IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


මාලිමාවලට එරෙහි කටකතාවලට උත්තර 26 ලැබෙයි

(ආරියරත්න රණබාහු)

ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස මස 26 වෙනිදා එළි දක්වන බව පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇඹිලිපිටියේදී පැවසීය.

බොහෝ දෙනකු අප පක්ෂයේ ප්‍රතිපත්තියයි කියමින් නොයෙක් දේවල් පවසන බව කී දිසානායක මහතා ඒ සියල්ලට පිළිතුරු ලෙස පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූ පසු ඔවුන් පැවසූ දේවල්වල සැබෑ තත්ත්වය දැනගත හැකි වනු ඇතැයිද පැවසීය .

සියයට තුනක ඡන්ද පදනමක් තිබූ බව පවසමින් කිසි කලෙක මාලිමාවට ජයග්‍රහණය කිරීමට නොහැකි බව පැවසූ ඔවුන් දැන් ආවොත් යයි පවසමින් වෙනත් දේවල් ජන ගත කරන බවද කීය.

මාලිමාව ආවොත් සමෘද්ධිය කපනවා රාජ්‍ය සේවකයන්ගේ පඩි කපනවා සහනාධාර නතර කරනවා ආදි දේ  කියමින් සාමාන්‍ය ජනතාව තුළ බියක් ඇති කිරීමට කටයුතු කරන බවද පැවසීය.

ඒ සියල්ලටමකිව යුත්තේ ඊට අදාළ පිළිතුර ලබන සැතැම්බර් 21 වෙනිදායෙන් පසු බලා ගත හැකි වන බවද හෙතෙම අවධාරණය කළේය

ඒ මහතා මෙම අදහස් පළ කලේ ඇඹිලිපිටිය නගරයේ පැවැති ගොවි රැළිය අමතමිනි.

 



අදහස් (15)

මාලිමාවලට එරෙහි කටකතාවලට උත්තර 26 ලැබෙයි

sene Sunday, 11 August 2024 03:37 PM

මලිමාවට සැප්තැම්බර් 21 උත්තරය ලැබෙයි .

:       74       32

LalithaMonday, 12 August 2024 01:10 PM

දූශිත දේශපාලුවන් විසින් වනසා දැමූ අපේ මව්බිම නැවත නගාසිටුවීමට ශක්තිය ලැබේවා...!

:       3       9

Gamini Sunday, 11 August 2024 04:18 PM

කටකතා නම් මාලිමාව තමයි. වෙන කවුරුවත් නෙවෙයි. රත්තරන් අස්වයෝ වගේ...

:       48       24

ගමේ එකාලා Sunday, 11 August 2024 04:38 PM

මාලිමාවට කෙසේ වෙතත් මෙතෙක් කලක් බලයේ හිටපු බලලෝබී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවන්ට නම් ජනතාව නිසි පිළිතුරක් දෙයි. 69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු, තුනෙන් දෙකේ බලයක් තිබුණු දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් පන්නපු ජනතාවක් අපිට ඉන්නේ...

:       17       71

Chandra Sunday, 11 August 2024 04:56 PM

ඇත්තටම මේ කට්ටිය කල්පයක් තිස්සේ වැඩක් පලක් නොකර පින් බත් කකා, කාලය ගතකරලා දැන් මනස වැඩ කරයිද?

:       63       24

Ruwan De Silva Sunday, 11 August 2024 05:05 PM

කොහොමත් මේ පාර අනුරට 3%ම තමයි, අපේ රනිල් ජනපතිතුමාම තමා මේ පාරත් ජනපති. 2030 වෙද්දී ලංකාවට හයිටිය, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය වගේ දියුණු රටක් බවට පත්කරලා රට මන්දපෝෂණයෙන් අංක එක බවට පත්කරලා. ආසියාවේ සොහොන බවට පත් කරන්න පුළුවන් එකම නායකයා රනිල් විතරයි.

:       32       59

fairoos Sunday, 11 August 2024 05:37 PM

ජයවේවා...!

:       16       25

Ranga Sunday, 11 August 2024 05:56 PM

මේ රට විනාශ කළ ජවිපෙ ප්‍රමුඛ මාලිමාවට රටේ පාලන බලය දෙන්න තරම් මොංගල් නෑ. උගතුන් මරා දමමින්, රජයේ දේපල ගිනි තියපු මාලිමාවට මේ පාරත් පසුගිය ප්‍රතිඵලයම තමයි. ප්‍රාදේශීය සභාව පාලනය කරගන්න බැරුව හිටිය අය කොහොමද රටක් පාලනය කරන්නේ...? 21 දායින් පසුව මාලිමාව කරන්නේ රට වට්ටන්න වර්ජන කරන එකයි. එදාට ඔවුන්ට ගහලා පන්නලා දාන්න මිනිස්සු බුද්ධිමත් වේවි... බුද්ධාගම ප්‍රමුඛව තිබූ රාජ්‍යය නිරාගාමික කරන්න වෙර දරන, නිකන් ඉඳන් කන බොන මාලිමාවට ඡන්දය දීලා තමන්ගේම වල කපාගන්නා තරම් මිනිස්සු තාම මෝඩ නෑ...

:       60       17

Boruwa Sunday, 11 August 2024 08:49 PM

අනුරව ජනාධිපති අපේක්ෂක කමට තෝරලා අවුරුද්දක් වෙනවා... තවම ප්‍රතිපත්ති ප්‍රකාශන නැහැ. සුරන්ගනා කථා මවපු එකක් දාලා මිනිස්සුන්ව රවට්ටයි.

:       47       15

සෙනෙවිරත්න Sunday, 11 August 2024 09:57 PM

බොරුවද නොහොත් බූරුවා , ප්‍රතිපත්ති ප්‍රකාශන එලිදක්වන්නෙ චන්දෙ ප්‍රකාශ කලාට පස්සෙ කියලවත් නොදන්න වගෙයි. හැබැයි සුරංගනා කතා අහල මෝඩ වෙචිච අයට මාලිමාවෙ බොරු පොරොන්දු නැති බව නම් පෙනේවි.

:       9       36

සෙනෙවිරත්න Sunday, 11 August 2024 10:00 PM

රංග, නිකන් ලියන්න පුලුවන් උන පලියට කුහක කතා ලියන්න එපා,ජවිපෙ විනාශ කල රටක් නැත විනාශ කලේ ඔබ මෙතෙක් පත්කල නායකයන්ය. දැන් කුලල් කා ගෙන වේදිකාවල ඇද බාන චෝදනා බැලුවම මොවුන් රට පාලනය කල හැටි මොලේ කලඳක් ඇති කෙනෙකුට වැට හෙනු ඇත.

:       15       42

විපරමා Monday, 12 August 2024 01:50 AM

මොලේ උඩ ඉන්න මෝඩ වහල්ලු තවමත් ඉන්නවා. .රට විනාශ කෙරුවේ මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝබී දූෂිත දේසපාලුවෝ මිසක් වෙන කවුරුවත් නෙවෙයි .දර්මිෂ්ඨ සමාජයක් ,යහපාලන ආණ්ඩුවක් ,ආසියාවේ ආශ්චර්යය ,දැනුමේ කේන්ද්‍රස්ථානය ,සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ බලයේ හිටපු දූෂිත නායකයෝ .පව්ලේ උන්ව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කෙරුවේ කවුද කියලා ලෝකෙම දන්නවා . තාරුණ්‍යයට හෙටක් සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව ගොනාට අන්දලා බලයට ආපු උන් කරපු දෙයක් නැහැ.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා .

:       5       15

Nishan Monday, 12 August 2024 04:22 AM

ලංකා ඉතිහාසයේ කිසිදු දේශපාලකයෙකුට වඩා රටට විශාලම හානිය කලේ ජේවීපීය සහ එල්ටීටීය යි. රටේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 80 යි නම් ජේවීපීය සහ එල්ටීටීය කල විනාශය ඩොලර් බිලියන 200 ට වැඩියි. ලස්සනම දේ තමයි ජේවීපී එක ඒ විනාශය කලා කියන්නේ රටට ආදරේටලු. එහෙනම් මේ සැරෙත් රටට ආදරේට බලේ අරන් ඕකම කරනවා අනිවාර්යෙන්ම. මුලින්ම කරන්නේ ගමේ දුප්පතාගේ බඩට ගහන එක. රස්සාවට යන එක තහනම් කරයි නැත්නම් ආන්ඩුවට දවස් දෙකක් වැඩ කරන්න කියයි. සියළුම බැංකු ගිණුම් එයාලගේ යටතට ගනියි. විරුද්ද උනොත් පහුවදාට බෙල්ල වැටේ තියෙයි.

:       18       7

සෙනෙවිරත්න Monday, 12 August 2024 09:57 AM

නිශාන්, අරක වෙයි මේක වෙයි කියල පුරෝකතනය කරනවට වඩා තමුන්ල පත්කරල යවපු උන්නැහෙල කරපු කෙරුවාවාව ගැන කතා කලොත් නරකද? හොර බෙහෙත් ගැන , එයාට පක්ෂව අත උස්සපු අය ,ඒක නිසා ජවිපෙ ගැන හඳහන් හදනවට වඩා තමන්ගෙ නායකයන්ගෙ චරිත සහතික බලන්න.තව ඕන නම් හෙට අනිද්දා වෙිදාකා තුනෙන්ම එලියට පනීවි ඇත්ත.

:       4       10

gunda Monday, 12 August 2024 01:12 PM

සෙනෙවිරත්න, දේශපාලකයින්ට කඩේ යාම ගැන සීමාවක් තියාගන්න...

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1330 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 289 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 471 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 473 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 550 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 957 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 446 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 926 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site