IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මිහින්තලය කෝච්චිය පොසොන් දා සිට වැඩ

(රෝහණ චන්ද්‍රදාස මලවරආරච්චි)

වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර - මිහින්තලේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් නොකළ ද මෙවර පොසොන් සමයේ සිට එහි දුම්රිය ධාවනය යළි ලබන 17 (සඳුදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා පැවැසීය.

මේ වනවිට එම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු බොහෝදුරට අවසන් කර ඇති බව ඒ මහතා කීය.

"දැනට මේ පාරේ වැඩ අවසන් කරමින් පවතිනවා. රේල් පීලි හා සිල්පර දමා ශක්තිමත් ලෙස අලුත්වැඩියාවන් කළා. මාර්ග නඩත්තු ඒකකයේ ඉංජිනේරු කාර්යයන් අනුව ඉතිරිව ඇත්තේ සිල්පර අතරට කළුගල් කැබැලි ඇතිරීම පමණයි. එයත් ඉක්මනින් අවසන් කෙරේවි. දැනට දුම්රිය ධාවනය කළ හැකි තත්ත්වයට පත් වී තිබෙන බව මාර්ග නඩත්තු ඒකකයෙන් දැනුම් දී තිබෙනවා. " යැයි විස්සුන්දර මහතා කීවේ ය.

මේ නිසා දුම්රිය ධාවනය නැවත  ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් මෙම මාර්ගය අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දක්වා වෙනම ම ඉදිකිරීම නිසා උතුරු දුම්රිය මාර්ගයට බලපෑමක් නැතිව ධාවනය කළ හැකි බවත් දුම්රිය නිලධාරීහු පවසති.

පොසොන් දිනවල මිහින්තලය පුදබිමට යන එන වන්දනාකරුවනට ගමන් ගාස්තු අය කිරීමකින් තොරව දුම්රියෙන් යාමට අවස්ථාව සැලසීම සඳහා පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.



අදහස් (3)

මිහින්තලය කෝච්චිය පොසොන් දා සිට වැඩ

Saman Dissanayake Saturday, 15 June 2024 06:36 AM

ඕක දැනගන්න තියන්න එපා... ඕකෙනුත් කීයක් හරි හම්බ කරන්න බලයි.

:       0       0

තරිඳු Saturday, 15 June 2024 08:20 AM

අනුරාධපුර - මිහින්තලේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් නොකළ ද මෙවර පොසොන් සමයේ සිට එහි දුම්රිය ධාවනය යළි ලබන 17 (සඳුදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා පැවැසීය. වැඩ නිමාවට පත් නොවූ දුම්රිය මාර්ගයක් භාවිතයට ගැනීම විශාල අනතුරකට අත වැනිමක්...

:       0       0

Nimal 1 Saturday, 15 June 2024 12:20 PM

වැඩ බැරි පොතේ ගුරෙක් යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ තිබෙන ප්‍රශංසනීය සංවර්ධනය.. අනුරාධපුර සිට මිහින්තලයට කිලෝමිටර් කිහිපයක් දුරක් යන්න රටේ විවිධ ප්‍රදේශ වල සිට බස් වලින් එන්න වෙලා ඒ ආවත් ගමන් කරන්න සිදු වෙන බාගයට අටවපු දුම්රිය මාර්ගයක

:       2       7

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 827 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 385 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 255 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 786 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 695 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37741 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site