(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අවුරුදු හයක් වයස පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන මාවතගම පොලිස් වසමේ පිහිටි සිවිල් ආරක්ෂක කමිටුවක හිටපු උප ලේකම්වරයෙකු මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 68 හැවිරිදි වියේ පසු වන එක් දරු පියෙකි.
මෙම සැකකරු වසර ගණනාවක් තිස්සේඔහු පදිංචිව සිටින ප්‍රදේශයේපිහිටි සිවිල් ආරක්ෂක කමිටුවේ උප ලේකම් ධුරය දරා මෑතකදී නිලවරණයේදී එම තනතුර අහිමි වී ගිය අයෙක් බව කියති.
බාල වයස්කාර දැරියගේ මව සිදු කරන ලද පැමිණිල්ලක් අනුව දැරියගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පුද්ගලයා අසල්වැසිනිවසක පදිංචිව සිටිනදැරියගේ නිවසට පැමිණමෙම දැරියට ලිංගික අතවර සිදුකර තිබෙන බවපොලිසිය සදහන් කරයි.
ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන දැරියවෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි
කුරුණෑගල කොට්ඨාසය බාර භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ සහ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී අතුල කරුණාපාල යන මහත්වරුන්ගේ උපදෙස් මත මාවතගම වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එම්. ඒ. දසනායක මහතාගේ මෙහෙයවීම එම පොලිසිම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා ශාන්ති පුෂ්පලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන්උප පොලිස් පරීක්ෂක ජයරත්න, පොලිස් සැරයන් වීරසේකර(39345),පොලිස් කොස්තාපල් ඒකනායක (34731)යන මහත්තුරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල් වෙලගෙදර (10410) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි
මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් දෙදෙනකු මියගොස් කුඩා ළමයෙකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මල් කැකුළක් වැනසූ සිවිල් ආරක්ෂක හිටපු උප ලේකම් අත්අඩංගුවට