ඒත් නීති තදයි නම් මිනිස්සු පාලනය වෙනවා. එහෙමයි වෙන රටවල් වල මේක නැති කරේ. ඒත් අපේ රටේ හෙට එළියට යන්න එපා, හෙට කොළඹට යන්න එපා කිව්වොත් මිනිස්සු ගණන් ගන්න් නෑ. ඇයි? දන්නව එපා කිව්වට යන්න පුළුවන් කියලා. මිනිස්සු වැරදි කරනවා. ඒක නවත්වන්න පුළුවන් පාලනය කරන මිනිස්සුන්ටම තමයි. මිනිස්සු වැරදි නොකරයි නම් කුමටද පාලනයක්? ආණ්ඩුවක්? පොලිසියක්? නීතියක්?

:       0       117

Sahan Friday, 06 August 2021 03:55 PM

අපි තමයි හොඳටම කළේ... !

:       15       81

සෙනෙවිරත්න Friday, 06 August 2021 11:00 PM

මරණ සියල්ල ආදාහනය කළ යුතු යැයි මොරගෑ අය මෙම අධික ලෙස සිදුවන මරණ සියල්ල ආදාහනය කරන්නේ කෙසේදැයි කිව යුතුයි. ආදාහනාගාර සියල්ල උපරිමව වැඩ කළත් මෙම මරණ ආදාහනය කිරීමට නොහැකි වනු ඇත. දෛවෝපගත ලෙස අන්අයට රිදවීමට ගත් ආදාහන තීන්දුව අපටම කඩ කිරීමට සිදුවනු ඇත.

:       120       2

de silva Monday, 09 August 2021 10:46 AM

දැන්වත් එන්නත්කරණය අවසන් වන තෙක්‌ ලොක් ඩවුන් එකකට යන්න .නැති නම් අපට වෙන්නේ ඉන්දියාවට වුන දේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 447 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 744 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1744 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2502 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 541 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 450 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site