IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මුලතිව් කුරුඳුමලේයි විහාරයේ ඉදිකිරීම් ඉවත්කරන්නැයි නියෝගයක්

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංඛ)

මුලතිව්, කුරුදුමලෙයි විහාර සංකීර්ණයේ නව ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් නැවත අලුතින් ඉදිකිරීම් සිදු නොකරන ලෙසත්  කුරුදුමලෙයි විහාරාධිකාරි ගල්ගමුවේ සන්තබෝධි නාහිමියන් ඇතුළු පිරිසකට මුලිත්ව මහේස්ත්‍රාත්  ආර්.සරවනරාජා මහතා තහනම් නියෝගක් නිකුත් කළේය.

මුලතිව් කුරුදුමලෙයි ආදි ශිව අයියනර් කෝවිලේ පාලක සභාව සහ හිටපු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මහතා විසින් ඓතිහාසික කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානයේ නව ඉදිකිරීම් සිදු කොට බෞද්ධ ස්ථානයක් බවට පරිවර්ථනය කරන බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවට අදාල මහේස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය.

පුරාවිද්‍යා භූමියේ සිදුවන නව ඉදිකිරීම, නව ප්‍රතිමා හා පිළිම තැන්පත් කිරීම සිදු නොකරන ලෙසත් එවැනි ඉදිරකිරීම් ඉවත්කරන ලෙසත් මෙහිදි නියෝග කෙරිණි

කුරුදුමලෙයි පුරාවිද්‍යා භූමියේ නව ඉදිකිරීම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලබා දෙන ලෙසත් නියෝග කළ අතර හින්දු  ජනතාවට පුරාවිද්‍යා භූමියට ඇතුළු වී ආදි ශිව අයියනාර් කෝවිලේ පූජා පැවැත්වීමට ඉඩ ලබාදෙන ලෙසත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

හින්දු බැතිමතුන්  පූජාව පවත්වන අවස්ථාවේ පොලිස් ආරක්ෂාව සපයා දෙන ලෙසට ද නියෝග කෙරිණි.



අදහස් (28)

මුලතිව් කුරුඳුමලේයි විහාරයේ ඉදිකිරීම් ඉවත්කරන්නැයි නියෝගයක්

මැක්ස් Monday, 18 July 2022 11:01 AM

අරගලයේ තවත් ජයක්!

:       31       59

Mendis UkMonday, 18 July 2022 12:58 PM

මේ පටන්ගත්ත විතරයි. අරගලකරුවනි. තව අරගල කරල මෙ රට නැත්තටම නැතිකරල දාන්න. එතකොට උතුරු නැගෙන හිර අවුරුදු 30 කට පෙර තත්වෙට අරන්යමු.ජයවේවා!!

:       18       37

"සංඝ-හිඳියාව"Monday, 18 July 2022 05:06 PM

වෙසක්, පොසොන්, ඇසළ මාස තුනම පෙළපාලි වල ප්‍රථිඵල නේද..?

:       0       1

කිරි පුතා Monday, 18 July 2022 11:05 AM

මෙන්න මේවට කමයි කට්ටියම එකතුවෙලා ගෝඨාභය මහතා එලවා ගත්තෙ . තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් දකින්න පුලුවන් වෙයි.

:       43       73

fairoosMonday, 18 July 2022 01:22 PM

ජාතිවාදයෙන් රට කරන්ඩ ආපු නන්දසේන රටට කරපු අපරාදයට වඩා මෙක ලොකු ද?

:       21       12

BamunuarachchiMonday, 18 July 2022 05:41 PM

හම්බයින්, දෙමල්ලුන් මෙරටින් පන්නා දමනතුරු මෙරටට හරියන්නේ නැහැ.

:       1       2

BamunuarachchiMonday, 18 July 2022 05:42 PM

හම්බයින් මෙරටින් පන්නන දවසක් ආවොත් මගේ මිත්‍රයා සොයාගෙන එනවා...

:       0       1

sanath Monday, 18 July 2022 11:06 AM

කෝ අර නීතිඥ සංගමේ අය. මෙන්න මේවාට තමයි ඉදිරිපත් වෙලා ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ අයිතිය නැති කරන දෙමළ දේශපාලකයන්ගේ වැඩ නවත්තන්න ඕනා. සාමකාමි ශ්‍රී ලංකාවක් තියෙන්න ඕනා නම්

:       24       75

Thilina Monday, 18 July 2022 11:28 AM

බොහොම හොඳයි .එහෙම තමයි වෙන්න ඕනේ..ලංකාවේ භූ බෞද්ධ සිද්ධස්ථානවලින් 90% කට වඩා හින්දු දේව ප්‍රතිමා තියෙනවා .ඕනෑම ආගමක ජාතියක කෙනෙකුට පන්සලට ඇතුළු වෙලා ඒවා වන්දනා මාන කරන්න පුළුවන් .සමහරවිට මට ජාජාතිවාදියා කියලා කියයි..ඒත් අරගල බිමේ හිටිය බහුතරයකට ඕනෙ වුනේ මේක තමයි

:       24       49

SLMonday, 18 July 2022 11:53 AM

රැට්ටා ,පැරට්ටා , අරගලේ අගමැතිකාර්යාල , ජනාධිපති කාර්යාල ,අර්ලිමේන්තු ව , ජනාධිපති ගේ ගෙදර වට කරපු උන් ට මේවා දැනෙන්නෙත් නැහැ පෙනෙන්නෙත් නැහැ. අරගලයට - .........................

:       10       33

Thushara Monday, 18 July 2022 01:51 PM

අපිට තියන බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන හොඳටෝම ඇති තවත් ජාතිවාදී, ආගම්වාදී වැදි බණ නොකියා සියල්ලෝම එකතුවෙලා ශ්‍රී ලාංකික ජාතිය තුළින් දැන්වත් රට ගොඩ අරගෙන ලෝකය ඉදිරියේ සිටිමු.

:       24       11

sharm warnMonday, 18 July 2022 02:26 PM

ඇයි අර කණ්ඩායම්? ඒකේ ඉන්නේ සිංහලේ , අරලේ , මේලේ කියාගෙන කෑ ගහපු අය නේද? එයාලා දැන් ලයිටුත් නැතිව කරුවලේද? ඒකද මේවා පේන්නේ නැත්තේ...?

:       4       3

BTMonday, 18 July 2022 12:12 PM

අරගල භූමිය කියන්නේ ගාලු මුවදොරද? නැත්නම් වෙනත් කොහේ හරිද? ඔය අරගලයට සහභාගි වුණු මුස්ලිම් අය නම් පන්සල් වලටවත්, හින්දු කෝවිල් වලටත්, කතෝලික පල්ලිවලටත් ගිහින් වන්දනාමාන කරන්නේ නැහැ. පිළිමවලට ගරු කිරීම ඔවුන්ගේ දහමට අනුව සපුරා තහනම්, ඒ කියන්නේ "හරාම්". අනෙක ඔවුන් අදහන්නේ එක සර්වබලධාරී දෙවි කෙනෙක් පමණයි. ක්‍රිස්තියානි භක්තිකයෝද එසේමයි. ලංකාවේ පන්සල්වල හින්දු දේව රූප ස්ථාපනය කිරීමට හේතුව මෙරට රජවරු ඉන්දියාවෙන් හින්දු භක්තික කුමරියන් සරණ පාවා ගැනීමයි. ඔවුන්ට ඔවුන්ගේ ඇදහිලි කිරීමට ඉඩ සලසා දීම මුල් කරගෙන විහාර භූමිවල දේවාල ඉදි කෙරුණා. මෙම කාරණා නොදන්නා අයගේ දැනගැනීම පිණිස මෙසේ සටහන් කරමි.

:       8       31

දෙවියොත් වඳින...Monday, 18 July 2022 05:33 PM

"කර්මය" හැම ආගමටම පොදුයි...! බුදුන්ගේ පළමු දේශනාව දෙසුවේ වසර 2566 පෙර මේ ඇසළ පුණ්‍ය මාසයේදීය. ඔබලා දන්නවාද ලෝකයේ අදහන ආගම්, දෙවිවරු ලෙස වන්ඳනා මානකරාද...? දෙවිවරුත් වැඳගෙන හිටිය එකම ආගමික නායකයා තමයි බුදුරජාණන්වහන්සේ බව.. තිස්තුන් කෝටියක් දෙවිවරු බුදුන්ට වැඳගෙන පළමු දේශනාව අසාගෙන සිටියා..!

:       0       0

kasun Monday, 18 July 2022 11:46 AM

සැප කණේ... තව හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් වෙයි ඉස්සරහට...

:       13       52

anura Monday, 18 July 2022 11:54 AM

පෙරහැර එන බව, කසකාරයෝ හඟවති.

:       8       30

ලුම්බිණි Monday, 18 July 2022 11:59 AM

මුලතිව්, කුරුඳුමලෙයි විහාර සංකීර්ණයේ නව ඉදිකිරීම් නේද එපා කියන්නේ..? පුරාවිද්‍යා ස්ථානයක් ලෙස මෙතන ආරක්ෂා කර ගත්තාම නරකද?

:       10       26

කිරි පුතා Monday, 18 July 2022 12:11 PM

අරගලය නමින් ජාතියක් බිහි කරන්න හදන අවිනීත, අසීලාචාර, ඉතිහාසයක් නොදන්න.. සද්ධර්මය ගැන වෛරයෙන් සිටින නිරයගාමී එක්තරා කොටසකට මෙවැනි දේ සතුටට කාරණයක් වුවද රට ක්‍රමයෙන් ආක්‍රමණයට නතුවන වග දන්නා මොළේ කඳුලක් තියෙන කෙනෙකුට මෙවැනි දේ කනේ පහරක් වගේ...!

:       10       33

ප්‍රසන්න Monday, 18 July 2022 12:14 PM

පුරාවිද්‍යා සාධක නැතිව දුන් සිංදුවක්..! ලංකාව සිංහල, බෞද්ධ රටක් බව නොපිළිගැනීම ප්‍රශ්නයක්...! සාමාන්‍ය දෙමළ ජනයා මේ මතයේ නැත...!

:       9       26

අරගල ප්‍රථිපල Monday, 18 July 2022 12:28 PM

ඩයස්පෝරා මුදලට නීතිය නමාගත් ආකාරය. සාලිය පීරිස්ලගේ ජයග්‍රහණ... දැන් කළයුත්තේ ශැන්ග්‍රිල්ලා වටකර ඉහළ මහලේ සිටින ඩයස්පෝරා කුමන්ත්‍රණකරුවන් අල්ලා ගැනීමයි.

:       7       26

Lalith M Monday, 18 July 2022 01:25 PM

පුරාවිද්‍යා බිම නව ඉදිකිරීම් කරන තැනක් නොවේ.පරණ විදියට තියන්න ඕන. හාමුදුරුවරු ඉන්න තැන සිමෙන්ති අනන්නේ නැති දවසක් නෑ කියනවනේ.

:       8       3

ndc Monday, 18 July 2022 01:45 PM

අපේ රටේ බෞද්ධ සිද්ධස්ථාන මොනතරම් හැදුවත් ඒවාට යන අය හරි අඩුයිනේ... පන්සලේ අනවශ්‍ය ඉදිකිරීම් නොකර හාමුදුරුවරුන්ට වැඩ සිටින්න අවශ්‍ය පහසුකම් ගොඩනගලා හාමුදුරුවරු ගෙයින් ගෙට වැඩලා ධර්මය කියා දුන්නා නම් මේරට මීට වඩා හොඳ තැනක තියේවි.. බුදු දහමට අනුව ජීවත් වෙන බුදුදහමින් ජීවිතයට ප්‍රයෝජන ගන්න අය අඩු වුණාට බුද්ධාගම රැකගන්න මාරම උනන්දුවක් අපේ මිනිස්සුන්ට තියෙන්නේ... තමන්ට ප්‍රයෝජනයක් නොගෙන කවුරු වෙනුවෙන් බුදුදහම රැක ගන්නවාද? රටේ මිනිස්සු බඩගින්නේ ඉඳිද්දී පන්සල්, අනවශ්‍ය ඉදිකිරීම් හදලා වැඩක් තියේද? නියම බුදුදහම කියන්නේ බුදුදහම පිළිපැදීම මිසක් පිළිම වන්දනාවවත්, ගස් වලට වැඳීමවත් නෙවෙයි. ඒත් අපේ මිනිස්සු කවි කිය කියා බෝගහට වඳිනවා..

:       7       9

Anuviraj Monday, 18 July 2022 01:47 PM

ජයවේවා... කෝ අරගල කට්ටිය? ගියා නම් නේද හොඳ?

:       4       11

ana Monday, 18 July 2022 02:45 PM

කුරුන්දුමලෙයි විහාරයේ ඉදිකිරීම් කීපයක් සම්බන්ධ කරගෙන අසත්‍ය ප්‍රචාර යවමින්, ආගම්වාදය යලි ඇවිලවීම සඳහා ජනබලය හමුවේ පරාජිත දේශපාලකයින් දරණ උත්සාහය සම්බන්ධයෙනි. අසමත් පාලක ගෝඨාභයගේ ඉවත් වීමද මීට සම්බන්ධ කිරීමට ඔවුන් උත්සාහ දරා ඇත. ඒ තීන්දුව අනුව සාරාංශය නම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත්, ඒවාට හානිකර ඉදිකිරීම් ඉවත් කරන ලෙසත් ය. මීට අදාල වාර්තාව පොලීසිය විසින් ගොනු කර ඇත්තේ 2022.06.16 වන දිනයි. එනම් ගෝඨාභය රාජපක්ෂ ජනපති ලෙසත්, රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසත් කටයුතු කරන කාලයකදීය. ඕනෑම පුරාවිද්‍යාත්මක ස්ථානයක් රටක ජනතාව සතු සම්පතක් වන අතර ඒ ආශ්‍රිත නව ඉදිකිරීම් කිරීමේදී අනිවාර්යයෙන්ම අදාල අවසරයන් ලබාගත යුතුයි. ආගමික වටිනාකමක් නොමැති පෞරාණික ගොඩනැගිලි වලට පවා එය එසේම ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙය පවතින නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූ තවත් එක් අවස්ථාවක් වන අතර ඒ සම්බන්ධයෙන් අපගේ ගෞරවය පුද කර සිටින්නෙමු...

:       9       3

Bamunuarachchi Monday, 18 July 2022 05:39 PM

ඝෝඨාභය ගිහිල්ලා සුමාන දෙකක්වත් නැහැ. දැන් ලංකාව අපේ රටක් නොවෙයිද? නැවත රට දෙමළුන්ට හම්බයින්ට ගියාද?

:       0       2

M M Subhani Chathurika Tuesday, 19 July 2022 12:21 AM

එහෙම කරන්න දෙන්න බැ මෙික සිංහල බෞද්ධ රට

:       0       0

Bamunuarachchi Tuesday, 19 July 2022 06:38 AM

ජනාධිපති මන්දීරයට පනින්න ජෙප්පෝ ඕනෑතරම් හිටියා බෞද්ද සිද්දස්තානය බේරා ගන්න එකක් නැත. හිතා ගනිල්ලා ජෙප්පෝ බලයට ආවොත් රටට වෙන දේ?

:       0       0

මනෝජ් Tuesday, 19 July 2022 04:13 PM

කෙලෙහි ගුණයක් නැති සිංහලුන්ට මෙහෙම වෙලා මදි. තව අරගල කරපල්ලා. ඉස්සරහට නියම සෙල්ලම් බලන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1875 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1343 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 102 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3015 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 761 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1513 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 307 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1737 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site