IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මුසාවාදා ශික්ෂා පදය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ආණ්ඩුවේ උදවිය දවස ගානේ ඇවිත් කියන බොරු නිසා පාර්ලිමේන්තුවෙන් මුසාවාදා වේරමණී ශික්‍ෂා පදය ඉවත් කරන්නට සිදුවී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් එකෙන් සල්ලි ගත්ත අයගේ ලැයිස්තුවකට මගේ නමත් ඈඳලා තිබුණා.ආණ්ඩු ගන්නකන් කියපු බොරු මෙතන ඇවිත් කියන්න එපා. මම දීපු කට උත්තර තියනවා.එම මුදල්  ගත්තේ නෑ  කියා පැහැදිලිව කියා තිබෙනවා.

කෝප් කමිටුව ඇතුලේ ෆුට් නෝට් ගහන වැඩේට මම සම්බන්ධ වුණේ නැහැ.ඒ වගේම ඒ අය ආරක්ෂා කරන්න අප කටයුතු කළේ නැහැ යනුවෙන්ද ජයසේකර මහතා කීය.



අදහස් (13)

මුසාවාදා ශික්ෂා පදය පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න වෙලා

PGPThilak Friday, 21 March 2025 12:26 PM

දයාසිරි කෑගැහුවාට මෙයා කිසිම ඡන්ද පදනමක් නෑ...! යාන්තම් එල්ලුනා! බොරු දොඩවමින් පාර්ලිමේන්තුවේ කාලය අපතේ අරිනවා විතරයි මෙයාගේ වෙස් මුහුණ ගලවන්න ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කථිකයන්ගේ පණ මදි...!

:       7       12

අරවින්ද මොණරවිල Friday, 21 March 2025 12:52 PM

අබ කෑ එකාගේ මොලය දනවා කියලා කතාවක් තියනවා. බැඳුම්කරයෙන් හොරා කෑ එවුන්ගේ සර්වාංගමය දැන් දන බව පෙනෙනවා. රැඟිල්ලෙන්...!

:       6       12

Suneth Friday, 21 March 2025 01:01 PM

පාර්ලිමේන්තුවේ මුසාවාදා ශික්ෂා පද තියෙනවාද? ඒකම තඩි මුසාවාදයක් නේද? හොරා කියයිද මම හොරා කියලා? මෙයාගේ වැදගත් සහෝදරයා වගේ පුළුවන් දෙයක් කරගෙන හිටියා නම් ඉවරයි.

:       1       16

ජයනාත් Friday, 21 March 2025 01:03 PM

තොරතුරු නැතිව බොරු කිව්වේ නැ නේද? චෙක්පත් වලින් දීලා නම් නෑ කියන්න බැහැ.

:       2       11

ගමේ එකාලා Friday, 21 March 2025 01:28 PM

බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ කවදත් කෙරුවේ මුසාවාදය පතුරුවන එක. එහෙට මෙහෙට පැන පැන තමුන්ගේ පැවැත්ම ගැන හිතපු, ආත්මාර්තකාමී, අවස්තාවාදී දේසපාලුවෙක්. මුසාවාද කෙසේ වෙතත් තමුන් කියපු සමහර ගල් පැළෙන බොරු බේගල් ගැන නම් අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ...

:       0       7

Pankumburage Friday, 21 March 2025 02:12 PM

ඔය බොරු කථා වැඩක් නැහැ. අර ලක්ෂ අට ආපහුදීලා නිවැරදි වෙන්න. එය ආපසු දෙනකම් ඔයා රටට ණයයි...

:       3       5

ගුණරත්න Friday, 21 March 2025 02:36 PM

කයියෙක් කට ඇරියොත් මහා බොරුවක් කියලාමයි නවත්තන්නේ, අඩුම ගානේ අවස්ථා සම්බන්ධය බලන්නේවත් නැහැ. ඉතින් මුසාවාදාව ඉවත් කරන්න වෙයි තමයි.

:       1       3

Kumara Friday, 21 March 2025 03:16 PM

ඔව් ඉතින් මහ එකාගෙ ඉඳලා ඇදබාන්නේ ගජබින්නනේ...!

:       1       4

උපාසක බක බක Friday, 21 March 2025 03:44 PM

හැබෑ නේන්නම්, මේ වෙනකන් ඔහෙලාගේ කට්ටිය ඕක ඇතුලේ අටසිල්ම රැක්කා නොවැ…!

:       2       2

කපුරු හාමි Friday, 21 March 2025 05:31 PM

දූෂිත බලලෝභියෝ කවද්ද පන්සිල් පද පහවත් රැක්කේ? පන්සල් වන්දනාවේ ගිය දේශපාලුවන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       2

සකියම Friday, 21 March 2025 06:12 PM

කියන එකා දැක්කාම තමයි ඉතුරු සිල් පද හතරත් වමනෙට එන්නේ... ඈ... ඔය කථා කරන්නේ මුසාවාදා කිරිපල්ලේ ගහගෙනද?

:       1       1

Sk Saturday, 22 March 2025 06:02 AM

ලොකුම මුසා බස් කියන්නේ මෙතුමා තමයි..

:       0       0

AI Man Saturday, 22 March 2025 09:23 AM

රජයේ සල්ලි අයථා ලෙස පරිහරණය කරලා දැන් ඒවා අහුවෙද්දී නැට්ට කැඩුණු රිළවා වගේ ගෑ ගහනවා. කෑ ගැහුවා කියලා ඕවා වහන්න බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 201 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 82 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 237 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 460 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 222 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 649 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site