IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මොල හතාගේ දතක් ගැලෙව්වා

(නිමල කොඩිතුවක්කු)

22 වන සංශෝධනය සමග මොළ හතාගේ එක දතක් ගැලවූ බව විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. පියවරෙන් පියවර රාජපක්ෂ ආධිපත්‍ය ජනබලයෙන් ඉවත් කරන බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා සංවිධානය කළ මැදකොළඹ ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පවතින අර්බුධකාරී තත්ත්වයෙන් රට බේරා ගැනීම සදහා මිනිසුන් ඉල්ලා සිටින්නේ සිස්ටම් එකේ වෙනසක් බවත්, නව ක්‍රමය යටතේ ආර්ථික සමාජ සාධාරණත්වය, මානුෂීයත්වය පෙරදැරි කර ගත් වැඩපිළිවෙළක් අවැසි බවත් විපක්ෂ නායක වරයා කීවේය.

රටේ දේශපාලනඥයන්ගේ දරුවන් සෑම අවස්ථාවකම බාර ගත්තේ දෙමාපියන්ගේ ආසන බවත් එහි දී මැදකොළඹ ආසනය සුවිශේෂ වුවත් තමාගේ දේශපාලන ගමනේ දී දුෂ්කර පළාතකට ගොස් ස්වෝත්සාහයෙන්ම තමාගේ දේශපාලන ගමන ආරම්භ කළ බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

වර්තමානයේ රට පත්ව ඇති ඛේදජනක ඉරණමට හේතුව රාජපක්ෂවරු ජාති, ආගම්, කුල-මල, පන්ති භේද ඇතිකර රට කෑලි කෑලිවලට කඩා ජාතීන් ආගම් අතර වෛරය ඇති කිරිම බවත් ඔහු කීවේය.

ඔවුන්ට අවැසි වූයේ තමන්ගේ පවුල රජ කරවීමට බවත් ඒ තුළ ඒකාධිපතීත්වය, මුරන්ඩුකම ගැබ්ව තිබූ බවත් ඒ හේතුවෙන් ලක්ෂ 22-0ක ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වඳ කොත්තු, වඳ සැත්කම්වලින් ආරම්භ වී ආදාහනය භූමදානය දක්වා ජාති ආගම් භේදය ක්‍රියාත්මක කළ බවත් අද ජාතිවාදයට ආගම්වාදයට විවිධ පාර්ශ්වය කෑ ගැහුවත් එදා සමගි ජන බලවේගය හැර අනික් සියල්ලක්ම ඊට එරෙහි නොවූ බවද ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

 



අදහස් (14)

මොල හතාගේ දතක් ගැලෙව්වා

chandima Monday, 24 October 2022 12:04 AM

එක මොළ හතෙකුගේ දතක් ගලවලා අනික් මොල හතාට දත් සැට් එකක්ම දැම්මා නේද?

:       4       6

චන්දන Monday, 24 October 2022 07:40 AM

මෙයා හිතන්නේ දැනටමත් ජනාධිපති මමයි කියල . පවු මොල 7 ගියාට ඔයාල ගෙන්වා ගන්න අදහසක් නැහැ හොඳ ද.

:       11       11

SaththayaMonday, 24 October 2022 08:49 AM

ඇත්තම තමයි . හිතාගෙන ඉන්නේ එහෙමයි . දැන් අනුන්ගේ පහනෙන් එලිය ලබාගන්න දගලනවා . ඒ ලැයිස්තුවෙම තමයි මොහුගේ නම තියෙන්නේ . හුගක් කල්නේ මෙයාගේ දත් සෙට් එකම ගැලවිලා .

:       9       9

ganegoda Monday, 24 October 2022 10:33 AM

ඔව්.ඊළඟ ජනාධිපති ඔහේගේ බාප්පද ?

:       7       6

ජයන්ත Monday, 24 October 2022 02:33 PM

ඊළඟ ජනාධිපති හැටියට පුතාණෝ දානවට වඩා හොඳයි ගෝඨාම දාගන්න එක. මේ වගේ මෝඩ චූන් කාරයින් ජනාධිපති වුනොත් රටේ ඉතිරිවෙලා තියෙන ටිකත් ඉවරයි....

:       3       4

ත්‍රස්ත මාෂල් Monday, 24 October 2022 03:06 PM

මොළ 7 කෙසේවෙතත් එක මොළයක්වත් නැති කෙනෙක් හැටියට තමයි හැමෝම වෙන්න ඉන්න අතිගරු ජනාධිපති තුමාව හඳුන්වන්නේ... පුදුම වැඩේ...!

:       1       2

Lakshitha Monday, 24 October 2022 09:56 AM

බදුර්දීන් ගස් කපනකොට පුතානෝ නෝ කතා නෝ සිනා.

:       7       13

fairoosMonday, 24 October 2022 12:51 PM

නන්දසේනගේ ජීවිතය නිසයි රටට මෙහෙම වුණේ... කොරෝනා මරණ භූමදානයට ඉඩදුන්නාද?

:       6       3

fairoosMonday, 24 October 2022 03:09 PM

ජීවිතේ නෙවෙයි ජාතිවාදය

:       2       1

BamunuarachchiTuesday, 25 October 2022 06:28 PM

මැට්ටෝ නන්දසේනටත් ජාතිවාදය ඉගැන්නුවේ අපි. අපි කවදත් ජාති හා ආගම් වාදීන්. ඒ උඹලාගෙන් රට ආගම රැකගන්න මිසක් රටම සින්හල බෞද්ද කරන්න නොවෙයි.

:       0       0

චින්තක Monday, 24 October 2022 10:43 AM

රාජපක්ෂ බලය ඔයා ඉවත් කරන්න මහන්සි වෙන්න එපා දැනටමත් රටේ ජනතාව විසින් ඒ දෙය කරලා හමාරයි , එහෙමයි කියලා ඔබ තුමා බලාපොරොත්තු තියාගන්නවා එහෙම නෙවේ

:       5       9

PODDA Monday, 24 October 2022 11:38 AM

මෙයාට වැටෙන්න තියෙන කුණු වෙච්ච දතක්වත් ගලවන්න හැකියාවක් තියෙනවද? එච්චර දෙයක් පුළුවන් නම් පොහොට්ටුවෝ මෙහෙම නටයිද?

:       2       7

Kule Monday, 24 October 2022 01:19 PM

ඔයා දත් 7232 ඔය විදිහට ගැලෙව්වත් රටට සෙතක් නෑ. වගකිවයුතු විපක්ෂයක් හැටියට... සාමූහිකව එක්වුණොත් නේද හොඳ...? 

:       2       3

සමන් Monday, 24 October 2022 02:55 PM

එක දතක්වත් නැති කෙනෙක් පාරම් බාන හැටි...

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 158 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 596 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 105 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 102 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 606 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 360 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26476 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18867 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 381 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1859 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site