IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මැරෙන දවස කියන්න පුලුවන් ඩූම් කැල්කියුලේටරය

(විමුක්ති එස් රුද්‍රිගු)

මියයන දවස ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති ඩූම් කැල්කියුලේටර් නම් කෘතිම බුද්ධි ඇල්ගොරිතමයක් ගොඩ නැගීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්ව ඇත.

ඩෙන්මාර්කයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් මෙම ඇල්ගොරිතමය ගොඩනගා තිබේ.ඩෙන්මාර්ක රජයද මෙම පර්යේෂණයට සහාය දක්වා ඇති අතර රජය මගින් ලබා දුන් මිලියන 6 ක ජනතාවගේ දත්ත ඩූම් කැල්කියුලේටර් වෙත පර්යේෂකයන් ඇතුලත් කර ඇත.එහිදී එම දත්ත විශ්ලේෂණය කිරීමෙන් ඩූම් කැල්කියුලේටරය බොහෝ දේ ඉගෙන ගෙන තිබේ. එලෙස ලබා ගත් දැනුමෙන් පුද්ගලයන්ගේ ජීවිත ගමන් කරන දිශාව පිළිබඳ අනාවැකි පළ කිරීමට ඩූම් කැල්කියුලේටරය ඉගෙන ගෙන ඇත.

පර්යේෂණයට සහභාගී වී 2020 වසර වනවිට මියයන බවට ඩූම් කැල්කියුලේටරය අනාවැකි පළකල අයගෙන් සියයට 78 කට ලබා දුන් අනාවැකි සාර්ථක වූ බව පර්යේෂකයන් කණ්ඩායම ප්‍රකාශ කළේය.නමුත් කිසිම විටකත් එම පුද්ගලයන් මියයන බවට ඩූම් කැල්කියුලේටරය ලබා දුන් දිනයන් එම පුද්ගලයන්ට නොදැන්වූ බවද පර්යේෂකයෝ පැවැසූහ. 



අදහස් (8)

මැරෙන දවස කියන්න පුලුවන් ඩූම් කැල්කියුලේටරය

තිමිර Friday, 22 December 2023 06:44 PM

මිනිස්සුන්ව රවට්ටලා නූතන විද්‍යාවට ඕනෑදෙයක් කරන්න පුළුවන් කියන්නනේ මේ උත්සාහය... මිනිස්සු රවට්ටන්න හොඳයි...!

:       16       15

පියනන්දSaturday, 23 December 2023 12:25 PM

ඉස්කෝලෙ ගිහින් ඉංග්‍රීසි ටිකක් විද්‍යාව එහෙම ඉගෙන ගන්න. එතකොට ඔහොම කතා කියැවෙන්නේ නෑ. අනික "තිමිර" කියන්නේ අන්ධකාරය කියන තේරුම... නමින්ම පෙනෙන්නේ ඔබ අවිදු අඳුරේ සිටීමට කැමැති කෙනෙකු බවයි.

:       3       7

මොට්ටපාල Saturday, 23 December 2023 07:57 AM

මට හිතන්නේ මිනිස්සු මේක දැනගත්තාම හැමදාම බලයේ ඉන්න දඟලන එකක් නැහැ කියලා තමයි. නමුත් සමහරක් අය තමන් මැරෙන්නේ නැහැ කියලා කරන්න තියෙන වැඩ කල්දමමින් ඉන්නවා. සමහර විට එහෙම දේවල් අඩුවෙන්න ඉඩක් තියෙනවා. ඒ අතරේ හොරකම්, මැරකම් ටිකක් වැඩිවෙන්නත් පුළුවන් කියලා හිතෙනවා.

:       1       6

Perera Saturday, 23 December 2023 10:55 AM

ලොක්කෝ මැරෙන්නේ කවද්ද කියලා කියන්න ඉස්සෙල්ලාම අපිට පොඩ්ඩක් සූදානම් වෙන්න...

:       1       5

මැක්ස් Saturday, 23 December 2023 01:37 PM

බාගෙට මරණ විදිහ නම් හොඳටම දන්නේ දැන් අය තමයි. ඒ අය ගෙනාපු අරගල හැත්ත බුරැත්තට සෑහෙන්න සතුටු ඇති ඒ ගැන...

:       3       3

මාරසිංහ Saturday, 23 December 2023 02:43 PM

70% ක් කියන දේ හරියනවා. ඔය දේවාලවල ඉන්න හොර කපුවෝ කියන දේවලුත්... මොකුත් නැති මිනිහෙක් කීවත් ආසන්න වශයෙන් හරියනවා. ඕකට ඔච්චර වියදමක් දරන්න ඕනේද? ඕවා කවදාවත් හරියන ඒවා නෙමෙයි. අනතුරකින් මැරුණොත්, සියදිවි හානි කරගත්තොත් ඒවා.." පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ " කතාවක්... හිට්ලර්ට ඔහුගේ ජෝතිෂ්‍යවේදියා කීවාලු පොඩ්ඩක් පරෙස්සන් වෙන්න මාරකයක් තියෙනවා කියලා. හිට්ලර් ඇහුවාලු ඔබ‍ට කොහොමද මාරක එහෙම තියෙනවාද කියලා... මිනිහා කීවලු මට එහෙම මොකුත් නෑ කියලා. හිට්ලර් ඒ මිනිහා වෙඩිතියලා මැරුවාලු... මාරක නෑ. මිනිහා මැරුණා.

:       1       8

ආලෝක Saturday, 23 December 2023 06:39 PM

සාමාන්‍ය මිනිස්සුම ඇතුළු කරපු දත්ත වලින්, සාමාන්‍ය මිනිස්සුම ලියපු කේත වැඩසටහන් ක්‍රමයක් විසින්, ඒ ඇතුළු කල දත්ත විශ්ලේෂණය කරලා නිකම් අනාවැකියක් කියනවා මැරෙන කාලය.. නමුත් මැරෙන දවස සහ වේලාව හරියටම කියන්න නූතන විද්‍යාවට බැහැ. ඒකට දිවැස හෝ දිවැසින් නිර්මාණය කරපු, කර්මයන් විශ්ලේෂණය කළ හැකි විද්‍යාවක් හෝ අවශ්‍යයි... නිවැරැදිව වේලාව කියන්න නම්....

:       0       2

Programmer Saturday, 23 December 2023 06:47 PM

සත්වයෙක්ගේ මරණය සිද්ධ වෙන්නේ කර්මයට අනුව. කෘතීම බුද්ධියකට පුළුවන්ද කර්ම විෂය ගැන නිවැරැදි ගණනය කිරීම් කරන්න? එක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමේ. මේ පරිගණක වැඩසටහන මිනිසෙක් ආහාර ගන්නා රටාව, ජීවත් වෙන රටාව ගැන දත්ත ඇතුළු කළාම වැඩසටහන කේතනය කරලා තියන ක්‍රමයට අනුව අනාවැකියක් පෙන්වනවා. එච්චරයි. (ඒක නිවැරැදිම අනාවැකියක් නෙමේ)

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1319 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 260 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2219 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1232 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 661 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 445 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site