IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මුහුණු පොතේ දරුවන්ට කැත වැඩක් කළ ලිපිකරුවෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ව්‍යාජ ෆේස්බුක් ගිනුමක් නිර්මාණය කර කුඩා දැරියන්ගේ ඡායාරූප අවභාවිතා කර හිංසනයට ලක් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ,පරිගණක අපරාධ කොට්ඨාසය, සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු ගිණුම් ලිපිකරුවකු වශයෙන් සේවය කරන 40 හැවිරිදි එක් දරු පියෙකි.

පුහුණු පොතක පළකර තිබූ තම කුඩා දියණිය ගේ ඡායාරූපයක් ව්‍යාජ ෆේස්බුක් පිටුවක පළ කර සම්මතයට නොගැලපෙන විවිධ වාක්‍ය සහ පරුෂ වචන ඇතුළත් විවිධ වාක්‍ය යොදා අන්තර්ජාලයට යොමු කර ඇති බවට පියකු කරන ලද පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව සිදුකළ මූලික විමර්ශනවලදී සැකකරු ඒ ආකාරයෙන් කුඩා දැරියන්ගේ ඡායාරූප ව්‍යාජ ෆේස්බුක් ගිණුමට යොදා දැරියන් වෙනුවෙන් ලබාදෙන ලංසුව කියද ? ආදී වශයෙන් පහත් අදහස් ඇතුළත් වැකි යොදා තිබූ බව පොලිසිය කියයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බි. වි .අයි. ගයශ්‍රී මහතාගේ මූලිකත්වයෙන් අන්තර්ජාතික තොරතුරු හුවමාරු ක්‍රමවේදය ඔස්සේ අන්තර්ජාලයෙන් ලබාගත් තොරතුරු හා ව්‍යාජ ෆේස්බුක් ගිනුමක් ආරම්භ කිරීම සඳහා භාවිතා කරන ලද අයි පි තොරතුරු මෙන්ම දුරකථන වාර්තා නම් කරගෙන සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (2)

මුහුණු පොතේ දරුවන්ට කැත වැඩක් කළ ලිපිකරුවෙක් මාට්ටු

Chamila Fernando Wednesday, 10 May 2023 06:15 PM

නියමයි. නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න.. නීතිය හරියටම ජනතාවට පහදලා දෙන්න.

:       0       27

C.K.Lankaputhra Wednesday, 10 May 2023 08:17 PM

ලොකු මිනිසුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට බැරි නිසා අඩුතරමින් පොඩි මිනිසුන්ට විරුද්ධව හරි නීතිය ක්‍රියාත්මක කරන එක හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 308 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 232 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 82 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 537 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 718 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site