IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට විරෝධය පා මාරාන්තික උපවාසයක්


මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට විරෝධය පා උඩුදුම්බර කාශ්‍යප හිමියෝ අද(05) කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී  මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

මෙම ආන්දෝලනාත්මක ගිවිසුම පිළිබඳව ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා නිල ප‍්‍රකාශයක් කරන තෙක් තමන් මාරාන්තික උපවාසයේ නිරත වන බව කාශ්‍යප හිමියෝ ප‍්‍රකාශ කළහ.

 (ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (59)

මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට විරෝධය පා මාරාන්තික උපවාසයක්

සල්මාන් Tuesday, 05 November 2019 07:25 AM

දොස්තර ශාෆිට විරුද්දව උපවාසය කළ කෝ අර හාමුදුරුවෝ? නුවර හිටියා වගේ ඉන්න පුලුවන් නේද? කෝ අනික් හාමුදුරුවෝ. එතනට ගිහින් සහයෝගය දෙන්න පුලුවන් නේද?

:       695       847

sandy123 Tuesday, 05 November 2019 07:27 AM

මේ උපවාසය ජයග්‍රහණය කරත්වා!!!

:       1114       728

ලියනගේ Tuesday, 05 November 2019 11:02 AM

මේ උපවාසය නිසා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම තව තවත් ජනප්‍රිය කරවීම සිදුවේ.

:       63       126

sandy123Tuesday, 05 November 2019 11:20 AM

එය ජාතියේ කතිකාවක් වන වග ඔබට නොවැටහුනේ මන්ද?

:       10       7

ලුම්බිණි Tuesday, 05 November 2019 07:34 AM

දේශපාලකයන්ට ප්‍රයෝජන ගන්න හොඳ අවස්ථාවක්.

:       393       539

සත්‍යපාල Tuesday, 05 November 2019 10:41 AM

16 වෙනිදා සජිත්ට ඡන්දෙ දුන්නට කමක් නෑ. සජිත් දිනනවා කියල හිතන ඔයාලා එම්.සී.සී ගිවිසුම සජිත් ආවට පස්සේ අත්සන් කරනවද නැද්ද කියලා සජිත් තීන්දු කරයි. අඩුම ගානේ මේ මැතිවරණ කලබල අස්සේ මේ හොර ගිවිසුම අත්සන් කරන එක නවත්වන්නට කියලා කියන්නටවත් කොන්දක් තියන එජාපයේ අය නැද්ද ? එහෙම ඉන්නවානම් මේ මොහොතේ එළියට බැහැලා මේ ගිවිසුම මේ වෙලාවේ අත්සන් කරන එක නවත්වන්නට එළියට බහින්න.

:       222       183

max Tuesday, 05 November 2019 07:36 AM

ගෞරවණීය උඩදුම්බර කාශ්‍යප හිමිපාණන් වැනි ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමකටත් උපවාස කරන්නට තරම් භයානක ගිවිසුමක් ගහන්න වලිකන මේ ආණ්ඩුව පලවා හරින්න ජනතාවට සිත් පහළ වේවා!

:       12416       10723

පෙරුමාල් Tuesday, 05 November 2019 07:48 AM

හාමුදුරුවරු කරන දේවල් දැක්කම මෙයා කරන්නෙත් අනවශ්‍ය වැඩක්.

:       884       1641

jayasekaraTuesday, 05 November 2019 08:49 AM

මේ ස්වාමින්වහන්සේ ධර්මධර උගත් යතිවරයාණන් වහන්සේ නමක්. හිමිවරුන් පාරට බස්සන්න තරම් මේ ආණ්ඩුව පහත තත්වයට වැටිලා. මට දුක ජාතික විපතකදී බෞද්ධ අපි විතරද පාරට බහින්නේ?

:       1132       692

sudesh herath - colomboTuesday, 05 November 2019 08:58 AM

මේ ආණ්ඩුව විතරක් නොවෙයි ඇමෙරිකානු ගැති මේ ගිවිසුම්වලට මගපාදපු ශ්‍රී ලංකා පොහොට්ටුවොත් වර්ජනය කරමු. අපි වෙන විකල්පයකට ඡන්දය දෙන්න ඊයෙම තීරණය කළා.

:       446       1184

ranaTuesday, 05 November 2019 10:22 AM

ජයසේකර, මේ ස්වාමින්වහන්සේ ධර්මධර උගත් යතිවරයාණන් වහන්සේ නමක්. එසේනම් මේ කරන්නේ එවැනි කෙනෙක් කළ යුතු වැඩක්ද?

:       88       597

jayasekaraWednesday, 06 November 2019 06:36 AM

රනා.... බොහොම කනගටුයි ඉතිහාසය කියවලා බලන්න.

:       0       0

බද්රානි Tuesday, 05 November 2019 07:49 AM

මේ ගිවිසුම ගැන මොනවද දන්නේ ?

:       144       159

sandy123Tuesday, 05 November 2019 08:32 AM

ඔබ දන්නා දේත් රටට හෙළි කරන්න. තකහනියෙන් අත්සන් කරන්න දගලන්නේ ඇයි? දේශපාලකයින් මෙයින් වාසි ගනීවි. නමුත් ඕනෙම මෝඩයකුට තේරෙන්න ඕනේ මෙච්චර ඉක්මනට මෙම ගිවිසුමට අත්සන් කරන්නේ ඇයිද කියලා... පාට කන්නාඩි අදහස් මෙතනට අනවශ්‍යයි .

:       158       150

kapTuesday, 05 November 2019 09:35 AM

මම නම් දන්නේ නැහැ. ඔබ දන්නවනම් අපිටත් කියන්න. වැරදි නම් අපි ඔක්කොම පාරට බහිමු . අනික මේ රට චීනෙට විකුණනකොට මේ අය කොහෙද හිටියේ ?

:       66       452

බද්රානි Tuesday, 05 November 2019 09:36 AM

ගුගල් එකෙන් සර්ච් කරා නම් තමන්ටම කියවලා තේරුම් ගන්න පුළුවන් වෙයි. එම්.සී.සී ව්‍යාපෘතිය ලොව දිළිඳු රටවල් කීයක මේවන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවාද කියන දේත් දැන ගත හැකිවෙයි. මුලින්ම ශ්‍රී ලංකාව යනු රටට කිසිම සේවයක් සිදුනොකර පිනට කමින් සුරසැප විඳින පින්ගුත්තරයින් ගෙන් මෙන්ම, නිකමුන්, මෝඩයින්ගෙන් පිරුණු රටක් බව අවබෝධ කරගෙන ලෝකය දෙස බලන්න. සිංගප්පුරුව, අරාබිය දියුණු වුයේ, චීනයෙන් ගිනිපොලියට ණය ගැනීමෙන් හෝ ඉන්දියාවේ, යකඩ ගොඩවල් ඒ රටවල ගොඩ ගසා නොගැනීමෙන් බව දැන ගන්න. මෙතෙක් කලක් රටේ මෝඩයින්ව අන්දන පාලකයින්ව ලැබුන එක සාධාරණයි. ජනතාවගේ හැටියටනේ රටේ පාලකයෝ බිහිවෙන්නේ. මහලොකු ජාතියයි, ආගමයි. ඔලුව උඩ තියාගෙන ලෝකෙන් සිඟමන් යදින යාචකයෝ.

:       424       945

පාල ගාල්ලගේ Tuesday, 05 November 2019 07:51 AM

මහින්ද පානය පොවලd උපවාසය නතර කරමු. රණවිරු උපවාසය දැක්කනේ. මේ සේරෝම දේශපාලන බංකොලොත් අයගේ තුරුම්පු.

:       670       1394

sandy123Tuesday, 05 November 2019 08:42 AM

සහතික ඇත්ත. මේතාක් මහින්දගේ තැඹිලි වතුර සේලයින් වගේ කට්ටියම බිව්වා. ඒවා ඔක්කම දේශපාලන ගේම්. මම කිසිම විටක අනුමත කරන්නේ නැහැ. නමුත් මෙම ගිවිසුමෙහි ඇති ගුණ අගුණ ගැන පාර්ලිමේන්තුවේ ඉන්න එහෙයියන් වුන නමුත් සල්ලි මංකොල්ල කන්න ගිනස් වාර්තා තියෙන හොරු රැලගෙන් නොවෙයි සාමාන්‍ය ජනතාවගෙන් පෙන්නලා අහන්න කියන්න. අපිව නියෝජනය කරනවා කිව්වට සියලුම දේ අපි ඔවුන්ට ලියලා දීල නැහැනේ. අවශ්‍ය තීන්දු තීරණ අපිත් ගත යුතුයි. එයට ඡන්දයක් එනතුර සිටිය යුතුද? එය පමාවට කරුණක් නොවේද?

:       125       396

ශෂී Tuesday, 05 November 2019 07:52 AM

විමල්ගේ ගෝලයෙක්.

:       487       999

raviTuesday, 05 November 2019 08:49 AM

නැහැ මුන්වහන්සේ ස්වාධින ස්වාමින් වහන්සේ කෙනෙක්.

:       1014       698

mpTuesday, 05 November 2019 11:21 AM

මේ හාමුදුරුවෝ ධර්මධර භික්ෂූවක්. මෙච්චර කල් බන පදයක්වත් අහල නැද්ද? දන්නේ නැති දේවල් කියවලා පව් පුරව ගන්න එපා!

:       77       0

Su Tuesday, 05 November 2019 08:03 AM

තවත් කෝලමක්.

:       474       1113

kamaniTuesday, 05 November 2019 08:55 AM

ඔබට පෙනෙන්නේ කෝලමක් වගේද ? මේ අපේ රටේ අනාගතය බිලි ගන්න, බිලි දෙන්න හදන එජාප සහ ශ්‍රීලනිප දෙගොල්ලගෙම පාවාදීමේ ප්‍රතිඵලයක්. ඔබ වැනි නිවටයින් අපිට ඕනේ නැහැ.

:       820       456

mpTuesday, 05 November 2019 12:11 PM

කෝලම් කරන්නේ ඇමතිවරුනේ ?

:       0       0

lalithm Tuesday, 05 November 2019 08:25 AM

ඔක්කොටම කලින් ගිහියෝ ජනපති, අගමැති තනතුරු අත්හැරලා සංඝයා වහන්සේලාට ලංකාවේ පාලනය භාරදුන්නනම් රට හුඟක් දියුණු වේවි.

:       4       320

maalaka Tuesday, 05 November 2019 08:29 AM

ලෙමන් ෆප්ද? වෙන මොනව හරිද ?

:       339       393

pradeep Tuesday, 05 November 2019 08:35 AM

කරුණාකර ප්‍රථමයෙන් රටට අහිතකර ගිවිසුමේ කුමන වගන්තිද කියල පහදා දෙන්න. ගිවිසුම කියවන්නේවත් නැතුව දේශපලන උවමනාවන් මත කරන මෙම නාටක වලින් තියන ඡන්ද ටිකත් නැති වෙනවා.

:       382       667

ramithTuesday, 05 November 2019 08:52 AM

මේ ගිවිසුම් 3 එකට එකක් සම්බන්ධයි. එයින් අපේ රට අපිට නැත්තටම නැතිවෙනවා.මේ ගිවිසුමේ තියෙන එක වගන්තියකින් අපේ රටේ නීතියට ඉහලින් ඇමෙරිකාවේ තානාපති කාර්යාලයේ තියෙන නීති කාර්යාංශය ඉන්නවා. මේක පිටු සිය ගණනක් සහ ඇමුණුම් රාශියක් තියෙන මරාලයක්. මෙහි දරුණුම ප්‍රතිඵල එන්නේ තව අවුරුදු 25 කින් විතර.

:       1119       503

pradeepTuesday, 05 November 2019 09:34 AM

මෙයට අදාල සියලු තොරතුරු දැන් ප්‍රසිද්ධ කර ඇති නිසා බොරු යක්කු මවන්නේ නැතුව ඇත්ත කතා කරන්න.

:       175       527

ramithTuesday, 05 November 2019 11:51 AM

ප්‍රදීප්, ඔබට මුළු ගිවිසුමම හොඳ ඉංග්‍රීසියෙන් කියවන්න පුලුවනිනම් කතා කරන්න. ඔබ මේ කතා කරන්නේ ඔබගේ දරුවාගේ අනාගතය ගැන බව අමතක කරන්න එපා. මට පෙනෙන්නේ ඔබ කොහේ හරි පත්තරයක තිබුන සිංහල පිටු කීපයක් කියවලා කියවනවා. මේ ගිවිසුමට පිටු සිය ගාණක් ඇමුණුම් රාශියක් තියෙනවා. ඉස්සෙල්ලා ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි පන්තියකට ගිහින් ටිකක් හරි ව්‍යක්ත ඉංග්‍රීසි ඉගෙන ගන්න. මේ බ්‍රෝකන් ඉංග්‍රීසි වලින් මේවා මනින්න බැහැ.

:       402       185

සමන් Tuesday, 05 November 2019 08:36 AM

පාට පක්ෂ ඔලුවේ දමාගෙන මෙදෙස බලා, කොමෙන්ට් දැමීමෙන් වළකින්න. මෙය කරන්නේ ආණ්ඩුව පලවා හැරීමට නොව ගිවිසුම වැලක් විමටය. මෙම හිමිනම උපාධියක් හිමි උගත් ආරණ්‍යවාසි හිමිනමකි. වැස්සටවත් පන්සල් නොගිහින් පක්ෂ වන්දනාවේ යන අය කිපුනට ඵලක් නැත. මෙය කරන්නේ රට පාලනය කරන පක්ෂ දෙකටම එරෙහිවයි.

:       1107       626

රවින් Tuesday, 05 November 2019 08:50 AM

ඇත්තෙන්ම ඔය අත්සන් කරන්න යන ගිවිසුමේ අඩංගු කරුණු කාරනා හරියටම දන්නේ කවුද? මිට වැඩිය හොඳ නැද්ද කරුණු කාරණා හරි හැටි දැනගෙන විරෝධතාවයන් පැවත්වුවානම් ? කොයිතරම් දෙඩුවත් කරුණු කාරණා හරි හැටි අවබෝධ කරගත යුතු බව බුද්ධ වචනයේ පවා දේශනා කර තියනවා නේද? දේශපාලුවෝ පිස්සු කෙළියට මනා සිහි බුද්ධියක් තිබෙන අපි සැවොම ඒ ගොඩට වැටෙන්න ඕනේද ? කොකාගේ වාරේ වගේම තිත්තයාගේ වාරෙත් දැන් ඇවිත් නේද?

:       81       98

Daminda Tuesday, 05 November 2019 08:58 AM

මෙයාලගේ මෝඩ වැඩ නිසයා පරදින්නේ. වර්ජන කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම කරනවා දිනන්න. ඕවට මිනිස්සු අහු වෙන්නේ නෑ දැන්. මිනිස්සු බුද්ධිමත්.

:       107       308

ප්‍රසන්න Tuesday, 05 November 2019 09:19 AM

මෙම විනයධර ස්වාමින් වහන්සේ මෙම උපවාසයට එළඹ ඇත්තේ දේශපාලනික අරමුණකින් නොවන අතර හුදෙක් මෙම බිහිසුණු ගිවිසුම මගින් මෙරටට වන හානිය නිසාවෙන්මයි. මෙබඳු හිමිවරුන්ට අපහාස කළ හැක්කේ නිවටයින්ට පමණි. මෙම උපවාසයට තම උදරය ගැන පමණක් සිතන්නන් හැර රටේ හෙට ගැන සිතන සැවොම එක්විය යුතුය.

:       571       280

Kamal Tuesday, 05 November 2019 09:22 AM

ගෝඨා මැතිතුමා දිනපුවම මේක අහෝසි කරනවා. ඒ නිසා ආපසු පන්සලට වඩින්න ස්වාමිනි.

:       92       77

kamaniTuesday, 05 November 2019 10:23 AM

මේ ගොල්ලෝ මිස් කලොත් ගෝඨා තමයි අත්සන් කරන්නේ එයා ආවොත් ගෝඨා කියන්නේ කවුද ? එයා තමයි ලංකාවේ ඇමෙරිකන් රූකඩය. රටේ මිනිසුන් රැවටෙන්නේ නැහැ.

:       35       321

rakshitha nanayakkara Tuesday, 05 November 2019 09:29 AM

මොනවා දැනගෙන මේ කඩේ යනවද ? දෙයියෝ තමයි දන්නේ සිද්ධිය.

:       107       230

සමන් Tuesday, 05 November 2019 09:34 AM

හරි ඔය ගිවිසුමේ ඔයතරම් වරදක් නැත්තම් මොකද ඔයතරම් හදිසියේ අත්සන් කරන්නේ. ඕක මැතිවරණයෙන් පසු අත්සන් කරන්න යන ඒකෙන්ම තේරෙනවා ඒකේ තියන භයානකකම.

:       155       150

විජිත් Tuesday, 05 November 2019 09:35 AM

ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාව ඉටුවේවා ! පොහොට්ටු, එජාප, ශ්‍රීලනිප පට්ට හොර නරි රැළ මෙයට කිට්ටු කරගන්න එපා. ඒ දෙගොල්ලගෙම අදුරදර්ශි ක්‍රියා නිසා තමයි අපට මේ විනාශයට මුහුණදීමට සිදුවී තිබෙන්නේ. අපිට නැතිවන්න දෙයක් නැහැ. අපි ඔක්කොම එකතුවෙලා වෙනත් විකල්පයක් වෙනුවෙන් අපේ ඡන්දය පාවිච්චි කරමු. අපි තවමත් පරක්කු නැහැ. අපිට තව දවස් 14 ක් තියෙනවා.

:       101       119

rameshTuesday, 05 November 2019 11:53 AM

අපි ඉස්සර පොහොට්ටුවෝ. ගිය සුමානේ ඉඳන් විකල්පයට.

:       42       416

unawatune piyarathana Tuesday, 05 November 2019 09:38 AM

විහිළුකාරයෝ.

:       160       343

damayanthiTuesday, 05 November 2019 10:20 AM

එක්කෝ හොර පොහොට්ටුවෙක්. නැත්නම් එජාපයේ පාවා දෙන්නෙක්.

:       154       101

rasika Tuesday, 05 November 2019 09:52 AM

පෙන්නන්නේ එකක්. අත්සන් කරන්නේ තව එකක් .හැමදාම එහෙම නේද ?

:       58       24

කරුණාපාල Tuesday, 05 November 2019 09:59 AM

අර කලින් උපවාස කළ කෙනා අන්න දැන් ඉන්නවා සැපට.

:       35       224

raviTuesday, 05 November 2019 10:21 AM

හැමෝටම මෙහෙම අමාරු නෑ.

:       14       2

upul wanninayaka Tuesday, 05 November 2019 09:59 AM

අර බලකායවල් වල බළල් අතක් නොවී කරුණකර අරණට වදින්න.

:       74       417

Rata Perata Tuesday, 05 November 2019 10:00 AM

මේවා දැන් නියම සංදර්ශන වෙලා. සහතිකෙන්ම දේශපාලකයෙක් ඇති මේක පිටිපස්සේ. අපි අතීත සිද්ධීන් දැක්කනේ. දැන් දේශපාලකයෙක් ඇවිල්ල බීම පොවලා සුපිරි වාහනයකුත් දෙයි. එතකොට ඔක්කොම ඉවරයි. මේවා කරන්න සිවුර ගලවලා ආවනම් තමයි හොඳ. එතකොට අපිට පව් පිරෙන්නේ නෑ.

:       161       549

Gayan Tuesday, 05 November 2019 10:03 AM

මුන් වහන්සේ බොහොම ගෞරවනීය උගත් ධර්මධර විනයධර භික්ෂුන් වහන්සේ නමක්. මෙතන තියෙන අදහස් දැක්කම පුදුම හිතෙනවා අපේ රටේ මිනිස්සු ගැන. උන්වහන්සේගේ බණ පදයක් අහල බලන්න. උපවාස කරන එක හරි කියලා කියනවා නෙමේ. එය බුද්ධ පුත්‍රයන්ට ගැළපෙන දෙයක් නොවේ. නමුත් මෙතුමා කාටවත් කඩේ යනවා වෙන්න බෑ. නමුත් උන්වන්සේට එවැනි දෙයක් කරන්න උනේ ඇයි කියන එකයි ගැටලුව. තෙරුවන් සරණයි.

:       516       170

sandy123 Tuesday, 05 November 2019 10:35 AM

බද්රානි, සාමාන්‍යයෙන් මම අදහසකට ප්‍රති අදහස් මේතරම් දමන්නේ නැහැ. නමුත් මෙතැනදී මම මේ ස්වාමින් වහන්සේගේ අරගලයට වචනයකින් හරි එකගයි. බද්රානි ගූගල් එකේ තියෙන විදිහටම මේ ලියවිල්ලේ අන්තර්ගතය තියෙන වග ඔබට දිය හැකි සහතිකය කුමක්ද? ඔබ කාට කඩේ ගියත් මට වැඩක් නැහැ. එය හරි හෝ වැරදි වුනත් ඔබගේ අභිමතය. එයට මම ඔබ සමග එකගයි. නමුත් බොහෝ පිරිසක් අදහස් ප්‍රකාශ කරන ලංකාදීපයේ හරි දේට හරි කියන ගමන් වැරදි දෙයට වැරදි කියන්න මම පසුබට වෙන්නේ නැහැ. අපේ රටේ දශක කිහිපයක සිට පාලනය කල, කරන සහ කරන්න දගලන සැවොම ගැන මට පැහැදීමක් නැහැ. ඔක්කොම හොරු. තමන් ගැන, තම වරිගය ගැන, තම එහෙයියන් ගැන පමණක්ම සිතන හොරු රැළකින් අප කුමක් බලා පොරොත්තු වෙන්නද? රට දිනෙන් දින ප්‍රපාතයටම යන්නේ ඇයි? අප ජීවත් වන රටට මේ වෙන ඛේදවාචක දැක අප ඇස් කන් වසා සිටිය යුතුද? කවුරු දිනුවත් මට වැඩක් නැහැ. නමුත් රට දියුණු වෙන එක කෙසේ වෙතත් තව තවත් ප්‍රපාතයටම යන එක අප වැළක්විය යුතුමය. කිසිම දේශපාලකයෙක් දුප්පත් වෙලා අසරණ වෙලා තියෙනවද? එහෙමත් නැතිනම් ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන් දුක් විදිනවද? දවසේ වියදම හොයන්න කෙතරම් මහන්සි වෙනවද?

:       304       112

බද්රානිTuesday, 05 November 2019 02:00 PM

බොරුවට මෙතන සද්දේ, නොදා මෙන්න මේක (මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුමේ කෙටුම්පත) කියවලා ඉන්න මහත්තයෝ.

:       9       169

Shathi De Silva Tuesday, 05 November 2019 11:17 AM

මම හරිම ආසාවෙන් එම ස්වාමින්වහන්සේගේ බන අහනවා, සෞම්‍ය ගතියෙන් යුතුව බන දේශනා කරනවා කිසි අනතුරක් නොවේවා... මගේ ආගමේ හැටියට උන්වහන්සේට දෙවි පිහිට ලැබේවා.!

:       103       0

SL Tuesday, 05 November 2019 11:31 AM

හාමුදුරුවෝ ගැන හරියට දැනගෙන විවේචනය කරන්න. බී.එස්.සී එකක් එක්ක සිවිල් ඉංජිනේරුවෙක් වුන හිමිනමක්. යමක් කමක් තේරෙන්නේ නැතිව කරන උපවාසයක් නෙවේ. පාලකයෝ ,රටටත් ,රටේ අනාගතයටත් හානිවන ආකාරයෙන් ගිවිසුම් ගහන එකට කවුද උපවාසයක් කරන්න කැමති? කෙනෙක් ඉන්නවනම් ස්වාමින්වහන්සේගේ තැන ගන්න. ස්වාමින්වහන්සේ ආරණ්‍යයට ගිහින් බණක් ,භාවනාවක් කරගෙන ඉඳියි.

:       530       306

navinTuesday, 05 November 2019 02:50 PM

ඇත්ත, සමහර චන්ඩි ආණ්ඩුවට පක්ෂව, මේ ඔවුන් නොදන්නා හොර ගිවිසුමට පක්ෂව මේ පිටුවේ බොරුවට කෑගහනවා, පිටුවේම අනිත් අයට මඩ ගහනවා. නමුත් මේ ගිවිසුම් 3 ගැන හොඳටම දැනගන්න නීති විශාරදයෙක්ගෙන් අහන්න. එය මෙහි භයානකකම දැකලා තමයි කිවේ මෙය අත්සන් කරන්න එපා මර උගුලක් කියලා.

:       160       0

GayanWednesday, 06 November 2019 12:36 AM

මම ඔබත් එක්ක එකගයි ... මෙච්චර ඉගෙන ගත්ත කෙනෙක් පසු කාලීනව අවබෝධයක් ඇතුව මහන වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් උපවාස කරන්ඩ බලාගෙන හෝ දේශපාලනයට කඩේ යන්ඩ හෝ මහන උනා වෙන්ඩ බැහැ. අනික අපි හිතන්ඩ ඕනේ රට ගැන... පක්ෂ පාට ගැන නෙමේ. අපේ ළමයින්ට ඉන්ඩ රටක් ඕනේ... අපිට මේ ලෝකේ අපිට වෙන රටක් තියෙනවද ?

:       172       2

සමන්ත Tuesday, 05 November 2019 03:19 PM

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් කුමක්ද යන්නවත් නොදැන, එය පිළිබදව සොයා නොබලා දේශපාලන වාසි උදෙසා කරන විගඩම් වහාම හෙලා දැකිය යුතුයි. එය රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ පටන් උත්සාහ කොට අවසානයේ 2017 අනුමත වූ ප්‍රධානයක් වන බව හෝ නොදැන වතුර වීදුරුවේද කිඹුලන් සෙවීම ළිං මැඩියන්ගේ ක්‍රමයයි. මෙම රාජපක්ෂගේ කල්ලිය එදා සිටම කළේ කිසිම රජයකට ජනතාව උදෙසා වැඩ කිරීමට නොදෙමින් කකුලෙන් ඇදීමයි. එදා කතරගම දුම්රිය මග සහ දකුණු අධිවේගී මාර්ගයේ තිබු මුල්ගල් නිල්වලා ගඟට විසිකර තමන්ගේ නම් ගසා ගත් මොවුන් චීනයට රටේ ඉඩම් සින්නක්කරම විකුණා දමද්දී මෙම හාමුදුරුවන් සහ පිරිස සිටියේ කොහේද ? කිසිම ශ්‍රී ලාංකික දේශපාලකයෙක් ( ගෝඨාභය වැනි ඇමෙරිකානුවන් හැර) රටේ සම්පත් ඇමෙරිකාවට හෝ වෙනත් කිසිම විදේශයකට පවරා නොදෙන බව ඕනෑම බබෙකුට තේරිය යුතු සත්‍යකි. එහෙත් ගෝඨාභය වැන්නන් කැබිනට්ටුවටද නොදන්වා ගිවිසුම් ගසා රට ඇමෙරිකාවට විකුණු බව මේ අය නොදන්නවා විය හැකිය.

:       0       553

Chathuri Tuesday, 05 November 2019 11:19 PM

උපවාස කරනවානම් තව ප්‍රශ්න කොයිතරම් රටේ තියෙනවද. රත්න හාමුදුරුවෝ පෙන්න නැත්තේ, උපවාසේ රගේ දන්නා නිසා, මහින්ද තැබිලි බානවා අරන් එන්න.

:       0       202

singapuli Wednesday, 06 November 2019 12:04 AM

අපේ හාමුදුරුවන්ට අපේ නමස්කාරය.

:       98       3

lalithm Wednesday, 06 November 2019 02:49 AM

මොන උපාධි අරන් හරි ආරණ්‍යගත වුනේ සසර කලකිරිලා නම් ඒ දෙයක් කරගෙන සසරින් එගොඩ නොවී දේශපාලන ආරවුල් වලට මැදි වෙන්නේ?

:       0       437

Kanna H U Wednesday, 06 November 2019 03:34 AM

ධර්මය දේශනා කරන්න කව්රුත් නැති වෙයි මයේ හිතේ ඉක්මනට...

:       0       102

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 155 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 90 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 561 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 606 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4809 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21200 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20521 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 111 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site