IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


’’මාසයක් හරි නවතින්න බලාගෙන 9වෙනිදා කොළඹට එන්න’’

(සුජිත් හේවාජුලිගේ )

රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

පසුගිය මාසයේ නව වෙනිදා  කොළඹට මෙපමණ විශාල  ජන ගඟක්  ඒවි යයි කිසිවකුත් බලාපොරොත්තු නොවූ බවත් ලබන නව වෙනිදාද  ජනතාව එසේම  කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්  හෙතෙම සඳහන් කළේය.

මේ ප්‍රශ්නයේදී රටේ සියලුම ජනතාව එකාවන්ව එකතු විය යුතු බව පැවසූ ෆොන්සේකා මහතා ආණ්ඩුවේ මර්දනයට  බියවිය යුතු නැතැයිද ප්‍රකාශ කළේය.



අදහස් (82)

’’මාසයක් හරි නවතින්න බලාගෙන 9වෙනිදා කොළඹට එන්න’’

gamini ranaweera Saturday, 30 July 2022 12:33 PM

හඳට බල්ලො බිරුවට හඳ පාත්වෙනවද? මේ වැඩෙත් ඒ වගෙයි.

:       63       262

තරු Saturday, 30 July 2022 03:03 PM

බලාගෙන මාෂල්ගෙ තරු ගලවයි රටටම පේන්නම..!

:       0       54

ajithSaturday, 30 July 2022 06:10 PM

සරත් ෆොන්සේකාට ජනප්‍රියත්වයක් තිබේ නම් එය යුද හමුදාවේ සේවයේ සිටි නිසාවෙනි. එක පැතිකඩකින් ඔහු රටේ ජනතාව කුපිත කිරීමේ අරමුණින් ක්‍රියාකරමින් සහ අදහස් ප්‍රකාශ කරමින් අනෙක් පසින් ඔහු පොලිසියට සහ හමුදාවට චෝදනා කරමින් සිටි. සරත් ෆොන්සේකා දේශපාලකයකු නොවේ. ඔහුට කිසිඳු දේශපාලන දැනුමක් නොමැත...

:       6       64

niluSunday, 31 July 2022 08:49 AM

අපි නම් යනවා. අපේ ගෙදර 4 දෙනෙක් යනවා මාතරින්.

:       37       7

BTTuesday, 02 August 2022 01:09 PM

මාස තුනකට ඇතිවෙන්න හාල්, පොල්, පරිප්පු, විෂබීජ නාශක, මදුරු කොයිල් ආදී එකී නොකී මෙකී ඔක්කෝමත් අරගෙනම එන්න හොඳේ? ආ... තව පොඩ්ඩෙන් අමතක වෙනවා! බිලී පිති හතරකුත් අරන් එන්න. එතකොට ගාලුමුවදොර ඉන්න ගමන් උයාගන්න මාලු බාගන්න පුළුවන්‍‍. නැත්නම් ඉතින් වැල්ලට ගිහින් "රෑට බතට අපට කන්න කෝන් පිට්ටු ඉදීයන්, කෝන් පිට්ටු ඉදීයන්" කිය-කියා සින්දු කිය-කියා කෝන් පිට්ටු හදලා මඩ තමයි කන්න වෙන්නේ....

:       3       26

Lankaputhra Saturday, 30 July 2022 12:35 PM

අපේ රස්සා නැති වෙන්න ඔන්න මෙන්න. රට ගිනි තියන්න උල්පන්දම් නොදී ටිකක් හුස්ම ගන්න ඉඩදෙන්න...

:       66       267

චන්දන Saturday, 30 July 2022 12:46 PM

තමනුත් මර්දනයට නියෝග දීපු හමුදා නිලධාරියෙක් නේද? එදා එල්ටීටීඊ යට විරුද්ධව දීපු නියෝග මතකද? ඉහළම හමුදා නිලධාරියකු හැටියට රාජ්‍ය විරෝධී කටයුතුවලට හවුල්වීම නීතියට එකඟයිද? මොකද මේක හරි හෝ වැරැදි හෝ නීත්‍යානුකූල රජයක්...

:       61       231

යෝගා Saturday, 30 July 2022 12:54 PM

මෙයා පචවෙන්න ඉතා ළඟයි. දැන් අරගල කරුවන් මේ පැන්ෂන් ගිය අයව තමන්ගේ නායකයා කියලා පිළිගනියිද..?

:       58       224

naleen Saturday, 30 July 2022 12:58 PM

තම තමන්ගේ දේශපාලන වුවමනා එපාකම් වලට රටවල් විනාශ කිරීම සුදුසු නැත..

:       41       219

කලවැද්දා Saturday, 30 July 2022 01:03 PM

මේ වෙලාවේ ජනතාව තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන කියම සිතට ගන්න ඔහොම කියන කවුරුත් අපට කරදරයක් වුණොත් පිහිට වෙන්නේ නැහැ. පත්වූ අයට කරන්න දීලා මැතිවරණය අවස්ථාවක කැමති කෙනෙක් තෝරන්න... රට තවතවත් අනතුරට නොදමන්න....

:       32       207

ganegoda Saturday, 30 July 2022 01:14 PM

ජයවේවා...! ජයවේවා...! ජයවේවා...! අපිත් එනවා...! මුළු ගමම එනවා...! 

:       220       57

MADHUJITH ROHAN Saturday, 30 July 2022 01:15 PM

මේ වගේ මනුෂ්‍යයෙක් නිසා රට විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ. තවත් රට අගාධයට ඇද නොදමා කරුණාකර තමන්ගේ පාඩුවේ ඉන්න උත්සාහ කරන්න. මොහුට තියෙන්නේ පළිගැනීමේ චේතනාවක්... මිනිස්සු එය දැනගත යුතුයි.

:       43       222

ganegoda Saturday, 30 July 2022 02:00 PM

රටක ජනතාවගෙන් පළිගනිමින් ඔවුන්ව හූරාගෙන කන අයගෙන් පළිගන්න ඕනේ... ඔයාලා වගේ එහෙයියන්ට ඒවා තේරෙන්නේ නැහැ.

:       200       48

BTSaturday, 30 July 2022 02:40 PM

දෙවන ලෝක යුද්ධයෙන් පසු සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වුණු ජාත්‍යන්තර සම්මේලනයකදී බුදුන් වහන්සේගේ වචන මතක් කරමින් "වෙෙරයෙන් වෙෙරය නොසන්සිඳේ" යයි ලංකාව නියෝජනය කළ ජේ.ආර්.ජයවර්ධන මහතා පවසා, ජපන් ජනතාවට කළ උපකාරයට ඔවුහු තවමත් ගරු කරති. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල මෙන්ම වර්තමාන පාර්ලිමේන්තු සංකීර්ණයද අප රටට ත්‍යාග කළහ; තවමත් ඔවුහු ආධාර කරති. ජපනුන් බෝම්බ දමා මෙරටට කළ හානියට වෙෙරීව කටයුතු කළානම් ඒ කිසිවක් අපට ලැබෙන්නේ නැත. "ඇසට ඇසක්" යනුවෙන් ශුද්ධවූ බයිබලයේ පරණ තෙස්තමාන්තුවේ වැකියක් තිබේ. එය ජේසුස් වහන්සේ මෙලාෙව පහළවීමට පෙර යුදෙව් ජාතිකයන්ගේ ඉගැන්වීමකි. නමුත්, නොබෙල් සාම ත්‍යාගලාභී ඩෙස්මන්ඩ් ටුටූ අග්‍ර රාජගුරු ප්‍රසාදීතුමා පැවසුවේ, ඇසට ඇසක් ගැනීමෙන් මුළු ලෝකයම අන්ධ වන බවයි. ("Taking an eye for an eye makes the whole world blind.")

:       0       37

යෝගා Saturday, 30 July 2022 02:59 PM

තමුන් දැවෙමින් අනුන් දවන්න දිවා රෑ ප්‍රාර්ථනා කරන අඥානයන් ඉන්නවා. පව් ඉතින්.

:       0       33

BTSaturday, 30 July 2022 07:30 PM

දෙවන ලෝක යුද්ධයෙන් පසු සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වුණු ජාත්‍යන්තර සම්මේලනයකදී බුදුන් වහන්සේගේ වචන මතක් කරමින් "වෙෙරයෙන් වෙෙරය නොසන්සිඳේ" යයි ලංකාව නියෝජනය කළ ජේ.ආර්.ජයවර්ධන මහතා පවසා, ජපන් ජනතාවට කළ උපකාරයට ඔවුහු තවමත් ගරු කරති. එහි ප්‍රතිඵලයක් ලෙස ජාතික රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල මෙන්ම වර්තමාන පාර්ලිමේන්තු සංකීර්ණයද අප රටට ත්‍යාග කළහ; තවමත් ඔවුහු ආධාර කරති. ජපනුන් බෝම්බ දමා මෙරටට කළ හානියට වෙෙරීව කටයුතු කළානම් ඒ කිසිවක් අපට ලැබෙන්නේ නැත. "ඇසට ඇසක්" යනුවෙන් ශුද්ධවූ බයිබලයේ පරණ තෙස්තමාන්තුවේ වැකියක් තිබේ. එය ජේසුස් වහන්සේ මෙලාෙව පහළවීමට පෙර යුදෙව් ජාතිකයන්ගේ ඉගැන්වීමකි. නමුත්, නොබෙල් සාම ත්‍යාගලාභී ඩෙස්මන්ඩ් ටුටූ අග්‍ර රාජගුරු ප්‍රසාදීතුමා පැවසුවේ, ඇසට ඇසක් ගැනීමෙන් මුළු ලෝකයම අන්ධ වන බවයි. ("Taking an eye for an eye makes the whole world blind.")

:       0       55

NishanSunday, 31 July 2022 06:55 AM

කවුද එහෙයියා කියලා ලැබුණු ප්‍රතිචාර වලින් පේනවා. ඔයා කවුද කින්ද මන්ද කියලා කිව්වොත් පාරක බැහැලා යන්න බැරි වෙනවා ඔයාට.

:       2       68

sanath Saturday, 30 July 2022 01:15 PM

මෙයා හදන්නේ අපිව මරවන්න..

:       30       222

ganegoda Saturday, 30 July 2022 02:14 PM

ඔව්, මරාගෙන මැරෙනවා.. මොකක්ද අවුල?

:       155       34

demiSaturday, 30 July 2022 02:52 PM

ඉතින් බොට ඕනේ නම් මැරියන් .අපේ මොකෝ.මරපන් කියල ආව එවුන් අඬාගෙන දිව්වේ වේවැල් පාරක් කාපු ගමන්.

:       0       0

SirisenaSaturday, 30 July 2022 04:43 PM

අනිත් අය අමාරුවේ දාන්නේ නැතිව මැරෙන්න ඕනෑ නම් පාඩුවේ මැරෙන්න. මොකද ඔයාලා වගේ අය රටින් තුරන් වෙන්න ඕනෑ..

:       23       148

BT Saturday, 30 July 2022 01:15 PM

"පසුගිය මාසයේ නව වෙනිදා කොළඹට මෙපමණ විශාල ජනගඟක් ඒවි යයි කිසිවකුත් බලාපොරොත්තු නොවූ බවත්" - අන්න ඒකනේ කියන්නේ. ඉන්ධන නෑ, කෑම නෑ, අරක නෑ, මේක නෑ කියලා ලතෝනි දුන්නු අයට කොළඹ එන්න ඛනිජතෙල් පහළ වුණා. එක වේලක් කාපු අයට මන්දිරවල ගේට්ටු, දොරවල්, සේප්පු කඩන්න තරම් කාය ශක්තියක් පහළ වුණා. හමුදාවේ වුණත් "කලර්ස් නයිට්" එකක් පවත්වන්නේ අවුරුද්දට එක දවසයිනේ නේද? ඒක හින්දා ඊළඟ අවුරුද්දේ ජූනි 9වෙනිදා පළවෙනි සංවත්සරය උදාවෙනකල් ඔබතුමා ඉවසීම ප්‍රගුණ කරන්න...

:       33       171

randil Saturday, 30 July 2022 01:18 PM

නිවටයින් වගේ හැමදාම හිතුවොත් ජීවිත කාලෙ පුරාම නොකානොබී පෝලිම්වල හිටපල්ලා... හැමදේටම ඔලුව පාත්කරගෙන ඉන්න පුළුවන් කොන්දක් නැති අයට නම් එහෙම ඉන්න පුලුවන්. හැමදේටම හුරුවෙවී අල හිටෝ හිටෝ හිටපල්ලා... අනේ මෙහෙම නිවටයෝ..!

:       152       49

BTSaturday, 30 July 2022 02:15 PM

අල හිටුවා ගත්තොත් කන්න පුළුවන්. මැක්ඩොනල්ඩ්ස් එකෙන් කන අයට නම් ඉතින් ඕවායේ වටිනාකමක් නැතුව ඇති. ඌබර් ඊට්ස් එකෙන් ගෙදරට ගෙන්නාගෙන පීට්සා කකා හිටපු අයත් ලොක්ඩවුන් කාලේ කොන්ද දෙකට නමාගෙන, "තෑන්ක් යූ, තෑන්ක් යූ" කිය-කියා, අපේ ගෙදර මගේ වයසක අම්මා වවලා නොමිලේ දුන්නු කුරිඤ්ඤං, දෙහි, තෝර කොළ, රම්පේ, කරපිංචා, ඉඟුරු එහෙම මහමෙර වගේ අරගෙන ගියා. ඉඩකඩ තියෙන අය බොහොම උනන්දුවෙන් පැළත් ගෙනිච්චා. දෙවන ලෝක යුද්දේ කාලේ මේ රට පාලනය කරපු සුද්දොත් පෝලිම්වල ඉඳලා තියෙනවා තොප්පිය අතේ තියාගෙන බජරි සලාකේ ගන්න.... හැබැයි මේ රටේ ගොවියෝ එහෙම ඉඳලා නැහැ. චාර්ල්ස් ඩාර්වින් ඔප්පු කරලා තියෙනවා නේද පරිසරයට අනුගත නොවන ජීවීන් වඳවෙලා යනවා කියලා? ඒක හින්දා මේ හැමදේටම හුරුවෙන අය තමයි මේ රටේ විතරක් නෙවේ, ලෝකයේ මොන රටක ගිහින් පදිංචි වුණත් ඉතිරි වෙන්නේ. මේ ලියන මම, පරංගින්ගෙන් කෝට්ටේ රජ බේරාගන්නට කටයුතු කළ සල්පිටි කෝරළයේ අදීන ගොවි පරපුරකින් පැවත එන, කොන්ද කෙලින් තබාගෙන ජීවත්වන ලාංකිකයෙක්...

:       18       68

මැක්ස්Saturday, 30 July 2022 03:13 PM

බලමු අගෝ. 9 වෙනිදට රනිදිල් වගේ "වීරයො" 10ක් වත් ඉඳීද කියලා! වගාව වැනි යහපත්⁣ දේකට හුරැ වෙලා ඉන්න මිනිස්සුන්ට නේද මේ කාඩ්බෝඩ් චන්ඩියා හිනා වෙන්නෙ!

:       0       3

කිරි පුතා Saturday, 30 July 2022 01:19 PM

මෙවැනි අය පාර්ලිමේන්තුවේ නොසිටිය යුතුයි. රටේ තත්ත්වය තේරුම් නොගෙන මෙවැනි දේ ප්‍රකාශකර ඔවුන් ගෙවල්වලට වී හිනාවේවි. රට තවතව ප්‍රශ්නවල හිරවේවි..!

:       27       184

Kcn Saturday, 30 July 2022 01:21 PM

ඇති දෙයියනේ උද්ඝෝෂණ.. රනිල් ලොක්කට අපිත් කැමති නෑ.. නමුත් මේ වෙලාවේ අපි මිනිහට සපෝට් කරන්න ඕනෑ අඩුම ගාණේ මාස හයක් හතක්.. මාස හයකින් මෙයාට IMF වැඩේ ගොඩ දාගන්න බැරි වුණොත් පාරට බහින එක සාධාරණයි.

:       27       156

senaSaturday, 30 July 2022 02:14 PM

I M F දැනටමත් බැහැ කියලා, ලෝක බැංකුවත් බැහැ කියලා... අරගලේට ගහපු නිසා. රනිල් ලොක්කා චීනෙට රට විකුණන්න කළින් එළවා ගත්තොත් ගොඩ.

:       159       28

කෝරලගේ Sunday, 31 July 2022 10:20 AM

මසූරන් වටින කතාවක්....UNPය පොලොවට සමතලා කරපු කෙනා කොහොමද රට මේ අගාධයෙන් ගොඩගන්න??? චීනට ඉතුරැ ටිකත් විකුනල ලන්කාව පොලොවටම සමතලා කරල දායි.අන්තිමට වෙන්න එච්චරයි.මහපොළොව උහුලන අපරාධක් නෙමෙයි.

:       6       5

මැක්ස් Saturday, 30 July 2022 01:28 PM

එස්. එෆ්. තුමනි, ඔය වගේ යෝජනා නොකොට, ගෝඨා මහතා අගමැති ධුරය ලබා ගන්නැයි කිව් වෙ⁣ලේ එය බාරගෙන කරලා පෙන්නුවා නම් අගෙයි නේද? අරගල කල්ලි ඔබතුමාට කැමතියි වගේ පෙන්නුවාට එහෙම එකක් නෑ. අරගල පිරිසට උඩ ගෙඩි දෙන අය හෝ ඊට මුදල් ආධාර දෙන අය ඔබතුමාටත් කැමැති නෑ. එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගන්න ඔබතුමාත් විශාල කාර්ය භාරයක් කළනිසා...

:       19       158

Bamunuarachchi Saturday, 30 July 2022 01:38 PM

මෙන්න තව කැරැලිකාරයෙක්. මිනිසුන් ප්‍රකෝප කිරීම ගැන මොහු අත්අඩංගුවට ගන්න...!

:       40       143

indikaSaturday, 30 July 2022 02:15 PM

බමුණා ඔබ හරි අනිවාර්යයෙන්ම ... රට ගොඩ ගන්නේ නැතිව තවත් වලට දානවට දඬුවම් දෙන්න ඕනේ....

:       16       95

indika Saturday, 30 July 2022 02:11 PM

රට තවත් වලපල්ලට යවන වැඩක්... ගොන් කතා නොකියා රට ගැන හිතලා වැඩ කරන්න. පෙන්ෂන් ගිහිල්ලත් ඊර්ෂ්‍යාව, වෛරය ඉවර නෑ..

:       12       99

indika Saturday, 30 July 2022 02:13 PM

දෙකක් නෙලලා දාන්න ඕනෑ ඇතුළට... රට ගිනි තියනවට...

:       17       89

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 30 July 2022 02:31 PM

දූෂිත පවුල් පාලනයෙන් රටට සිදුකළ විනාශයට ඔවුන්ගේ අකටයුතුකම් වෙනුවෙන් හඬක් නැගීමට කටයුතු කිරීම වැදගත්.ඒත්,මේ එන සෙනඟ සමඟ කුඩ්ඩන් පාතාලයන් හොරුන් තක්කඩින් වැනි අයත් එනවා නේද ? එසේනම්, ඔවුන් පැමිණ අපරාධ සිදුකළ හොත්,ඒ අසළ සිටිනා අයද අමාරුවේ වැටෙනවා නේද ? එතකොට ඒ අය බේරාගන්න ඔබතුමන්ලා කුමන හෝ පියවරක් ගැනීමට කටයුතු කරනවාද ? කෙසේ හෝ ජනතාව පාරට බස්සන්නට කටයුතු කරන්නේ නම්,ඔවුන් හට නිසි නායකත්වයක් හා පැහැදිලි ආරක්ෂාවක් ලබා දිය යුතුයි.එසේ නැතිව ඔවුන් ගෙන්නා ඔවුන්ගේ ජීවිතත් සමග සෙල්ලම් නොකළ යුතුයි.

:       0       4

සනත් Saturday, 30 July 2022 02:52 PM

මෙයා යුද්ධය ඉවරකරා නම් ඒකත් මර්ධනයක්.

:       0       1

dm Saturday, 30 July 2022 02:54 PM

ඔයා හැමදාම කලේ මිනිස්සු කුලප්පු කිරිල්ල.ලේ තමා ඉල්ලන්නේ.

:       0       2

Nihal Saturday, 30 July 2022 02:56 PM

අපි පයින් කොළඹට ඇවිත් ඔයාලට බලය අරන් පයින්ම ගෙදර යන්නම්.කන්නත් නැතුව අපිට කොළඹ එන්න පිස්සුවක් නෑ

:       0       0

Fahas Saturday, 30 July 2022 03:34 PM

අරගල කරල ඊ ලඟට දිනෙශ්ව ජනපති කරනවලු. අනේ මෙහෙමත් විහිළුකාරයෙක්.

:       0       2

සමන්ත Saturday, 30 July 2022 03:42 PM

අපි එනව සර් ඔබතුමා සමග . අපි අරගලකරල ජනපති පැන්නුවට පස්සෙ පිං පොං හිතන් ඉන්නෙ එයා හොදයි කියල .රාජපක්ෂ ලාට කඩේ ගියපු උන්ට තාම හොදයි. ගොඩක් අයට තෙරෙන්නැ මුංගෙ මගඩි වැඩ වහල් බාවයෙන් මිදිලා එක්ව අපේ රටෙ දරුවන්ගෙ අනගතය වෙනුවෙන් ඉතුරුවෙන්න එකතුවෙමු.

:       3       1

K Perera Saturday, 30 July 2022 03:55 PM

මෙයා දැන් කාටද එන්න හදන්නේ...!

:       13       84

මෝ Saturday, 30 July 2022 03:59 PM

අරගලය, දැන් පුස්සක්, ජාවාරමක්, ගේමක් බව රට්ටු දන්නවා. ඒක වල් වැදිලා ඉවරයි. කුඩු කාරයින් ඉස්සරහම ඉන්නේ. දැන්වත් මිනිස්සුන්ට කියන්න තමන්ගේ රස්සාව හරියට කරන්න කියල‍ා. මේ සේරමලා බලන්නේ තමන්ගෙ බඩ වඩාගැනීම... රනිල් යවලා දිනේෂ් ජනාධිපති කරලා ප්‍රසන්න රණතුංග අගමැති කරන්නද කියන්නේ...?

:       8       91

Sarath Saturday, 30 July 2022 04:02 PM

අපි පොඩ්ඩක් බලමුද මහත්තයෝ... අඩුගානේ මාස 6ක් වත්...

:       7       83

වීර පුරං Saturday, 30 July 2022 04:39 PM

SF මැතිඳා ඉතා නිවැරදියි. ජාතියේ වීරයාණෙනි, අප ඔබ සමගයි. 9 වැනිදාට හමුවෙමු... අපගේ ආචාරය...!

:       112       18

ruwanSunday, 31 July 2022 06:46 AM

අනේ පුරන්, උඹලගෙ අරගලෙත් දැන් පුරන්

:       1       14

NishanSunday, 31 July 2022 06:56 AM

අඩුම ගානේ ඇතුලට යන්න බලාගෙන එන්න.

:       0       10

යැකෙන්දන්ඩා Saturday, 30 July 2022 05:07 PM

සරා ගොන්සේකාට අරගලය නැමැති මාරාන්තික වෛරස රෝගය වැළදී ඇත. මොහුට ලංවෙන්න එපා. ප්‍රවේශමෙන්.

:       0       3

Dayan Saturday, 30 July 2022 05:25 PM

රට විනාශ කරන කුමන්ත්‍රණවලට මැදිහත් වෙන්න එපා.. එක්එක් කෙනාගේ දේශපාලන කපටිකම්වලට අහුවෙන්න එපා...

:       10       102

රාජාSaturday, 30 July 2022 07:16 PM

රට විනාශ වී අවසානයි. බේත් නැති ලයිට් නැති කිසිම විදෙස් ප්‍රතිපත්තියක් නැති මේ වැනි හොරුන්ට තවත් උදව් කරන්න එපා රට ව්කුනා කා ඔවුන් පමනක් දිවුනු ඌ , හොරුන්ගෙන් රට් බේරාගන්න සහය දෙන්න තාම පරක්කු නැත.

:       1       0

Raja Saturday, 30 July 2022 05:59 PM

හොඳ කොන්දක් තියෙන නායකයෙක් සමහර අපේ ලාංකිකයින් ඉන්න හොරුන් රට ගොඩ ගනීවි කියලා හිතා හිටියට මේ බලයේ ඉන්න අය කරන්නේ ඔවුන්ම බේරා ගන්න එක තමයි එකම දේ රට... නැවත විකුණයි. ඉස්සර කළා වගේ මතක නැද්ද උදව් කරන්න... රට බේරාගන්න ඔහු එක පාරක් කළා වගේ තාම පරක්කු නෑ.

:       4       0

Sriyan Lanka Saturday, 30 July 2022 06:24 PM

* මෙම දාර්ශනිකයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කලා, පරාජයට පත් වූවා. * ඉන්පසු තමන්ගේම දේශපාලන පක්ෂයෙන් තරග කොට තම ජනප්‍රියත්වය උරගා බැලුවා - මුළු ලංකාවෙන්ම ලැබුණේ ඡන්ද ලක්ෂයයි. * ඉන්පසු සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂයට එකතු වුණා * ජනාධිපති තනතුරට සිහින මවන මොහු, තමාට මහජන ප්‍රසාදයක් නැති නිසා දැන් දැන් ත්‍රස්තවාදයට අනුබල දෙයි. එමගින් ජනාධිපති තනතුරට පත් වීමට සිහින මවයි * හිටපු හමුදාපතිවරයෙකු ේ මේ නිහීන ක්‍රියාව ලංකාවාසීන් තරයේ හෙලා දැකිය යුතුය

:       0       3

Lelwala Saturday, 30 July 2022 09:18 PM

මොහු කුමන්ත්‍රනකරැවෙක් මොහු පැන්ෂන් කාරයෙක් මොහුට කල හැකි ඉටි ගෙඩියක් නොමැත. තරැණයන් ගේ කරපටින් බලය ලබා ගන්න වෙර දරනව . . කැහි ගැනි දිල හොටු ගැකි ගත්ත වගේ වෙවි..

:       0       3

Saththaya Saturday, 30 July 2022 09:48 PM

අධිකාරිය ලත් නිලධාරී කෙනෙක් නේද මේ . වයසට ගිය නිසා එය අමතක වෙලයි කියලයි මගේ හිතේ . මුළු හමුදාවකගේ පුහුණුවීම , වගකීම සහ විනය හදල රටත් බේරාගෙන දැන් මේ මොකද වෙන්නේ ? ලැජ්ජයි , කනගාටුයි නිලධාරියෙක් සහ මහත්තයෙකුට දේශපාලනය නිසා වුන විනාසයට .

:       0       2

Chandima Saturday, 30 July 2022 10:14 PM

ඇවිත් මොනවද කරන්න කියන්නෙ අපට? ඔව්ව කලා කියල බයවෙල ඔබතුමාට අමෙරිකව විස දෙයිද?

:       0       0

Chandima Saturday, 30 July 2022 10:22 PM

එන්න තෙල්, පෙට්‍රල් දෙනවද? මාසෙකට ඉඳුම්, හිටුම්, කෑම බීම වලට ගෙවනවා නම් එන්නම්...!

:       0       0

විපරමා Saturday, 30 July 2022 11:30 PM

මාසයක් විතර ඉන්ඩ බලාගෙන ආවම කෑම්,බීම,ඉන්දුම් හිටුම්,නවාතැන් ඇතුලු අවස්‍ය පහසුකම් තමුන්ට සපයන්ඩ පුලුවන්ද ? දැනටමත් ජනතාව නොවිදිනා දුක් වින්දිනවා.පෝලිම් වල දවස් ගණන්,කන්ඩවත් නැතිව .ජනතාව මේ වෙලාවේ තව තවත් අමාරුවේ දාන්ඩ එපා.අන්තිමට වෙන්නේ ආරක්ෂක හමුදාවන් ගේ අඩන්තේට්ටම් වලට ලක් වෙන්ඩ.හිරේ විලන්ගුවේ වැටෙන්ඩ. රනිල්ව එළවන්ඩ ඕනෙනම්,පාර්ලිමේන්තුවෙන්ම වැඩේ පටන් ගන්ඩ බැරී යැ.

:       0       1

බෙම්පි Sunday, 31 July 2022 12:33 AM

පසුගිය අරගල වලට කතාකරපු යුග පුරුෂයෝ දැන් හැඟෙනවා. සමහරු වෙස් මාරු කරගෙන රටින් පනින්න හදනවා. තවත් කට්ටියක් රිමාන්ඩ් එකේ. දැන් ඒ පිරිසට කව්රුත්හ නෑ ඔබතුමා හදන්නේ තවත් පිරිසකට ඔයවගේ ඉරණමක් අත්කර දෙන්නද.ඔබතුමාටත් දෙන්න හදන්නේ ගේමක් ඔය අරගල කාරයෝ. නියම අරගලය කරපු පිරිස නෙමෙයි ඔබතුමා ෆෝම් කරන්නේ. පරෙස්සමින්.

:       0       4

Bandara Sunday, 31 July 2022 01:03 AM

මෙයා මේ වගේ කෙනෙක් කියන එක දැනගත්තේ අද ඊයේ නොවෙයි...

:       0       0

Real Sunday, 31 July 2022 04:37 AM

ඔබ ජනාධිපති වූ පසුව යම් පිරිසක් ඊළම ඉල්ලුවොත් එය දෙනවද? 

:       0       0

chithral Sunday, 31 July 2022 05:07 AM

මෙහි මේ මිනීමරු ආණ්ඩුවට පක්ෂව කොමෙන්ට්ස් දමන්නේ අර ගවුමක් ඇඳගත්ත සින්දු කියන මොලේ අමාරු කාරයාද ,නැතිනම් ඔහු වගේම වෙනත් ගවුම් ඇඳගත් නන්ගිලාද...? ලැජ්ජයි.ප්‍රවේශමෙන් ...අපිත් ඔයාලාගේ අයි පි ඇඩ්රස් ඔක්කොම හොයාගෙන තියෙන්නේ.මේ කරන ජරා වැඩ වලට ළඟදීම දවසක මදි නොකියන්න ගෙවන්න ලැහැස්තිවෙලා ඉන්න.අරගලයට ජය වේවා.

:       0       0

Hemantha kumara Sunday, 31 July 2022 05:09 AM

අපි එනවා රනිලයා පන්නන්න.

:       0       0

Gamini Silva (MPG) -Aus-Lanka Express Pty.Ltd. Sunday, 31 July 2022 05:16 AM

තම තමන්ගේ දේශපාලන වුවමනා එපාකම් වලට රටවල් විනාශ කිරීම සුදුසු නැත..

:       0       4

Nishan Sunday, 31 July 2022 07:02 AM

සරත් ෆොන්සේකා වගේ අකලට හිස කෙස් සුදු උන කෙනෙක්ගෙන් ඔයිට වඩා බුද්ධිමත් පරිණත විසඳුම් බලාපොරොත්තු වෙන්න එපා.

:       0       16

රෝහණ Sunday, 31 July 2022 07:30 AM

කන්න දෙනවනම්, බොන්න දෙනවනම්, ඉන්න තැනක් දෙනවනම් මාසයක් නොවෙයි හැමදාම ඉන්න උනත් එන්නම්. ඒවා ලෑස්ති කරලම කියන්ඩකෝ....!! එහෙම නැතිව මේවගේ කතා නොකිය තියෙන වැඩක් බලාගෙන හිටියනම් නේද හොද?

:       0       3

mp Sunday, 31 July 2022 07:36 AM

කුහකකමේ අන්තයට ගිහින් මේ නාකි මිනිහා. කිව්වොත් කියන්නේ අවලං කතාවක්ම තමයි. ඉරිසියාවෙන් පිරිල. මුන් ඉන්නවට වඩා හොඳයි මැරිල යන එක.

:       0       0

ලොයිඩ් Sunday, 31 July 2022 08:07 AM

අපි ඔක්කොම එනවා මහත්තයෝ. එදාට ලොකු සර්ප්‍රයිස් එකකුත් අපි බලාපොරොත්තු වෙනවා. අරගලයට ජයවේවා.

:       8       0

chanda Sunday, 31 July 2022 08:22 AM

රට අරාජිකත්වයට දැක්කවීම උදෙසා යූටියුබ් බ්ලොක්කරුවන්, නළු නිලි, කළු ලෝගු, පාදිලි ලෝගු ඇතුළු සාමකාමී අරගල භූමිය තුළ සිට සිදුකළ මිලකළ නොහැකි සේවාව වෙනුවෙන් සියල්ලටම මාගේ මහා ආචාරය පුදකරමි.

:       0       0

Harsha Hulangamuwa Sunday, 31 July 2022 08:25 AM

You thought that all are Mad like you YOU should be arrested immediately and sentenced to life imprisonment or sent out of the country.

:       1       5

Upul Sunday, 31 July 2022 08:59 AM

මෙයා හදන්නේ ‍රට ලේ විලක් කරලා රටේ ජනාධිපති වෙන්න. හැමදාම අරගල කර කර රට විනාශ කරනවා.. මුලු ලෝකෙට කියනවා මේ රට අරාජික කියලා...

:       0       0

බණ්ඩාර Sunday, 31 July 2022 09:45 AM

සරත් පොන්සේකා කියන්නේ හොඳ යුද සෙනෙවියෙක් වෙන්න ඇති. ඒත් ඔහු තවම දේශපාලන අත දරුවෙක්. රනිල් වගේ තෙම් පරාදු වෙච්ච් ප්‍රවීන දේසපාලකයෙක් එක්ක පොන් සේකා කියන්නේ දේශපාලන ජෝකර් කෙනෙක්. අපි හිතමු නිකමට ඔහු ජනාධ්පති වුනා කියලා. ඒ කරලා මේ අර්බුදයෙන් ගොඩ එන්න කරන්න ඕනේ මොකක්ද කියලාවත් දන්නවාද​? ඔහු ට දීපූ අමාත්‍යාංශ වලින් ඔහු දැනෙන මොනවත් කරලා තියෙනවද​? අඩුම ගානේ නියොජ්‍ය ඇමති එක්ක වත් හොඳින් හිටියාද​? අපි නොදන්න චෙස්. අරගලය මුලික වුනු, ඒ නම දාන්න මුල් වුනු, සාමකාමී අරගලයක් කොට ජාත්‍යන්තර සහය ගන්න මුල්වුනු කෙනෙක් මම. ඒ නිසා මම පොන්සේකා මහතාට එකක් කියනවා. ඔබ ඔබේ සිහින සඳහා කොල්ලෝ බ්ලි දෙන්න එපා. ​

:       0       4

Santhu Sunday, 31 July 2022 11:26 AM

මේ වගෙ කුහක පලි ගැනීමේ චේතනාවෙන් කරන මෝඩ ඇරයුම් පිලි ගන්න දැන් කවුරුත් සූදානම් නැහැ. නිරාපාක්ෂික අරගල මුවාවෙන් කල විනාස කාරී කැරලිකාර පාක්ෂියින්ගේ අදහස ව්‍යාර්තවී දැන් අකුලන් ගිහින්.

:       1       8

Rata Perata Sunday, 31 July 2022 01:36 PM

ජයවේවා. ජනතාවාදී නායකයෙක් එනකම් අරගලය නවත්වන්න හොඳ නෑ. මේ කොටන සමහර බයියන්ට රට ගැන මතක් වෙන්නේ රජපක්ෂලාට බනිනකොට විතරයි. උන් රට විකුණනකොට කිසි කතාවක් නෑ.

:       5       1

Habichola Sunday, 31 July 2022 03:43 PM

විසකුරු සර්පයාට වඩා භයානකයි කළ ගුණ නොදත් මිනිස්සු. මේ කුහකයින්ට අහුවෙන්න එපා...

:       0       3

T. GUNATILAKE Sunday, 31 July 2022 04:32 PM

මේ වැඩ හින්දා රටම ගිනි තියනවා බල තණ්හාවට... මේ වගේ දේශපාලුවන්ට ජනතාව රැවටිය යුතු නැත. ජනාධිපති හීන දකිනවා.

:       0       5

Goonewardena Monday, 01 August 2022 09:56 AM

අනේ, ෆොන්සේකා, මාසයක් ඉන්න තරු හොටෙල් එකක්ද?

:       0       4

Goonewardena Monday, 01 August 2022 09:59 AM

ෆොන්සේකා , ඔයාද අරගල කරුවන්ට ප්‍රීති කොපු අරන් දුන්නෙ?

:       0       4

පාලිත බී රත්නායක Monday, 01 August 2022 10:15 AM

අරගල කරලා ආයෙත් 225 කෙනෙක් පත් කරන්න නම් මොකක්ද තේරුම... අලුත් බලවේගයක් සමග මැතිවරණයකින් ජයග්‍රහණය උදෙසා ජනමතය හදන අරගලයයි අපි පටන් ගන්න ඕනෑ. මෙහෙම ප්‍රකාශ කරන්න පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්න කෙනෙකුට පුළුවන්ද...? ගොඩක් ගරුකළ චරිතයක්... හැබැයි මෙහෙම කුමන්ත්‍රණකාරී, ද්වේශ සහගත ප්‍රකාශවලින් මුළුරටම ලේ විලක් කරන්න හදන්නේ. මේ අරගලයේ සැබෑ නිර්පාක්ෂික මතය යම් ප්‍රතිපත්ති මාලාවක් තුළ ජනතාව වෙත යොමු කිරිමයි කළයුතු. මූලික අවශ්‍යතා කවුරු ආවත් ණයක් අරන් තමයි කරන්න වෙන්නේ. අරගලයේ කණ්ඩායම ගෝඨාභය ජනාධිපති සමග සාකච්ඡා කිරිම ප්‍රතික්ෂේප නොකර සාකච්ඡාවක් කළානම් රටට අවශ්‍ය ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහෙය වන්න තිබුණා. බිත්තියට හේත්තු කරගෙන රට වෙනුවෙන් එහෙම කරනවා වෙනුවට අරගලයේ ඔය කවුරුවත් නිර්පාක්ෂික නැතිබව ඔප්පු කළා. තමන්ගේ එකා පුටුවේ ඉන්දවා ගැනීමට කණ්ඩායම්, කල්ලි උත්සාහ කරන්නේ. අරගලය තුළින් ලබාගත් පිබිදීම ඊළඟ මැතිවරණයකින් හොඳ පිරිසක් පාර්ලිමේන්තුවේ නියෝජනයට සහ රට වෙනස් කළහැකි නායකයෙක් ජනාධිපති පුටුවේ ඉන්දවීමට අවශ්‍ය ජනමතය උදෙසා ජනමනස සකස් කිරිමට සමත් වුණොත් එයයි මේ අරගලයේ සැබෑම ජයග්‍රහණය...

:       1       3

ruwan Wednesday, 03 August 2022 05:56 AM

මේකේ comments බැලුවහම පේනවා මිනිස්සු දැන් අරගලය කියලා දේශපාලන බොරුව තේරුම් අරන් බව.

:       0       1

Snap Wednesday, 03 August 2022 12:52 PM

ඔයා සිය පවුල පිටින් මාසයක් නොවෙයි මැරෙනකම් හරි අරගල කළාට කමක් නෑ අහිංසක මිනි්සසු බිල්ලට දෙන්නෙ නැතිව.

:       0       1

පූජ්‍ය . බලගොල්ලේ විමලජෝති හිමි Wednesday, 03 August 2022 09:22 PM

මේ මොහොතේ තවත් අරගල කරන එක නෙවේ කරන්න ඕනෑ. වැටිලා ඉන්න තැනින් ගොඩ එමු... හැමෝම එකතුවෙලා.

:       0       0

Sumith Wednesday, 03 August 2022 10:12 PM

ඇයි එන්න කියන්නේ. ම්නිස්සුන්ට දැන් හොදටම තේරිලා ඉවරයි. ඔයාලගේ ගෙදරටද අපි එන්න ඕනේ

:       0       0

සිරිමල් වීරතුංග Thursday, 04 August 2022 10:06 AM

ඇත්තටම මාසයක් කොළඹ නැවතිලා කාලා බීලා ඉන්න ආසයි.නවතින්නෙ කොහෙද. උඹලා ගෙදරද අපිට වනන්න සුදු කොඩි ටිකක් මහලා කියපං.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 749 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 3733 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4810 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12588 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4433 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 582 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site