IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට අත්සන් නොකරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

 
මව්බිමේ  සුරක්ෂිතතාව  උදෙසා  සංවිධානයේ සාමාජිකයෝ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද(04) විරෝධතාවක් පැවැත්වූහ.
 
ජනමත  විචාරයකින්  තොරව ඇමරිකාව  සමග මිලේනියම් චැලේන්ජ්   කෝපරේෂන්   ගිවිසුම   අත්සන් නොකරන  ලෙස රජයට  බල කරමින්   එම විරෝධතාව පැවැත්විණි.

මෙම අවස්ථාවට  පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ  මහතා  ඇතුළු පිරිසක් සහභාගී වූහ.

  
(ඡායාරූප -  චතුර එස්. කොඩිකාර) 



අදහස් (38)

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට අත්සන් නොකරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

kap Monday, 04 November 2019 12:11 PM

ඇමරිකාවෙන් පුරවැසියෙකු වූ ජනාධිපති කෙනෙක් මෙම ගිවිසුම්වලට එකඟ වී අත්සන් කරාට කමක් නැත.

:       363       1011

විනිවිද Monday, 04 November 2019 02:47 PM

ලෝකය ගැන කිසිවන් නොදන්නා මෝඩ සෙට් එකක්. ඇමරිකානු පුරවැසියෙකු වූ ගෝඨාභය ඇමෙරිකාවට පලවා හරිනු වැදගත්ම පෝස්ටරය මේ කට්ටියට අමතක වෙලා වගේ... ඇමරිකානු ඒජන්ත පුරවැසියෙකු වූ ගෝඨාභය වහා රටෙන් පිටවෙනු...

:       187       1011

mihira Monday, 04 November 2019 12:32 PM

ලොක්කගේ නෝනත් ඇමෙරිකාවේ නේද? මෙතන මැරෙන්න හදන්නේ.

:       437       2230

SamadhiTuesday, 05 November 2019 02:14 AM

මෙම ගිවිසුම මේ තරම් හදිස්සියේ ගහගන්න හදන්නේ මෙම රජය පරදින බව ඇමෙරිකානු බුද්ධි අංශ දන්නා නිසයි. ඇමරිකාව ඉදිරියට දමා මෙම ගිවිසුම කරගැනීමට වෙනත් රටවල් ඇති කියල හිතන්න බැරිද?

:       115       77

max Monday, 04 November 2019 12:38 PM

බොහොම හොඳයි. කෙසේ හෝ මෙය වළක්වන්නට උත්සාහ කරමු. ආණ්ඩුවටත් නොවැම්බර් 16 ගෙදර යන්න වෙන බව දැනී ඇති නිසයි තකහනියේම මේක අත්සන් කරන්ට යන්නේ. යන යකාට යන්ට කියමු. නමුත් කොරහ බිඳින්නේ නැතිව.

:       1313       1253

athuraTuesday, 05 November 2019 04:24 AM

ආණ්ඩුව ගෙදර ගියා කියමුකෝ. දැන් ඊළගට එනවා කියල හිතන ආණ්ඩුව මේක අත්සන් නොකර ඉදීද? අත්සන් කළත් මේ ආණ්ඩුව කාලේ වගේ මටවත් ඔහෙටවත් දැනගන්න ලැබෙන එකක් නැහැ කියලා නම් මට හොදටම විශ්වාසයි.

:       24       158

de silva Monday, 04 November 2019 12:44 PM

ඕක කොටුවේ දුම්රිය පළ ඉදිරිපිට නොකර, ඇමරිකානු තානාපති කාර්යාලය ඉස්සරහ ඔය උද්ඝෝෂණය කළානම් හරියටම හරි... ඕක අත්සන් කරන්නේ දුම්රිය මගියෝ නෙවේනේ නේද? ඇමරිකන් තානාපති සහ රටේ නායකයින්නේ...

:       2       260

mahinda Monday, 04 November 2019 12:50 PM

හොර පාස්පෝර්ට්, අයි.ඩී කාඩ් හදාගන්න අයට විරුද්ධව උද්ගෝෂණය කරන්න බැරිද?

:       101       754

nadee Monday, 04 November 2019 12:54 PM

පිස්සු තමයි! රටට යහපත් දෙයක් වෙනවට කැමතිම නෑ...

:       487       710

samanMonday, 04 November 2019 06:01 PM

මෝඩකම දොරේ ගලනවා.

:       1       402

sama Monday, 04 November 2019 01:12 PM

අැමෙරිකන් කාරයෙක්ට කඩේ යනගමන් මිනිස්සු රවට්ටන්න කරන දේ. මේවා පිළිගන්න මිනිස්සුත් ඉන්නවනේ...

:       69       1058

kamalMonday, 04 November 2019 06:05 PM

ගිවිසුම් ගහනකොට යහපාලනේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය කෝ ?

:       210       0

විජිත් Monday, 04 November 2019 01:14 PM

දැන් ඉතින් ඉතිරි සංවිධානත් මීට එකතුවිය යුතුයි. මේ හොර ගිවිසුම අපේ රට සම්පූර්ණයෙන්ම ඇමෙරිකාවට නතුකර ගැනීමේ එකකි. එය අද නොව තව අවුරුදු 25 - 50න් පසු මුළුමනින්ම විපාකදෙන මහ විනාශකාරී එකකි.

:       1128       1011

anura Monday, 04 November 2019 03:47 PM

මුළු රටේම ඉරණම ලියවෙන මේ ගිවිසුමට විරුද්ධව මුළු රටේම ජනතාව එක්විය යුතුයි. මේ දුෂිත දේශපාලන පක්ෂ 2 ම පන්නා දැමිය යුතුයි. ඔබගේ දරුවට හෝ දරුවාගේ දරුවා වෙනුවෙන් රටක් තිබිය යුතුයි.

:       0       0

kamani Monday, 04 November 2019 01:16 PM

කෝ මේ නාහිමිවරු.. කියන කට්ටිය? ඒ ගොල්ලෝ ඉන්නේ දේශපාලුවන්ට පිරිත් නූල් බඳින්න විතරද? ලැජ්ජයි...!!!

:       205       123

sudathMonday, 04 November 2019 05:59 PM

මොකටද මෙතනට මහනාහිමිවරු ? ඔයාට අවශ්‍ය නම් පක්ෂව හෝ විපක්ෂව පාරට බහින්න.

:       1       2

isurandi Monday, 04 November 2019 01:33 PM

මෙහෙම ගියොත් ශ්‍රී ලංකාව, නැවත වරක් චීනෙට හෝ ඇමරිකාවට හෝ ඉන්දියාවට හෝ කුමන හෝ රටකට යටත් විජිතයක් වෙන එක නොඅනුමානයි.

:       50       117

kamaniMonday, 04 November 2019 04:03 PM

ඔව් මේ ගිවිසුමට සම්බන්ධ ඔක්කොටම මහපාරේ නඩු අහලා දඬුවම් දෙන්න තියෙන්නේ. ඡන්දෙට තියෙන්නේ තව සුමාන දෙකයි. මේ හොර පක්ෂ දෙකම එළවලා අපි ජවිපේ හෝ මහේෂ්ව රටේ නායකයා කරන්න බලමු.

:       0       0

diasTuesday, 05 November 2019 03:33 AM

දැනට එහෙම යටත් විජිතයක් වෙලා නැහැ කියලා හිතාගෙන දවල් හීන බල බල ඉමු.

:       0       3

sirimal Monday, 04 November 2019 01:51 PM

ඔය වැඩපිළිවෙල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් ලබාගන්න උත්සාහ කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ පාලන කාලේ පෝර්ට් සිටි ඉඩමෙන් හෙක්ටයාර 30ක් චීනෙට සින්නක්කරවම දුන්නා. ගොල්ෆේස්හි පිහිටි හමුදා මූලස්ථාන ඉඩම චීන සමාගමකට සින්නක්කරවම ලියලා දුන්නා. එකෙන් ලැබුණු ප්‍රතිලාභයෙන් දකුණු පළාතේ ලොකු හෝටලයකුත් හැදුවා කියනවා. ඒ කාලේ කොළඹ වරායේ වටිනාම ජැටිය චීන සමාගමකට 85%ක් අයිති වෙන විදියට සහ වරායට 15%ක් අයිති වෙන විදියට ලියලා දුන්නා. සෝමාවතිය වනාන්තරයේ අක්කර 5000ක් "ඇමෙරිකානු" ඩෝල් සමාගමට කෙසෙල් වවන්න විකිණුවා. ඒ කාලේ මේවගේ විරුද්ධ වෙන්න ක්‍රමවේදයක් තිබුනේ නැතුවා වෙන්න ඇති නේද? බැරිවෙලාවත් ජනාධිපති වුණොත් දරු පවුලත් අමෙරිකානු අයියත් එයාගේ දරු පවුලත් ඇමෙරිකානු. එතකොට කොහොමද ඇමෙරිකානු විරෝධී සටන් මෙහෙයවන්නේ විමල් මහත්තයෝ? හරිම අබිලික් වැඩක් නේද වෙන්න යන්නේ?

:       465       1831

විජිත්Monday, 04 November 2019 04:00 PM

සිරිමල් මල්ලි, ඔයාගේ කතාවේ ඇත්ත තියෙනවා. මෙතන මටත් ප්‍රශ්නයක් තියෙනවා.

:       0       0

ranjith Monday, 04 November 2019 02:34 PM

අනේ මෙහෙමත් ජනතාව ගොනාට අන්දන හැටි...

:       46       210

ranjith Monday, 04 November 2019 02:36 PM

මේවායේ එක උගතෙක් වත් ඉන්නවද?

:       131       872

Nandalal DE SILVA - FranceMonday, 04 November 2019 03:31 PM

නැතුව...නැතුව...... ඕනෑම කුණු ගොඩකට කරදෙන සහෝදර පිරිස මදිද ?

:       0       0

තුංමුල්ලේ හිටංTuesday, 05 November 2019 01:26 AM

පාඨලී ඇමතිවරයා කිව්වා මෙම ගිවිසුම අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන් කියලා. ඒ වගේම එතුමා කිව්වා එහි යම් රටට නොගැළපෙන දෙයක් ඇත්නම් පෙන්වා දෙන්න කියලත්. මොවුන්ගේ පෝසටර්වල ඒ කිසිවක්ම නැහැ. මේ කට්ටියේ එකම උගතෙක්වත් හිටියානම් මෙහෙම කරාවිද කියලා හිතෙනවා.

:       70       145

කමල්Tuesday, 05 November 2019 07:51 AM

ඇයි දෙක දෙකෙන් බෙදුනම බින්දුවයි කියපු කෙනා ඉන්නේ.

:       61       149

lanka Monday, 04 November 2019 03:40 PM

මෙවන් දේශපාලකයෝ නිසා ලාංකීය ජනතාව සැමදා එකතැන!

:       0       0

Hafeel Monday, 04 November 2019 03:45 PM

ඇයි මෙයා මාරාන්තික උපවාසයක් වාඩිවුන් නැත්තේ?

:       0       0

chandima Monday, 04 November 2019 07:06 PM

ආයේ ඉතින් හත් මුතු පරම්පරවකවත් කෙනෙක්වත් ශිෂ්‍යත්වෙකටවත් ඇමෙරිකාවේ යවනවානම් බොරු. අර ග්‍රීන් කාඩ් දාපු කට්ටියගේ අම්මලා, තාත්තලා, නැන්දලා, මාමලා, අක්කලා, අයියලා එහෙමත් ඔතන ඉන්නවද?

:       44       86

C Senevirathne Tuesday, 05 November 2019 01:40 AM

අයියෝ බයියෝ නොවෙයි ගෝඨගේ මතය කුමක්ද?

:       49       60

desi archchi Tuesday, 05 November 2019 01:42 AM

මෙයා කරන්නේ බොරු කියලා මිනිස්සු රවට්ටන එක.

:       32       104

lalithm Tuesday, 05 November 2019 02:44 AM

මිනිස්සු ගොනාට අන්දන්න කලින් ඕකේ තියෙන දේවල් පැහැදිලිව ප්‍රසිද්ධ කරන්න. එතකොට මිනිස්සු තේරුම් ගනීවි හොඳ නරක මොකක්ද කියලා? මේ විදියට මිනිස්සු නොමග යවන එක වළක්වන්න තියෙන හොඳම දේ ඒකයි. රටට හොඳ දෙයක් නොවේනම් මිනිස්සු උද්ඝෝෂණයට එකතුවේවි. අනික මෙයාලා උදව් කරන්නේ ඇමෙරිකානු පුරවැසියෙකුට අපේ රටේ ජනපති වෙන්න. මොකක්ද මේ දෙබිඩි පිළිවෙතේ ගැළපීම?

:       47       122

vidya Tuesday, 05 November 2019 02:51 AM

විමල් මොකද උපවාස කරන්නේ නැත්තේ? ඇමරිකන් බැසිල්ගෙන් මේ ගැන ඇසුවද?

:       12       106

ravi Tuesday, 05 November 2019 07:40 AM

කඩාකප්පල්කාරයෝ. ජනාධිපතිවරණ තුරුම්පු සහ මිනිසුන් නොමග යැවීම්.

:       14       105

Ramendra Tuesday, 05 November 2019 08:36 AM

ඇමෙරිකන් පවුලක් රජ කරවන්න පුදුම කඩේ යාමක්. එහෙම නැතිව එම්.සී.සී ගිවිසුමට ඇත්තටම විරුද්ධව පාරට බහින්න පුළුවන් කට්ටියක් නෙමේ මේ අය.

:       30       132

අනාතයා Tuesday, 05 November 2019 09:03 AM

ඔබ හරි. මේ විමල්ගේ රඟපෑමක් හොර ඇමෙරිකන්කාරයා බලයට ගෙනත් පස්සේ ගිවිසුම අත්සන් කරන්න. අපි මේ ගිවිසුම් 3 ටම විරුද්ධවෙමු. දැන් විකල්ප ධාරාවේ දේශපාලකයින් අතෙයි රටේ අනාගතය තීරණය කිරීමේ අවස්ථාව තියෙන්නේ. මේ අපිට ලැබෙන අන්තිම අවස්ථාවයි. අනුර කුමාර,මහේෂ්,නාගානන්ද,පල්ලෙවත්ත,කොලොන්නේ,විජේසිංහ ...මහත්වරුනේ මේ ඔබලාගේ අවස්ථාවයි. මේ රට බේරගන්න ඉදිරියට එන්න.අපි ඔබ සමගයි.

:       17       45

singapuli Wednesday, 06 November 2019 12:01 AM

සමහරක් ප්‍රතිචාර දාන අමනයින්ටත් රට ගැන ආදරයක් නැත. නමුත් රටට ආදරයක් ඇති දේශ ප්‍රේමී ජනතාව යම්කිසි දෙයක් රට වෙනුවෙන් කරනවා. ඔවුන්ට අපේ ආශිර්වාදය.

:       136       0

Gemunu Wednesday, 06 November 2019 06:22 AM

ACSA, SOFA ගිවිසුම් දෙකම ගෝඨාභය විසින් 2015 ට පෙර අත්සන් කර ඉවරයි. මේ වහල්ලු ඒකවත් දන්න නෑ. MCC එකේ තියෙන වැරදි පෙන්නන්න කියලා කිව්වට ඒකට ඉදිරිපත් වෙන්නත් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 408 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 409 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 3547 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 915 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 2287 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1368 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21100 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20345 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 109 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 318 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 166 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site