(නිමල කොඩිතුවක්කු)
එතිහාසික මිහින්තලේ පුදබිමට ලබාදුන් ආරක්ෂාව ඉවත් කිරීම ජනවරමක් නොමැති වත්මන් අණ්ඩුව සිදුකළ ද්‍රෝහී ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය.
එමගින් රටේ උත්තරීතර ව්‍යවස්ථාවෙන් පවා සනාථ කර අැති සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ, ප්‍රවර්ධනය කිරීමේ සහ සුරක්ෂා කිරීමේ වගකීම පවා උල්ලංඝනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී අද (3) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව පැවසීය.
එතිහාසික මිහින්තලේ පුදබිමේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක අංශ පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබීම පිළිබඳ කනගාටුව පළ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එසේ ආරක්ෂාව ඉවත් කිරීම තුළින් එහි ඇති ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවස්තු, සොරුන්ට නිරාවරනය වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිහින්තලේ ආරක්ෂාව ඉවත් කිරීම ද්‍රෝහී ක්‍රියාවක්
පිටිගල මිලානෝ Friday, 03 February 2023 07:12 PM
ඒක නේන්නම් සජිත්. ඔන්න ඔය ඡන්ද ටිකක් මෙයාලටත් දාන්න. දැන් හරි...
ajith Friday, 03 February 2023 07:42 PM
රටේ සියලු ප්‍රශ්න විසඳන්න සජිත් වරමක් ඉල්ලයි...
Sunil Friday, 03 February 2023 07:51 PM
කූරගලට කරන්ට් දුන්නේ නැති එක...
සමන් විමල් Friday, 03 February 2023 08:27 PM
කූරගල පුද බිමට විදුලිය ලබාදීම තහනම් කරපු එක ගැන මොනවද කියන්නේ...?
SusilFriday, 03 February 2023 09:09 PM
ඇත්ත,සජිත් කියන්නෙ නියම ඩබල් ගේම් කාරයෙක්,උගේ තාත්තා වගේ.සජිතයා බලයට ආවොත් ඉදිරියට ඉන්නේ උගේ ගැණි.ඒ ගැණි ශිරන්ති රාජපක්ෂට වඩා හපන් වේවි.ඒ අම්මණ්ඩි දැන් අඹුඩ ගහගෙන ඉන්නෙ සජිතයාට බලය හම්බ වෙනකන්.
Ariyathilaka Friday, 03 February 2023 09:00 PM
බෞද්ධයන්ගේ රාජ්‍ය බලය පිහිරී ගිය සැම රටකම බුදු සසුන ඒ රටේ විනාශ විය. බුදුරදුන් උපන් භුමියේ ද බුදු සසුන අභාවයට ගියේ ඒ නිසාවෙනි. මෙරට ද වරින්වර සිංහල බෞද්ධ රාජ්‍ය බලය පිරිහී ගිය සැම අවස්ථාවකම බුදු සසුන පිරිහීමට හේතු විය. බෞද්ධ සිද්ධස්ථාන සුරක්ෂිත කිරීම, රජයේ වගකීමයි. දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් මත විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලාට සහ ඒ ඒ සිද්ධස්ථාන වලට සැලකීමට රජයකට ඉඩක් නැත. විශේෂයෙන් විහාරස්ථාන රැකීමට නොහැකි නම් ඒ බැරි රාජ්‍ය පාලකයන් ධූරවලින් ඉවත් වී ගෙදර යා යුතුයි. බුදු සසුනට නොසලකන කිසිඳු පාලකයෙක් මේ රටේ පාලනයේ සිටීමට ඉඩක් නැත. එවැනි දේශපාලනය කරන කිසිවෙක් පාලන ධුරයන්ට පත් නොකිරීමට ජනතාව වග බලාගත යුතුයි. දුරින්ම දුරු කළ යුතුයි. බුදුසසුන අමතක කර පාලනය හොබවන සැමදෙනාම කරන්නේ ලංකාදීපයේ සම්බුදු සසුනේ චිර පැවැත්මට හානි කිරීමක් බව අවධාරනය කරමු. ඔවුන් මෙරට රාජ්‍ය පාලනයට වැඩක් නැත. බෙල්ල නැතිව තැල්ල බඳින්නේ කොහේද? යන්න සිතිය යුතු ය.
AriyathilakaFriday, 03 February 2023 09:29 PM
මිහින්‍තලා විහාරස්ථාන භූමියට ආරක්ෂාව ඉවත් කිරීම බුදු සසුන් විරෝධී පරගැති චින්තනයට වහල් වූ අශික්ෂිත ක්‍රියාවක් බව කිව යුතු ය. දැනට ම මෙසේ නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර උතුර පලාත් සභාව ඉඩම් බලතල සහ පොලිස් බලතල ලබාදීමෙන් වන්නේ බලවත් ලෙස සම්බුදු සසුනට හිමි භූමි බරපතල විනාශයකට පත්වීමකට මඟ සැළසීමකි. මිහින්තලා පුද බිම නොසලකා හැරීම බුදුසසුනත් සමස්ථ මෙරට බෞද්ධ ජනතාවත් අමතක කිරීමකි. බෞද්ධයන්ට කරන ලද බලවත් නො සලකා හැරීමකි. මෙය මෙරට බෞදධ උරුමයට කළ බලවත් නිගාවක් බව අවධාරණය කරමු. මෙය ද මේ රටේ බෞධයන්ට උරුම!
Prabha Friday, 03 February 2023 09:01 PM
පුරාවස්තු, පුරාවස්තු කටට කෙළ උනනවා ඇති...
සමන්Saturday, 04 February 2023 02:10 PM
නිදන් වදුල. රටේ මිනිස්සුන්ට අමතක නෑ.
Shantha Friday, 03 February 2023 09:11 PM
කූරගල සිද්ධිය අපට අමතක නෑ.
sam Saturday, 04 February 2023 05:03 AM
ඔය කියන්නේ, මේගොල්ලෝ බලයට එනකං මේ නිධන් වස්තු ආරක්ෂා කරන්න කියලද??
Buddika Saturday, 04 February 2023 07:23 AM
එදා ජේ.ආර්. ජයවර්ධන ගැටඹේ පන්සල වට කරලා කම්බි ගැහුවා. අද ඒකම වෙනස් විදියකින් රනිල් කරන්නේ. ව්‍යවස්ථානුකූලව බුදු දහම රැකිය යුතු මේ රටේ අද බුදු දහම මේ රටේ ආරඹපු ස්ථානයට මෙසේ සලකන්නේ ආගම් ද්‍රෝහීන් මිස අන් කවරකේද? එකදු හෝ ජනවරමක් නැති මිනිහෙක් අද අපේ බුදු දහම විනාස කරන්න නේද මේ හදන්නේ. අනිත් පැත්තේන් 13 බලාත්මක කරලා වෙනම රාජ්‍යයකට නීත්‍යානුකූලව පාරකපන්න හදනව. මිහින්තලා පුද බිමට මේ කරන දේ ගැන දැන්වත් නිදා සිටින මහනායක හිමිවරු පෙරට ආ යුතුයි.
නිස්සංක Saturday, 04 February 2023 02:15 PM
බුදුදහමට, සාසනයට කෙනෙහෙලිකම් කරපු කිසි කෙනෙක් මේ රටේ යහමින් රජ කරලා නැතිබව ඔච්චර පොත් කියවනවා කියපු තුමාට අවබෝධ නොවීම පුදුමයක්. 13තියෙන ඒවා ක්‍රියාත්මක කෙරුවම තව කොහොම හිටීද. මහා නායක හිමියන් මේ ගැන අවධානය යොමු කරත්වා.
මරිසිපාල Saturday, 04 February 2023 03:05 PM
මුලින්ම ජනතා අදහස් හා විවේචන ඉවසීමට නොහැකි වුනේ සිරිමාවෝ මැතිණියගේ කාලයේ පැවති රජයේ පිරිසට තමයි ඒනිසා ඔවුන් මුලින්ම කලේ ඔවුන්ට විරුද්ධව සිටි නායකයින්ට අයත් ලේක්හවුස් ආයතනය රජයට ගැනීමයි තවත් ඉවසීමේ සීමාව පැන්න සිරිමාවෝ මැතිණිය ඊළඟට කලේ දවස ආයතනයට සීල් තබා වසා දැමීමයි.ඉන් පස්සෙ ආපු සියලු දේශපාලුවො අනුන්ගේ මත හා අදහස් ඉවසීම කරගන්න බැරුව නොයෙක් උපක්‍රම යොදාගෙන මර්ධනය ක්‍රියාත්මක කළා.