IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මිහින්තලා පුදබිමෙන් හමුදාව ඉවත් කර ගනී

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මිහින්තලා පුද බිමෙන් සියලුම ආරක්ෂක හමුදා අද සිට  ඉවත් කර කර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මිහින්තලේ පුදබිමේ හමුදාව තැබීම නිසා මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ ජීවිතයට තර්ජනයක් වන බවට උන්වහන්සේ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සිවිල් ඇඳුමින් මිහින්තලා පුදබිමේ සිටින දෙදෙනෙකු ගැන එහිදී චෝදනා කර ඇතැයි කී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා එම නිලධාරීන් යෙදවූයේ ඔක්තෝම්බර් 7 වැනිදායින් පසු රටේ ආවේක්ෂණ කටයුතු සඳහා ආගමික ස්ථාන, සංචාරක ආරක්ෂාව සඳහාත් නිලධාරීන්  යෙදවීමට රජය ගත් තීරණයකට අනුව බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

ඒ අනුව මිහින්තලා පුදබිමේ සිටි නාවික හමුදාවේ ද සිවිල් ආරක්ෂක බලකායේ සහ යුද හමුදාවේ භටයන් 252 අද සිට ඉවත් කරගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ එම තීරණය ඉතා අමනෝඥ තීරණයක් බවයි.

 



අදහස් (7)

මිහින්තලා පුදබිමෙන් හමුදාව ඉවත් කර ගනී

Senaka Sunday, 10 December 2023 11:15 AM

පුදුම වාහෙලා තමයි... මේ රටේ නායකත්වේ ඉන්නේ. ආරක්ෂාවට තර්ජනයක් කිව්වාම තියෙන එකත් අයින් කරනවා. ඔය ඔක්කෝම හාමුදුරුවන්ට විතරයි. වෙන ආගම්වල අය පොලිස්පති අයින් කරන්න කිව්වාම ඒවට මීක් නෑ...!

:       8       14

තමන්ගේ ආරක්ශක ඇමති Sunday, 10 December 2023 11:19 AM

ආරක්ෂාව වැඩි කරගෙන තියාගන්න.. ඔයාලා හෙන වටින මිනිස්සු. මේ රටේ පන්සල් පල්ලි යන මිනිස්සුයි, ඒවායෙ පූජකයෝයි, බෝම්බ කාලා මැරුණාට කමක් නෑ. පල්ලි නොගිහින් පරිස්සමෙන් හිටහල්ලා...

:       3       11

රට පෙරට Sunday, 10 December 2023 11:48 AM

කවුරු හරි මොකක් කිව්වොත් කරන වැඩවල කිසිම ප්‍රමිතියකින් නැහැ.. ඒත් පස්වෙනි සිල්පදය කැඩීමට පහසුවට ඉහළම ප්‍රමිතියකින් කටයුතු කරන්න ඊයේ සිට පටන්ගෙන තියෙනවා...

:       2       12

ජේ ආර් නානා Sunday, 10 December 2023 12:03 PM

ඒ සොල්දාදුවෝ ටික අභයාරාමයටයි, සුනේත්‍රාදේවි පිරිවෙණටයි යවපන් මයේ පුතේ...

:       5       14

Ariyathilaka Sunday, 10 December 2023 01:43 PM

සම්බුද්ධ ශාසනයට ආරක්ෂාව දෙන්න බැරිනම්, මිහින්තලා පුදබිමෙහි භික්ෂූන් වහන්සේලාට ආරක්ෂාව දෙන්න බැරි නම්, එවැනි රජයක් ලංකා භූමියට අවශ්‍ය නැත. එවැනි ආණ්ඩු පාලනයෙන් ඉවත් වී ගෙදර යා යුතුයි. ජනාධිපතිවරයා රටේ සේනාධිනායකයා වශයෙන් කටයුතු කරන බැවින් ජනාධිපතිවරයාගේ වගකීම, රටට මෙන්න සම්බුදු සසුනට රැකවරණය සැලසීමය. සම්බුද්ධ ශාසනයට රැකවරණය සැළසීමට නොහැකි නම් එවැනි ජනාධිපතිවරයෙක් මේ රටට වැඩක් නැත. සම්බුදු සසුන රැකීමට බැරිනම් ජනාධිපතිවරයා තම ධුරයෙන් ඉවත් වී යා යුතුයි. ලංකාද්වීපයේ ජීවය සම්බුදු සසුන බැවින් එයට ගරු නොකරන කිසිවෙකු ලංකා රාජ්‍ය පාලනය හැසිරවීමට හිමිකම් නැත. සම්බුදු සසුන නොතකා ලංකා භූමිය පාලනය කළ, හිරු නොබසින අධිරාජ්‍යයට ද හිරුබසින තැනට පත් වූ බව අමතක නොකළ යුතුයි..!

:       2       9

චන්දන Sunday, 10 December 2023 02:01 PM

මේ සේරම බෞද්ධාගමටම තමයි කෙළවන්නේ... තව ටික කාලයයි. තැටිය රත්වෙනවා. බලාගනිල්ලා ඔය කාලකණ්නි දේශපාලකයින්ට වෙන දේ...!

:       4       13

Agith Sunday, 10 December 2023 03:19 PM

මේ රටේ කිසිම පන්සලකට ආරක්ෂාව පිළිබඳ කිසිම තර්ජනයක් නැහැ. පෙබරුන් කරන්නේ ඔතන ආරක්ෂක රාජකාරියක් නෙමෙයි... හාමුදුරුවන්ගේ පුද්ගලික ආවතේව. එක සෙබළෙකුගේ සාමාන්‍ය වැටුප රුපියල් 75000 පමණ. එතකොට මාසෙකට දාන හදලා බලන්න. මේ සියල්ල ජනතාවගේ බදු මුදල්. හමුදාව ඉවත් කිරීම ඉතාම නිවැරැදි පියවරක්. මිහින්තලාවෙන් විතරක් නෙමෙයි, සියලු ආගමික ස්ථානවලින් සියලු හමුදා පුද්ගලයින් ඉවත්විය යුතුයි...

:       6       18

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 300 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 825 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1302 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 178 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 743 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 865 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39354 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site