(අංජුල මහික වීරරත්න)
මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු යැයිද එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නැතැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින අතර නොකළ යුතු දේ කළහොත් ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිලෙන බවද ජනාධිපතිවරයා කීය.
මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත් වගවීමක් තිබෙන බව ද ජනාධිපති පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවෙි බලශක්ති අමාත්‍යාංශයේ අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක්විය.
පුරවැසියන් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් වෙනුවෙන් කටයුතු කළ යුතු බව කී ජනාධිපතිවරයා ඉදිරි වසර තුන ඇතුලත බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ව්‍යාපෘති විධිමත් සහ කඩිනම් කළ යුතු බව පැවසීය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සි
සෙවණගල ප්‍රදේශයේ ප්‍රකට ආයුර්වේද වෛද්‍යවරයකුගේ ඖෂධාලයක තිබු ගංජා සමඟ එහි සේවකයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්
මදුරන්කුලිය කන්දතොඩුවාව ගම්මානයෙ පදිංචිව සිටි එකම පවුලේ සොහොයුරීයන් තිදෙනකු හදිසියෙ සතියක් වැනි කෙටි කාලයකින් මරණයට පත්විමත් සමග දරුවන් හා ඥාතින්
නීතිපති දෙපාර්තමේන්තුවේ වාහන රැඳවුම් අංගනයේ නවතා තිබූ නිල රථයක් පැහැරගෙන ගමේ ගොස් නැවත පැමිණියේ යැයි කියන සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නීතිපත
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතුව ඇතැයි කියන වාර්තාව දින තුනක් ඇතුළත ලබා දෙන
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
මහජන ධනය සාංඝික දේපලක් සේ සුරකින්න
මැක්ස් Tuesday, 15 October 2024 03:15 PM
කතාවට නම් ලකුණු 100%යි. ලොක්කෝ කරන කියන ඔක්කොම හරි කියන දායකසභාවේ නොවන අපි ක්‍රියාවත් එසේම වනු ඇත්දැයි බලා සිටිමු.
සෙනෙවිරත්න Tuesday, 15 October 2024 03:23 PM
මෙසේ විවෘතව කතා කරපු පාලකයෙක් ඉතිහාසය පුරා දැැක නැත. නිළධාරීන් සහ තම තමන්ගේ ගෝලයන් හවුලේ කෑම මෙතෙක් තිබූ ප්‍රතිපත්තියයි. නායකයන් හරිමග යනවිට පහළ ස්ථරවල අයට ඉබේම නිවැරැදිව කටයුතු කළයුතු වෙනවා.
Pradeep Kumara Tuesday, 15 October 2024 04:12 PM
ඒක ලේසි වැඩක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ වංචාවට, දූෂණයට, අල්ලසට හුරුවෙලා ඉන්න නිලධාරීන්ට එකවරම ඒවා නවත්වා ගන්න අමාරු වේවි, සාංඝික දේපලත් කොල්ලකන පිරිස් ඉන්න රටක. නමුත් කෙසේ හෝ කළ යුතුයි. පාලකයා ආදර්ශමත් වුණොත් අනිත් අය ටිකෙන් ටික හැදෙයි.
විමල් Tuesday, 15 October 2024 04:15 PM
ඔයත් ධර්මෙන් දීලා බුරුමෙන් විදින්න හදන්න එපා !!!
අරවින්ද මොනරවිල Tuesday, 15 October 2024 04:18 PM
සමහරුන්ට නම් කියලා හරියන්නේ නැතුව ඇති ජනාධිපතිතුමනි... ඒ නිසා හෙන්ඩුවත් අතට ගන්න සූදානම් වෙලා ඉන්න.
sene Tuesday, 15 October 2024 04:19 PM
සෙනවිරත්න, අපේ රටේ සාංඝික දේපළ විකුණන්නේ සංගමය..
පිටරටවැසියා Tuesday, 15 October 2024 04:25 PM
සාංඝික දේපළත් හොරාකාපු දේශපාලුවෝ ඉන්න රටක් මේක.
Gunendra Tuesday, 15 October 2024 04:32 PM
ජනාධිපතිතුමා පවසා තියෙන්නේ රජයේ සේවකයින් පිරිසක් සමඟ, කැලේ මාරු වුණාට මේ අයගේ පුල්ලි මාරුවේද කියා බලන් ඉම්මු...!