(මනෝප්රිය ගුණසේකර සහ ළහිරු හර්ෂණ)
2010 ජනාධිපතිවරණය ආසන්නයේදී ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීමට පොළඹවා ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ ලක්ෂ 42 ක අල්ලසක් ලබා දීමේ චෝදනාවට වරදකරු කළ හිටපු නියෝජ්‍ය ඇමති මයෝන් මුස්තාපා මහතාගේ ප්‍රජා අයිතිය වසර හතකට අහෝසි කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඔහුට මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (17) නියම කළේය.
ජනතා මතය උරගා බලන ප්රජාතන්ත්රවාදී රටක් වන ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය කරන ආයතනයක නියෝජිතයෙකු වන විත්තිකරු කළ වරද ඉතා බරපතළ වුවත් ඊට දිය හැක්කේ සුළු දඬුවමක් නිසා ඒ පිළිබඳව කණගාටුවට පත් වන බව විත්තිකරුට දඬුවම් නියම කරමින් පැවසු විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සිර දඬුවමට අමතරව රුපියල් 500/-ක දඩයකටද ඔහු යටත් කළේය.
2010 ජනවාරි 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී 2010 ජනාධිපතිවරණය ආසන්න සමයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීම සඳහා පොළඹවා ගැනීමේ අරමුණීන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ ලක්ෂ 42 ක අල්ලසක් ලබා දීම ඇතුළු චෝදනා මත නීතීපතිවරයා විත්තිකාර හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපා මහතාට එරෙහිව චෝදනා නඟා තිබිණී.
මේ සම්බන්ධයෙන් පවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා සනාථ කිරීම සඳහා පැමිණීල්ලෙන් ඉදිරිපත් කළ සාක්කි වල අඩංගු කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සළකා බැලීමේදී මෙන්ම නඩුවේ සාක්කි වශයෙන් ඉදිරිපත් කළ දුරකථන සංවාද හඬපට හා සීසීටීවී දර්ශන සලකා බැලීමේදී විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළේය.
විත්තිකරු සිය විත්තිවාචකය මඟින් මෙම නඩුවට පාදක වු රුපයල් ලක්ෂ 42ක මුදල නඩුවේ පළමු සාක්ෂිකාර ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාමිල් මහතාට විදේශ ගත වීම සඳහා දුන් ත්‍යාගයක් යැයි විත්තිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරු අධිකරණයේ එසේ පැවසුවත් එම මුදල් ලබාදීමෙන් අනතුරුව සාක්කිකරු සමඟ ගොස් එක්සත් ජාතික පක්ෂයේ මලික් සමරවික්‍රම හා රවී කරුණානායක මහත්වරුන් හමුවීම තුළින් ඔහුගේ ස්ථාවරය මෙන්ම සාක්කියද බිඳ වැටී ඇතැයි සඳහන් කළේය.
මේ තත්වය මත විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කොට ඇති චෝදනාවන්ට ඔහු වරදකරු බව විනිසුරුවරයා තීරණය කළේය.
මේ අවස්ථාවේ අධධිකරණ ඇමතූ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ප්රජාතන්ත්රවාදය පෙරදැරි කරගත් සමාජ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ පවතින බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව රටේ විධායක ජනාධිපතිවරයා මෙන්ම පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සඳහා පවත්වන මැතිවරණ මගින් ඡන්දදායකයාගේ කැමැත්ත මත ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගන්නා බවත් පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්දදායකයින් සිය හෘද සාක්ෂියට එකඟව” ස්වාධීනව” ඡන්දය පාවිච්චි කළ යුතු බවත් ඉන් ජනතා අභිලාෂයන් මුදුන් පත් කිරීම සිදුවන බවත් පෙන්වා දුන් විනිසුරුවරයා එම ක්‍රියාදාමය වෙනස් කිරීමෙන් ජනතාව තුළ ප්රජාතන්ත්රවාදය පිළිබඳව සැකයක් උපදින බවත් ඉන් ප්රජාතන්ත්රවාදී ප්‍රවාහය පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටීම සිදුවී ජනතාව වෙනත් ප්රවාහයන් වෙත තල්ලු කිරීමක් සිදුවන බවත් අවධාරණය කළේය.
හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වන විත්තිකරු කළ වරද සු`ථවෙන් තැකීමට හැකියාවක් නැති බවත් නීති අණපනත් සකසන ආයතනයක ජනතා නියෝජිතයින් මීට වඩා ආදර්ශමත්ව වගකකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවත් අවධාරණය කළ විනිසුරුවරයා විත්තිකරුට එල්ල වන චෝදනාව ඉතාම බරපතළ වුවත් ව්‍යවස්ථාපිතව ඊට ලබාදිය හැක්කේ සුළු දඬුවමක් යැයිද පෙන්වා දුන්නේය.
මෙවැනි වරදක් කළ විත්තිකරුවකුට ලබාදිය හැකි සුළු දඬුවම පිළිබඳව කණගාටු වන බව සඳහන් කළ විනිසුරුවරයා ජනාධිපතිවරණ පණතේ ඇති බලතල මත විත්තිකරුගේ ප්‍රජා අයිතිය වසර හතකට අහෝසි කළේය.
විත්තිකරුට මාස 06ක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 500/-ක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් මාසයක සිර දඬුවමක් නියම කළේය.
මේ අවස්ථාවේදී් අධකරණය ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා විත්තිකරු චෝදනාවන්ට වරදකරු කොට ඇති හෙයින් ඔහු විසින් අල්ලස් වශයෙන් මොහොමඩ් මුසම්මිල් මහතාට ලබාදී ඇති රුපියල් ලක්ෂ ලක්ෂ 42 ක මුදල රාජසන්තක කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පැමිණීල්ලේ ඉල්ලීම සළකා බැලීම දින 14කට ලක් තැබු විනිසුරුවරයා මෝෂමක් මාර්ගයෙනන් එම ඉල්ලීම කිරීමට පැමිණීල්ලට නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුස්තාපාගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසියි
නිහාල් Friday, 17 February 2023 07:30 PM
රුපියල් 500 දඩය නම් අගනේය. දැන් අවුරුදු ගාණක් ටින් හොල්ලපන්කෝ දඩය ගෙවන්න...
සමන් - ඕමානයSaturday, 18 February 2023 03:01 PM
අයියෝ මේ වගේ අවලම් වැඩක් කලත් දඩය රුපියල් පන්සීයද? සකල සබ්බ දේපල රාජ සන්තක කරන්නයි වටින්නේ, අනිත් හාල්පාරුවන්ටත් පාඩමක් විදිහට.
Kapila Friday, 17 February 2023 09:38 PM
පගාවක් දීම මෙන්ම පගාවක් ගැනීමද දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් මුසාමිල් නිදැල්ලේ සිටියි...
දාස Saturday, 18 February 2023 08:18 AM
මුසාමිල්ගේ වැඩකිඩ බලනකොට මේ මුදල අරගත්තේ නැති එක ගැන පුදුම හිතෙනවා... ඉංජිනේරු සංස්ථාවේ ඉන්දැද්දී දිපු වාහනෙන් හම්බ කරපු කෙනෙක්... ඊට පස්සේ අනුර කුමාරට අයර්ලන්තයේ ගෙවල් තියෙනවා කියලා මාධ්‍ය ඉදිරියේ පච වුණු චරිතයක්...
Jagath Saturday, 18 February 2023 08:36 AM
රනිල් රාජපක්ෂත් ප්රජාතන්ත්රවාදය ඉතාමත් බරපතල ලෙස උල්ලංඝනය කරමින් විනාශ කරමින් සිටිනවා. ඕනෑ තරම් සාක්ෂි ඇස් පනාපිටම තියෙනවා.. මෙයා මේ රටට පිළිලයක්, කොඩිවිනයක්, ශාපයක්.. බැරිද නඩු අහලා රනිල් ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වා අහෝසි කරලා දාන්න..?
Bamunuarachchi Saturday, 18 February 2023 08:57 AM
ඔන්න හම්බ සෙට් එකේ වැඩ? කෙහෙල් ගහට කොටපු දාට කෙලවෙනවා....
Asanga Saturday, 18 February 2023 09:20 AM
සමහර නඩු තීන්දු ඇත්තටම කැකිල්ලේ තීරණයන්... මොකද දේශපාලනය ගෑවිලා තියෙන බව හොඳටම පෙනෙනවා. ලොකු ලොකු හොරුන්ට නීතියත් යටයි.
මැක්ස් Saturday, 18 February 2023 10:32 AM
මේ සමඟ දියවී යන්නේ ෆොන්සේකා මහතාගේද සායමයි. කොපමණ කයිවාරු ගැහුවත් දූෂිතයකු බව මෙමගින් සනාථ වේ.