IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


මරදාන දුම්රිය පාලමෙන් වැටී කාන්තාවක් ජාතික රෝහලේ

(යොහාන් භාසුර)

මරදාන දුම්රිය ස්ථානයේ ගුවන් පාලමෙන් ඇඳවැටී අනතුරකට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට අද (9) පෙරවරුවේ ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

මරදාන දුම්රිය ස්ථානයේ 7, 8, 9 සහ 10 වැනි වේදිකාවලට ඇතුල්වීමේ පාලම දෙපස සවිකර තිබු කම්බි දැල් මීට දින කීපයකට පෙර ගලවා ඉවත් කළ බවත් අදාල කාන්තාව කමිබි ඉවත් කළ ස්ථානයකින් ඇඳවැටී ඇති බවත් එම නිලධාරියා කීය.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් මෙන්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව මරදාන දුම්රිය ස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක පසුගියදා නිරත වූ බව කී එම නිලධාරියා එහිදී දුම්රිය ප්‍රධානීන් දුන් උපදෙස් අනුව සේවකයන් ගුවන් පාලමේ ආරක්‍ෂාවට යොදාතිබූ ආරක්ෂිත කම්බිදැල් එම අවස්ථාවේදීම ගලවා ඉවත් කළ බව ද සඳහන් කළේය.

එම කම්බි ආරවණය එම ස්ථානයේ තිබුණේ නම් මෙම අනතුර වලක්වා ගැනීමට හැකියව තිබූ බවත් එම ගුවන් පාළම විශාල ලෙස මගී ජනතාව භාවිතා කරන අතර විශේෂයෙන්ම පාසල් සිසුන් ද නිරන්තරයෙන් එම පාළම භාවිතා කරන බව ද ඔහු සදඟන් කළේය.

අධික මගී ජනතාවක් එම ගුවන් පාළම භාවිතා කිරිම නිසා ඉදිරියේ තවත් මෙවැනි අනතුරු සිදුවීමේ හැකියාවක් පවතින අතර දුම්රිය බලධාරින් අනතුරු වැලැක්වීම සඳහා පියවර ගතයුතු බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳව විමසීමට දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සහ නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ යන මහත්වරු දුකරථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද ඔවුහු දුරකථනවලට ප්‍රතිචාර නොදැන්වූහ.

 



අදහස් (0)

මරදාන දුම්රිය පාලමෙන් වැටී කාන්තාවක් ජාතික රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 

දියත

හිටපු ආණ්ඩුකාරවරයකු අක්කර 18 ක් අල්ලාගෙනලු:චෝදනා බොරුලු
2025 ජනවාරි මස 09 1448 0

හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨා


අධ්‍යාපන ලේකම්ගේ නමට ලියාපදිංචි වාහන 140 ක් අස්ථානගතවෙලා
2025 ජනවාරි මස 09 1248 0

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.


වී මිලදී ගන්න ‘ඔඩපණ’ ණය රුපියල් කෝටි 1,000 ක්
2025 ජනවාරි මස 09 585 0

මහ කන්නයේ (2024/2025) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණයේ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ‘ඔඩපණ’ ණය යෝජනා ක්‍රම


මරදාන දුම්රිය පාලමෙන් වැටී කාන්තාවක් ජාතික රෝහලේ
2025 ජනවාරි මස 09 17 0

මරදාන දුම්රිය ස්ථානයේ ගුවන් පාලමෙන් ඇඳවැටී අනතුරකට ලක්වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලට අද (9) පෙරවරුවේ ඇතුළත් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්


කාන්තවක සහ පුරුෂයකු පැහරගෙන ගොස් පහරදීලා
2025 ජනවාරි මස 09 555 0

වාලච්චේන ප්‍රදේශයේ කාන්තාවක සහ පුද්ගලයකු අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බව පවසමින් ඔටමාවඩි ප්‍රදේශයේ පල්ලියකට බලෙන් රැගෙන ගොස් කාන්තාවට 50 වතාවක් සහ


වරායේ වාහන පෙන්නා කළ වංචාවට හිටපු ප්‍රභූ ආරක්ෂකයා අල්ලන්න
2025 ජනවාරි මස 09 1786 0

විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් 27660000.00ක් වංචා කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් තවත් සිටී


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 65 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 497 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 263 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site