IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


‘මාල දිවයිනට වැලි පැටෙව් බව ඔප්පු කළොත් අස්වෙනවා’

(විනීතා එම් ගමගේ)

මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැලි මාලදිවයිනට පැටවීමේ ජාවාරමකට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කවර හෝ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට රාසමානික්කම් මන්ත්‍රීවරයා කරුණු ඔප්පු කරන්නේ නම් අමාත්‍ය  ධුරයෙන් පමණක් නොව මන්ත්‍රීධුරයෙන් පවා ඉවත්වීමට තමන් සූදානම් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා ශ්‍රී  ලංකාවේ වැලි මාලදිවයිනට පැටවීමේ ජාවාරමකට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේ දී පවසා තිබු බවත් එවැනි ජාවාරමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයෙක් සම්බන්ධ බවට ඔහු සතුව ඇති කරුණු අනුව ඔප්පු කරන්නේ නම් අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන් පවා ඉවත්වීමට තමන් සූදානම් බවත් අමරවීර මහතා කීය. 

පරිසර අමාත්‍යංශයේ දී අද (08) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් මෙන්ම වගකීමක් ඇති අමාත්‍යවරයෙක් වශයෙන් තමන් කරුණු ඉදිරිපත් කරන බවත් රටේ තිබෙන අණපනත්වලින් කිසිදු ආකාරයකින් මේ ආකාරයට රටේ සම්පත් නීතිවිරෝධී ආකාරයකින් පිට කළ නොහැකි බවත් අමරවීර මහතා එහි දී සඳහන් කළේය.

 දූපතක් ගොඩ කරන්න අවශ්‍ය වැලි ප්‍රමාණය කොතෙක්ද යන්න සිතා ගැනීමටවත් නොහැකි බවත් එහෙම නම් ඒවා රටින් පිට කළ යුත්තේ නැව්වලින් බවත් එවැන්නක් රටේ නීතිවලට හොරෙන් කළ හැක්කක් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අපේ ඛනිජ සම්පත් යවනවා නම් ඊට අමාත්‍ය  මණ්ඩල අනුමැතියක් ලබා ගත යුතුයැයි කී අමරවීර මහතා ඒ සඳහා තිබෙන අනපනත් පවා වෙනස් කළ යුතුව පවතින්නේ යැයි ද කියා සිටියේය. 

පසුගිය සමයේ මාල දිවයිනට වැලි කියුබ් හය හමාරක් යවා ඇතැයි එහි දී හෙළි කළ අමාත්‍යවරයා ඒ මාලදිවයිනේ භාවිතා කරන ජල පෙරණවලට යෙදී ම සඳහා බවත් එය ශ්‍රී ලාංකික සමාගමක් විසින් යවා ඇති අතර ඊට සියළු බදු මුදල් අය කර ගෙන ඇතැයි ද පැවැසීය.

අපේ රටේ ඛනිජ සම්පත් පිටරට යවනු ලබන්නේ ඛනිජවැලි සමාගම විසින් බවත් රජයේ සමාගමක වන ඉන් ලබන ආදායම රටට ලැබෙන බවත් කිසිදු අවස්ථාවක අපේ රටේ වැලි  පිටරටට අපනයනය කිරීම සඳහා බලපත් දී නැතැයි ජීඑස් එම් බී ආයතනය තමන්ට දන්වා ඇති බවත් හෙතෙම පැවැසීය.  

 “ඒ නිසා මම වගකීමෙන් කියනවා මේ කියන ආකාරයේ කිසිදු ජාවාරමක් වෙලා නැහැ. ඒ වගේම එවැනි කාරණයක් සම්බන්ධව ඉල්ලීමක්වත් ආවොත් ඒ සම්බන්ධව අපි කටයුතු කරන්නේ පවතින අනපනත්වලට අනුව හා අමාත්යඉ මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුවයි. ඒ වගේම රටට විශාල විදේශ විනිමය ප්රිමාණයක්  ලැබෙනවා නම් පමණයි. ” යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

 



අදහස් (9)

‘මාල දිවයිනට වැලි පැටෙව් බව ඔප්පු කළොත් අස්වෙනවා’

විජේ Wednesday, 08 September 2021 01:44 PM

අනේ... මෙන්න බබෙක්. මේ ආණ්ඩුවෙන් අස්වෙලා ඊළඟ ආණ්ඩුවට ගහයි ලස්සනට.... හීන්නූල් පොරක්...

:       2       20

kamal Wednesday, 08 September 2021 01:52 PM

අයියෝ එපා.. අස්වෙන්න එපා.. අපි තැඹිලි වතුර අරගෙන එන්නම්...

:       3       18

Perera Wednesday, 08 September 2021 02:42 PM

ඔප්පු කරන්න බැරි දේවල් හුඟක් තියෙනවා. නමුත් හැමෝම දන්නවා වෙන්නේ මොනවද කියලා...

:       3       15

agadi Wednesday, 08 September 2021 02:43 PM

ඔව්, ඔව්... වැලි කියලා පැටෙව්වේ හෙරොයින් නේද?

:       2       13

Ruhunu Wednesday, 08 September 2021 02:44 PM

ඔබතුමාලා කරපු දේවල් ඔබතුමාලා පිළිගත්තා නම්... මෙලහකට ඔබතුමාලා පස් වෙලා...

:       2       12

fairoos Wednesday, 08 September 2021 04:43 PM

ඔප්පු කරන්නේ කොහොමද? වැලි කියලා නෙවෙයිනේ පටවලා තියෙන්නේ...

:       0       3

de silva Wednesday, 08 September 2021 05:51 PM

මම දන්නා ලෙස මෙත්මා කරන්නේ ගෝලයෝ දම්මලා දේශීය වැලි ජාවාරම පමණයි. ඒකෙන් මෙතුමා ප්‍රකෝටිපතියකු වී හමාරය. මාලදිවයින් කතාව ගැන මම නොදනිමි.

:       0       5

de silva Wednesday, 08 September 2021 08:02 PM

වැලි පටවන්නේ ලෝඩර් වලින්, ඔබතුමා සවලක් අරන් වැලි පටවන්නේ නැහැනේ.?

:       0       0

Nimal Thursday, 09 September 2021 08:09 AM

අනේ යන්න ඕගොල්ලෝ අස් වෙනකොට බැරියැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් ඡන්ද පෝස්ටර් අලවලා දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 14 15 0

මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් නිති විරෝධි ලෙස දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (14) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පෙලිසි


අදත් ජන්ද කාඩ් තැපැල් කාර්යාලයෙන් ගන්න පුළුවන්
2024 නොවැම්බර් මස 14 37 0

මෙතෙක් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණු ජන්දදායකයින්ට අද (14) ළගම පිහිටි තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගත හ


කැස්බෑවේ ඡන්ද මධ්‍යස්ථානයක් භාර නිලධාරිනිය හදිසියේ මිය ගිහින්
2024 නොවැම්බර් මස 14 497 0

කැස්බෑව පොල්හේන සිරි සදහම් භික්‍ෂුණී ආරාමයේ ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනිය ලෙස රාජකාරී යොදවා සිටි කාන්තාවකට හදිසියේ ඇති වූ හ


බඩෝවිට වෙඩි තැබීමක්
2024 නොවැම්බර් මස 14 200 0

ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන


ඡන්ද පොළකට පහර දෙන්න ලොරි රථයක ගිනිඅවි ඇතුළු ආයුධ සඟවලා
2024 නොවැම්බර් මස 14 900 0

ඡන්ද පොළකට පහරදීමට සූදානම්ව සිටි බව කියන ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩයක්, ටී කටක් ගිනි අවියක්, උල් පිහි දෙ


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 නොවැම්බර් මස 14 64 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 209 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 539 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1637 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site