(රංජන් කස්තුරි)
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩි.ළමාවංශ මහතා පේරාදෙණය විශ්ව විද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස පත් කර තිබේ.
මහාචාර්ය ළමාවංශ මහතා ලබන අගෝස්තු මස 01 වැනි දින සිට සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වසර 30ක පමණ සේවා කාලයක් සම්පූර්ණකර සිටින මහාචාර්ය ළමාවංශ මහතා එම විශ්ව විද්‍යාලයේ ව්‍යෛ පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය. හෙතෙම පසුව වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය.
ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වන එම්.ඩී.ළමාවංශ මහතා පේරාදෙණිය රෝහලේ වසර 35ක පමණ කාලයක් සේවය කර තිබේ. මහාචාර්ය ළමාවංශ මහතා කලක් ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. හෙතෙම දකුණු ආසියා කලාපයේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත
නොබෝදා කොළඹ හිල්ටන් හෝටල් රථ ගාලේ තිබී නීති විරෝධී ලෙස එකලස් කරන ලද බී.එම්. ඩබ්ලිව් මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වැළැ
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු
තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
මහාචාර්ය ළමාවංශ තානාපති පුටුවෙන් උපකුලපති පුටුවට
W.gallange Wednesday, 23 June 2021 10:01 AM
රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වුවත්, අධ්‍යාපන ක්ෂේත්‍රය මෙතුමාට ගැලපේ. පේරාදෙණිය ආදි විද්‍යාර්ථයින් ලෙස සුබ පතමි.
සෙනවි Wednesday, 23 June 2021 03:33 PM
කඩේ ගිය වියත් මගේ ලොක්කෙක් නේද? සලකනවා මදියිනේ.!!!
Nuwan Galagodagala Wednesday, 23 June 2021 09:56 PM
සර් එන එක හොඳයි..