(යොහාන් භාසුර)
මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව මඟහැරිය නොහැකි මහගු අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා - මාලදිවයින් ව්‍යාපාරික සභාවේ සභාපති සුදේෂ් මෙන්ඩිස් මහතා පැවසීය.
රජය මැදිහත්ව පෞද්ගලික අංශයත් සමඟ එකතුව මෙයට මැදිහත් වීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා - මාලදිවයින් ව්‍යාපාරික සභාව මාලදිවයිනේ සංචාරය කළ සකස් කළ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී සුදේෂ් මෙන්ඩිස් මහතා එසේ සඳහන් කළේය.
ශ්‍රී ලංකවේ පිහිටීම අනුව ගාල්ල වරායේ විදේශ වෙළෙදාමට සම්බන්ධ බෙහෝ දේවල් මේ වන විට සිදුවන බවත් මාලිදිවයින ශ්‍රී ලංකාවට යෝජනා කළ වරාය ශ්‍රී ලංකාවට සමාන්තරව තිබෙන බවත් ඔහු කීය.
ශ්‍රී ලංකාව මෙම අවස්ථාව ප්‍රයෝජනයට නොගත හොත් එම වරායත් සමඟ වෙනත් රටක් සම්බන්ධ වුවහොත් ශ්‍රී ලංකාවේ මුහුදු මාර්ගයෙන් කරන ව්‍යාපරවලට විශාල බලපෑම් කිරීමේ අවස්ථාවක් ඇති බවත් ඔහු පැවසීය.
මෙම අවස්ථාව ශ්‍රී ලංකාව මඟ හැරියොත් ගාල්ල වාරයේ වන මුහුදු මාර්ගයෙන් වන වෙළෙදාමට දැඩි බලපෑමක් වන බවත් ඒ හේතුවෙන් මෙරට බලධාරීන් එය ප්‍රයෝජනයට ගතයුතු බවත් මෙන්ඩිස් මහතා කීය.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාද
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාලදිවයිනේ වරායේ ලාංකික ආයෝජකයන්ට අවස්ථාවක්
රුවන් Thursday, 09 January 2025 05:59 PM
මාලදිවයිනෙන් අපනයනය කරන වැඩිම හරියක් ගන්නේ ලංකාව, හැබැයි ලංකාව මාලදිවයිනට අපනයනය කරන්නේ ඉතා සොච්චම් ප්‍රමාණයක්. මේක ලොකු අවස්ථාවක්.
Perera Thursday, 09 January 2025 07:16 PM
ඔහොම ආයෝජනය කරන්න එකෙක් ලංකාවේ උන්නානම් අධානිට අපේ වරායෙන් කොටසක් දෙන්න උවමනා නැහැ නේ