(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ දාරළුව දොරණාගොඩ මාර්ගයේ ජපන් මිත්‍රත්ව පාලම ආසන්නයේ රෝපණය කර තිබූ ඉන්දියානු නුග ගසක මුලට ඊයේ රාත්‍රියේ ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි.
ඉන්දියානු නුග ගසේ මුල කොටසට ගිනිතැබීමෙන් මුල කැඩී ගස පාර හරහා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය ඇණ හිට පැවතිනි. ඒ ආසන්නයේම වූ අනෙක් නුග ගසට ද ගින්නෙන් හානි වී තිබෙනු දැකිය හැකි විය.
වර්ෂ 1995 දී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ මැදිහත්වීම මත, ඇල් ඔයේ කෙටවල වෙල් යායේ ඉදිකෙරුණු ජපන් මිත්‍රත්ව පාලම 1996 වර්ෂයේ අගෝස්තු 31 දින එවකට අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් විවෘත කරන අවස්ථාවේදී, රෝපණය කරන ලද නුග ගසක් මෙසේ ගිනි තබා විනාශ කර ඇතැයි ප්‍රදේවාසීහු සදහන් කළහ.
එම අවස්ථාවේදී මාර්ගය දෙපස මෙම වර්ගයේ නුගපැළ 5ක් ඇතුළුව ගස් ගණනාවක් රෝපණය කරන ලදැයිද එම නුග ගස්වලින් තුනක් මියයාමෙන් පසු ඉතිරිව වැවී තිබූ එක් ගසක් මෙසේ විනාශ කර දමා ඇති බවද ජනතාව සදහන් කළහ.
මෙසේ ගිනි තබා විනාශ කර ඇති නුග ගස පිහිටා ඇත්තේ අධිවේගී මාර්ගයේ සීමාවේ පිහිටි කෘඩියා සෙලනිකා ගස පිහිටි ස්ථානයට මීටර් දෙතුන් සියයක් ආසන්නයේ වීම විශේෂත්වයකි. දින කිහිපයකට පෙර මෙම ගස මුලට ප්ලාස්ටික් බෝතල් දමා ගිනි දල්වා තිබූ බවත්, ඒ දුටු ආබාධිත රණවිරුවන් ඇතුළු ජනතාව එම ගින්න නිවා දමා ඇතැයිද එසේ තිබියදී ඊයේ රාත්‍රියේ යලිත් ගිනි තැබීමෙන් මෙම විනාශය සිදුව ඇතැයිද ඔවුහු සදහන් කළහ.
මග දෙපස දර්ශනීයත්වය සදහාත් මාර්ගයේ ආරක්ෂාව සදහාත් සිටුවා තිබූ මෙම ගස විනාශ කිරීමට විරෝධය පළකරන ජනතාව පාර හරහා වැටී තිබූ ගස ඉවත් කිරීමෙන් වැළකී සිටිමට කටයුතු කළහ. මාර්ග අවහිරය නිසා ඒ ආසන්නයේ පදිංචිව සිටින ආබාධිත රණවිරුවන්ඇතුළු ජනතාව සිය අවශ්‍යතා සදහා ගමනාගමන පහසුකම් සලසා ගැනීමේ ගැටළුවකටද මුහුණ පා සිටියහ.
සිහිවටනයක් සදහා ඉන්දවා තිබූ නුග ගස ගිනි තබා විනාශ කර මෙසේ පාරිසරික විනාශ්යක් සිදුකළ පුද්ගලයන් සොයා බලා නීතිමය පියවර ගත යුතු බව ජනතාව දැඩිසේ අවධාරණය කළහ. සිද්ධිය සැලවීමෙන් පසු එම ස්ථානය පැමිණි ගම්පහ පොලිසිය නිලධාරීන් සිදුකළ පරීක්ෂණයේ දී හෙළි වූ තොරතුරු මත මෙම ගස ඉරි තබා බිම හෙළා ඇතැයි කියන ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය.
ගිනි තබා විනාශ කරන ලද ඉන්දියානු නුගගස පිහිටි ස්ථානයේ ආසන්නයේ බිම් කොටසක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් ගේට්ටු නිලධාරියාට අයත් එකක් බව ද හෙළි වී ඇතැයි පොලිසිය කීය.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුලට ගිනිතියා ගස පාරට පෙරළයි
gamini Sunday, 28 February 2021 02:50 PM
අවසරයකින් තොරව පරිසරය විනාශ කිරීමට (ගස් කැපීම, පස් කැපීම, වැලි කැපීම, තෙත්බිම්, ජලපෝෂක ප්‍රදේශ විනාශ කිරීම, වනසතුන් දඩයම් කිරීම) ඇතුළු පරිසරයට හානිකරන්නා වූ පුද්ගලයන් සහ ඒ සඳහා නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකර බලපත්‍ර නිකුත් කළ සියලු දෙනාට 10 වසරක සිරදඬුවම් ලබාදීමට කටයුතු කළයුතු වේ.
විජිත් Sunday, 28 February 2021 10:54 PM
අප අතරේ කතාවක් තියෙනවා... " දෙවියන් මිනිසුන්ව විනාශ කරන්න කලින් මිනිස්සුන්ට පිස්සු හදනවා ..." කියලා. අපේ රටේත් ඒ අය හැමතැනම බෝවෙලා. මේ පිස්සන්ට ගස් වැල්, කැලෑ, වන සතුන්, දිය ඇලි... ගංගාවන් වැනි අප ජීවිතත් සමග කෙළින්ම බැඳී ඇති ස්වභාවික වස්තුන් පෙන්නන්නට බැහැ. රුපියල් ශත මිටියකට ඕනෑම දහජරා වැඩක් කිරීමට දෙවරක් නොසිතන මේ අය මේ කපන්නේ තමන්ට ජීවත්වන්නට අවශ්‍ය ඔක්සිජන් ටික සපයන, ගිනිගහන අව්වට හෙවනක් දෙන, විඩාවට සිසිලක් දෙන, බෙහෙත් වර්ග සඳහා දළු, කොළ, මුල් පවා දෙන, බඩගින්නට කෑමට ඵලයක් දෙන, විඩාවට පත් සිත් නිවන්නට අලංකාර මල් පුබුදන... අප සැම ජීවත් කරන " ජීවකයෙක් " බව නොදනීද? නැතහොත් යමක් හිතීමට තරම් වැඩුණු බුද්ධියක් මොවුන්ට නැතිද...? තීරණය උගත්, බුද්ධිමත් ඔබ සතුයි...
සිසිල් සුදේශ් Monday, 01 March 2021 02:40 AM
මොන අසත්පුරුෂයෙක්ද මන්දා?. මේ වගේ මිනිස්සු හිරේ දමලා මදි, පාර දිගේ ගස් හිටවන්න බලෙන් යොදන්න ඕනෑ.
sharm warn Monday, 01 March 2021 05:13 AM
අයියෝ මේ වගේ අය... මෙයාටත් ගිනිකූරක් පත්තුකරලා තිබ්බා නම් හරි. කතා දෙකක් නැහැ පාලකයන්ගේ ගෝලයෙක් වෙන්න ඇති..
Rata Perata Monday, 01 March 2021 07:49 AM
නන්දසේන පටන්ගත්ත සෞභාග්‍යය නැගලා යනවා වගේ.. ළඟදීම ලංකාවට බොන්න වතුරත් නැති රටක් වෙයි. දැන් රටේ අය ඇමෙරිකාවට පැනලා යයි.