(අංජුල මහික වීරරත්න)
යම්කිසි අවස්ථාවක ආර්ථිකයට බලපෑමක් ඇති වුවහොත් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය.
ආණ්ඩුවක් දුවන ආකාරය පිළිබඳ පලපුරුද්දක් තිබෙන ප්‍රබල කණ්ඩායම ගෑස් සිලින්ඩරය යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ කරන බව කී විජයවර්ධන මහතා මෙවැනි මොහොතක අත්දැකීම් නැති පිරිසක් පමණක් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් රටට අස්ථාවර බවක් ඇති විය හැකි බව සඳහන් කළේය.
කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.
ගෑස් සිලින්ඩර පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන්නේ ආණ්ඩු කර අත්දැකීම් තිබෙන කණ්ඩායමක්. මේ අවස්ථාවේ පළපුරුද්දක් නැති අත්දැකීම් නැති කණ්ඩායමක් ආණ්ඩුවක් හදනවා නම් එයින් ඉදිරියේදී රටට යම් අස්ථාවර බවක් ඇතිවෙන්න පුළුවන්.මහ මැතිවරණයේදී ජනතාව ටිකක් හොඳින් කල්පනා කොට ආර්ථිකය පිළිබඳ දැනීමක් පළපුරුද්දක් තිබෙන කණ්ඩායමක් මහ මැතිවරණයේදී තෝරා පත් කර ගනු ඇතැයි කල්පනා කරනවා.
පසුගිය මහ මැතිවරණයේදී අපේ කණ්ඩායම උත්සාහ කළේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමටයි.අපේ ඉලක්කය තිබුනේ මේ රටේ ආර්ථිකය හැදීමයි.වසර දෙකහමාරකට තුනකට පෙර බංකොලොත් වී තිබූ රට එතුමාගේ උත්සාහය නිසා යම් යහපත් තැනකට ගෙනාවා.
ජනපතිවරණයේදී රටේ ජනතාවගේ අවශ්‍යතාවය වූයේ වෙන දෙයක්.සාම්ප්‍රදායික දේශපාලනය අනවශ්‍ය බවත් යම්කිසි වෙනසක් කළ යුතු බවත් ජනපතිවරණයේදී ජනතාව විශ්වාස කළා. සුළුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන වත්මන් ජනපති බලයට පත්වී තිබෙනවා.රනිල්ට සහ සජිත්ට ලැබුණු ඡන්ද ප්‍රමාණය එකතු කර ගත් විට අනුර ජනපතිට ලැබුණු ඡන්ද ප්‍රමාණයට වඩා වැඩියි.
ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාල
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුාජන පෙරමුණේ ඡන්ද පදන
පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත
පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
වසර තිහකට වැඩි කාලයක සිට මිරිසවැටිය රජ මහ විහාරය අසල පැරණි රථ ගාලේ වෙළඳාම් කටයුතු වල නිරතව සිටි තමන්, එම භූමියෙන් එළියට ඇද දමා ඇති බව කියමින් වෙළඳුන් පි
ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්