(*** රංජන් කස්තුරි)
මරණ දඬුවමට යටත්ව සිටින පුද්ගලයකුට පාර්ලිමේන්තු අසුනක් හෙබවීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ අයිතියක් නැති හෙයින් ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක කටයුතු කළ නොහැකි යැයි නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනය කර ඇති හෙයින් ඔහුගේ මරණ දඬුවම තාවකාලිකව නතර කෙරුණද ඔහු වරදකරුවීම අත්හිටුවීමක් සිදු නොවන බවද නීතිපතිවරයා පෙන්වා දී ඇතැයිද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (ඇ) වගන්තිය ප්‍රකාරව මරණ දණ්ඩනය හිමි පුද්ගලයකුට ඡන්ද බලය පවා අහිමි වන බවද නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට යැවූ පැහැදිලි කිරීමේ සඳහන් කර ඇති බවද ජයරත්න මෙනවිය කීවාය.
ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර ට පාර්ලිමේන්තු අසුනක් හෙබවිය නොහැකි බව නීතිපතිවරයාගේ අදහස වන බවද නිශාරා ජයරත්න මෙනවිය කීවාය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මරණ දඬුවම නියමවූ අයකුට මන්ත්‍රී කෙනකු වෙන්න බෑ
siri Tuesday, 01 September 2020 07:38 AM
ඒක එහෙම වෙන්නේ නැහැ කියලා අර වයසකම ඇමැතිතුමා කියනවා ඇහුණා. කවුද දන්නේ නැහැ නීතිය හරියටම දන්නේ..? ඇමැතිතුමාද? නීතිපතිද?
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 01 September 2020 08:23 AM
අර මහලු මන්ත්‍රීතුමාගේ කතාව අනුව මරණ දඬුවම නියම කලේ කතානායක වරයාද නැතිනම් උසාවියද?
GalaparaTuesday, 01 September 2020 11:10 AM
කිසිම නීතිගරුකකමක් නැති ඔය අයට මනාප දුන්නු අයට ගහන්න ඕනේ. මෙහෙමත් බත්කර හරක් ඉන්න රටක් ලෝකයේ කොහේවත් නැතිව ඇති. මිනිසුනේ.., මොලේ ඇති කෙනෙක් පාර්ලිමේන්තු යවන්න.
ජයරත්තTuesday, 01 September 2020 01:18 PM
මොහොමඩ් මහතාගේ අදහස දැක්කම මටත් අදහසක් ආවා. 2015 ට පෙර හිටපු කථානායක චමල් මහතා කිව්වා ෆොන්සේකා මහතාට හිර දඩුවම් නියමකළ නිසා පාර්ලිමේන්තුවට එන්න ඉඩ දෙන්න බැහැ කියලා. ෆොන්සේකා මහතාට දඬුවම් කලේ පලිගැනීමකට කියලා ඕනෑම කෙනෙක් දන්නවා. චොකා මලයා කලේ මිනීමැරීමක්. දඬුවම මරණ දඬුවම. ඉතින් වයස්ගත වී කල්පනා ශක්තිය නැත්තටම නැතිවුණත් සමහර අය කියනදේ අහලා මොහු පාර්ලිමේන්තුවට ගෙනාවොත් එහි කීර්තිය නැතිවෙනවාට අමතරව රටටත් හානියක් වෙනවා..
Lankaputha Tuesday, 01 September 2020 07:39 AM
20 වැනි සංශෝධනයට හොඳ මාතෘකාවක්..
banda Tuesday, 01 September 2020 07:39 AM
20වැනි සංශෝධනයෙන් මේක වෙනස් කළාම හරි... එවිට මරණ දඬුවමට නියම වී සිටින වෙලේ සුද්දත් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්.
jagath Tuesday, 01 September 2020 08:03 AM
නීතිපතිත් නාගන්නයි හදන්නේ.. එයා දන්නේ නැද්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට උඩින් රාජපක්ෂ නීතිය තියෙනවා කියලා.
nalin Tuesday, 01 September 2020 08:30 AM
රටේ නමත් කැතවෙල වැඩතමයි ඕවා. මම දැක්කා ලංකාවේ මරණ දඬුවමට ලක්වුණු කෙනෙක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියලා CNA වලත් ගියා. මොන ලැජ්ජා නැති වැඩක්ද මේක? කොහොමත් 20වැනි සංශෝධනය ගෙනාවට පස්සේ තමයි සිද්ධිය බලන්න වෙන්නේ. මොකද ඔයවගේ හොඳ දේවලුත් 20න් අයින් කරන්නනේ බලාගෙන ඉන්නේ. මොකද ඉතින් ඔය මොකක් කරන්නත් ඡන්දෙන් 2/3ක බලයක් හම්බවුණානේ ඉතින්.. මිනිස්සුන්ට කියන්න තියෙන්නේ ඉතින් කුම්බලා මාළු කෑවා නම් විඳවපන් කියලා තමයි ඉතින්.