IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


මහාචාර්ය විමල් ජී බලගල්ලේ දිවි සැරිය නිමා කරයි

(ඩයනා උදයංගනී)

මෙරට පහළ වූ පෙරදිග භාෂා ශාස්ත්‍රය පිළිබඳ පඬිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ සිංහල භාෂාවේදියකු වූ මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතා අභාවප්‍රාප්ත විය.

මහාචාර්ය විමල් ජී.බලගල්ලේ මහතා මියයන විට 96 වැනි වියෙහි පසුවිය.

විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර) විශ්ව විද්‍යාලය 1959 දී ආරම්භ වූ අවස්ථාවේ ඊට සම්බන්ධ වී එහි සිංහල අධ්‍යයන අංශයේ වසර 32ක් සේවය කළේය.

බලගල්ලේ මහතා 1964 දී විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ භාෂා පීඨයේ පීඨාධිපතිධූරයට ද පත්වූ අතර 1990 දී විශ්‍රාම ලැබුවේය.

විශ්ව විද්‍යාල සේවාවෙන් විශ්‍රාම ලැබීමෙන් පසු 1994 සිට සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ධූරය වසර හයක පමණ කාලයක් දැරූ බලගල්ලේ මහතා ශබ්දකෝෂ සම්පාදන කාර්යය සඳහා ද තම ශාස්ත්‍රීය දායකත්වය ලබා දුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ, හාපිටිගම් කෝරළේ, බලගල්ල නම් ග්‍රාමයෙහි 1924 නොවැම්බර් 24 වැනිදා උපත ලැබූ බලගල්ලේ මහතා දරුවන් සයදෙනකුගෙන් යුතු වූ පවුලේ පස්වැන්නා විය.

කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනේ අධ්‍යාපනය ලබා ප්‍රාචීන පණ්ඩිත උපාධිය ද සමත් වූ බලගල්ලේ මහතා ඉන්පසුව පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයෙන් බී.ඒ. ගෞරව උපාධිය හිමි කරගත්තේය. ඔහු මරදානේ ලෝරන්ස් විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂා දැනුම ලබාගත්තේය.

බලගල්ලේ මහතා 1961 -1963 කාලයේ දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් නූතන වාග් විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිය.

සිංහල භාෂාවේ සම්භවය හා ප්‍රවර්ධනය පිළිබඳ ඉතිහාසය හෙළි පෙහෙළි කිරීම සඳහා කැපී පෙනෙන සේවාවක් කළ මහාචාර්ය විමල් ජී.බලගල්ලේ මහතා මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් සිංහල භාෂාවේ ඉතිහාසය පිළිබඳව දැක්වූ යුග බෙදීම සංශෝධනය විය යුතු ආකාරය ද පෙන්වා දුන්නේය.

මහාචාර්ය ගයිගර් විසින් රචිත The Linguistic of Sinhalese නමැති ලේඛනය ‘සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය’ නමින් සිංහලයට පරිවර්තනය කළ බලගල්ලේ මහතා ‘සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය’ (1992), ‘සිංහල භාෂාවේ ප්‍රභවය හා ප්‍රවර්ධනය’ (1996) යන නිබන්ධ සම්පාදනය කරමින් සිංහල භාෂාවේ ඉතිහාසය හදාරන විද්‍යාර්ථින් වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටුකළේය.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

 



අදහස් (5)

මහාචාර්ය විමල් ජී බලගල්ලේ දිවි සැරිය නිමා කරයි

Sumedha Nandasiri Friday, 16 July 2021 03:04 PM

ආදරණීය ගුරු පියාණන්ට නිවන් සුව ලැබේවා..!!!

:       0       12

ROY FEDRICKS Friday, 16 July 2021 03:17 PM

මේ වියතුන් වියෝ වූ පසු අපට ඉතිරි වෙන්නේ සුනිල් ආරියරත්න වැනි මහාචාර්යවරුන් පමණකි.

:       0       6

සමිත සේනක අලුත්ගමගේ. Friday, 16 July 2021 03:48 PM

මහැදුරුතුමනි, ඔබතුමාගෙන් ඉගෙනීමේ පිනක් මාහටද තිබුණි. ඔබතුමාගෙන් ශිල්ප උගත් සියලු විද්‍යාර්ථීන් වෙනුවෙන් ඔබතුමාට නිවන්සුව අත්වේවායි පතමු.

:       0       109

SUNIL MILANO Friday, 16 July 2021 05:19 PM

ඔබතුමාගේ ගරු සේවයට මාගේ ප්‍රණාමය පුදකරනා අතර, අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියාද පතමි...

:       0       14

Demuni Uduwara Friday, 16 July 2021 05:34 PM

අපේ බලවත් කණගාටුව...!!! 

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 489 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 329 0

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1524 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 882 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 706 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 404 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site