(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 16වැනි වරටත් සංවිධානය කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය විරාජිණි තෙන්නකෝන්ගේ කැමීලියා කෘතියට හිමිවිය.
එම සම්මානය සමඟ ඇයට මුදලින් රුපියල් ලක්ෂ අට හමාරක ත්‍යාග මුදලක් ද පිරිනැමිණි.
මෙම උත්සවය අද(14)සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී අවසන් වටයට නිර්දේශ වූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මැයි මාර ප්‍රසංගය, එරික් ඉලයප්පආරච්චිගේ තිවංක කතාව,,මලිත් තුසිත ගුණරත්නගේ සිල්වර් ට්‍රිප්ස්, ලියනගේ අමරකීර්තිගේ කැළලිකාරයෝ යන නවකතා සඳහා රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් සමඟ සහතිකපත් පිරිනැමිණි.
මෙම නවකතා ප්‍රකාශයට පත් කළ සරසවි , සන්ථව, ගොඩගේ, විදර්ශන සහ සූරිය යන ප්‍රකාශන ආයතන වලට ඇගයීමේ සම්මාන ප්‍රදානය කෙරිණි.
සම්මාන ප්‍රදානය හිටපු මහා කොමසාරිස්වරයකු වන මහාචාර්ය සසංක පෙරේරා සමග ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින් සංගමයේ හිටපු සභාපතිවරු අතින් සිදු කෙරිණි .
(ඡායාරූප ගයාන් අමරසේකර)
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මෙවර ස්වර්ණ පුස්තක සම්මානය කැමීලියා නවකතාවට
මැක්ස් Sunday, 15 September 2024 12:38 AM
සුබ පැතුම්! මැයි මාර ප්‍රසංගයටත්. ලියනගේ අමරකීර්ති වැනි දැඩි ලෙස දේශපාලනීකරණය වූ අය හැලුණු එකත් සුබයි
anuranga Sunday, 15 September 2024 01:42 PM
මගේ දහම් පාසැල් මිතුරිය, ඔබට සුබපැතුම්.