(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
සහල් තොග නොලැබීම හේතුවෙන් මරදගහමුල සහල් තොග වෙළඳ මධ්‍යස්ථාන භූමිය පාළු ස්වභාවයක් අද(18 ) දැකගත හැකිවිය.
අද( 18 ) උදෑසන මරදගහමුල සහල්තොග වෙළඳ සල් වලින් විවෘතව පැවතියේ තුන හතරක් පමණි.
කීරී සම්බා , කැකුළු සම්බා වැනි වර්ග පමණක් විවෘතව පැවති වෙළඳ වෙළඳ සල් වල දැකිය හැකි විය .
නාඩු සහ සුදු කැකුළු වෙළඳපළේ දක්නට නොමැති විය . ව්‍යාපාරිකයන් සඳහන් කළේ ඔවුන්ගේ මරදග හමුල ප්‍රදේශයේ පිහිටි මෝල් වල තිබූ වී සහල් බවට පත්කොට වෙළඳපොළට නිකුත් කොට අවසාන බවයි.
ඒ හේතුවෙන් තමන්ගේ මෝල් වසා දමා ඇති අතර විකිණීම සඳහා සහල් නොමැති වීමෙන් වෙළෙඳසල් ද වසා දැමීමට සිදුව ඇතැයි ඔවුහු සඳහන් කළහ .
දිවයිනේ වෙනත් ප්‍රදේශ වල සහල් මෝල් වලින් නිෂ්පාදනය කරන සහල් ඔවුන් විසින්ම සිල්වරට විකුණන නිසා තමන්ට සහල් ලබා ගැනීමේ ක්‍රමයක් නැතිබවද ඔවුහු කීහ
මරදගහ මුල නගරයේ සිල්ලර වෙළඳසැල්වලත් හාල් තියෙන්නේ සුළු ප්‍රමාණයක් බව එම වෙළෙන්දෝ සඳහන් කළහ .
පාලන මිලට යටත්ව සහල් නිෂ්පාදනය කරන්න වී ලබා ගැනීමට නැතැයි ද වී කිලෝ එකක් රුපියල් 150ක් විතර වෙන එබැවින් එම මිලට වී ලබාගෙන සහල් නිෂ්පාදනය කර පාලන මිලට ලබාදීම ප්‍රශ්නයක්ව ඇතැයි ද ඔවුහු කීහ .
නොබෝදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවීමේ සිද්ධිය පිළිබඳව සිදු කළ විමර්ශනවල සවිස්තර වාර්තාවක් හෙට (19) පෙරවර
චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජතයන් 10 දෙනකුගේ සහභාගීත්වයෙන් මහවැලි ගොවීන්ට රසායන ද්‍රව්‍ය ඉසින යන්ත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් වෙළෙඳ වාණිජ, ආහාර, ස
කෘෂිකාර්මික කටයුතු වලදී වගාවට වන සතුන්ගෙන් සිදුවන හානිය සහ එම හානිය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගත හැකි ආකාරය පිළිබඳව කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම
තමා නීති විභාගය වායු සමීකරණය කළ කාමරයක තනිවම ලිව්වේ යැයි නගන චෝදනාව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
මරදගහමුල හාල්පොල පාළුවට