IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


මිහින්තලා පුදබිමේ විදුලි විසන්ධි කරයි

(බී.ජී.චතුරංග සහ දයාරත්න ඇබෝගම)

මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ  ලක්ෂ 41ක  විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කල බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අප අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සමුද්‍රනාථ ජයවර්ධන  මහතාගෙන් කළ විමසීමකදී  ඒ මහතාද මේ බව තහවුරු කළේය. 

මෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ, ශ්‍රී මහා බෝ සමිදුන් වැඩම කර වීමට මූලික වූ, මිහින්තලා පුද බිමේ විදුලි බලය අද (3) දහවල් විසන්ධි කළ බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.

තමා සෘජුව කතා කරන නිසා දේශපාලන නඩය තමන්ගේ ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පලි ගන්නා බව උන්වහන්සේ මෙහිදී පැවැසූහ.

එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.

" මිහින්තලා රජමහා විහාරස්ථානයේ මිහිඳු සෑය ඉදි කිරීම වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදු කෙරෙමින් පවතින මොහොතක තමයි මෙම විදුලිය  විසන්ධි කිරීම සිදු කළේ, 

ඒ හේතුවෙන් ඉදිරියේදී ජලයත් නොමැතිව යනවා, ධාතුන්වහන්සේලා තැන්පත් කර ඇති ඇති බුද්ධ මන්දිරය, පොලිස් මුරපොල, පුරා විද්‍යා ස්මාරක අක්කර දහසකට වඩා වැඩි මෙම පූජා භූමිය  අද ඉඳන් අඳුරේ, 

මේ නිසා මිහින්තලාවේ පුරාවස්තු අනාරක්ෂිත තත්ත්වයට පත්වනවා, මෙ භූමිය දඩයක්කරුවන්ගේ රජ දහනක් වෙන්න පුළුවන්.  මේ සඳහා ද රජය අද සිට ක්‍රියාත්මක විය යුතුයි. ඒ විසන්ධි කරන්න ක්‍රියාත්මක වුණා වගේ, වගේම පුරාවිද්‍යා අංශ  ආරක්ෂකයින් යොදා මෙම පුරාවස්තු ආරක්ෂා කළ යුතුයි. 

ඉදිරියට මිහින්තලය වන්දනාවේ පැමිණෙන බැතිමතුන් විදුලි පන්දමක් හෝ හුළු අත්තක් රැගෙන එන්න සිද්ධ වෙනවා සතා සර්පයාගෙන් බේරී  මිහින්තලාව වැඳ පුදා ගන්න නම්, 

මේ 225 ම, මේ සිද්ධ කරන්නේ ශාසනයෙන් පලි ගැනීමක්, මේ අයට ඡන්දය  දුන්නට අපිත් කියන්න ඕන.

විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විහාරස්ථානයේ හිමිවරුන් මෙන්ම  දායක දායිකාවන්ද දැඩි අපහසුතාවයට පත් වෙනවා මේ  නිසා, අපි ඉල්ලා සිටින්නේ සංඝාවාස වලට  මීටර් සවි කරලා වෙනම විදුලිය ලබා දෙන්න. ඒවා අපි ගෙවා ගන්නම්.  ලක්ෂ  35ක් බිලක් ගෙවන්න විදියක් නැහැ. මුදල් නැහැ මෙය අවස්ථාවේ, කරුණාකරලා

නැතිනම්  සූර්ය පැනල  පද්ධතියක් සවි කරන්න.පින් සිද්ද වෙයි.අපට විදුලි එපා 

 



අදහස් (13)

මිහින්තලා පුදබිමේ විදුලි විසන්ධි කරයි

Ponsuge Tissera Thursday, 03 August 2023 02:12 PM

කරුණාකර වාහනයක් විකුණන්න

:       0       0

Nimal Thursday, 03 August 2023 02:25 PM

මෙයා නම් බරපතල ප්‍රශ්නයක් .මෙය ස්ථිරවම විසඳා ගැනීමට අපි කවුරුත් සහය දෙමු

:       0       0

ranjith Thursday, 03 August 2023 02:25 PM

මේ පාපය ඇති .බුද්ධාගම ඔලුව උඩ තියන් එන්නේ චන්දෙ කාලෙට

:       0       0

kasun Thursday, 03 August 2023 02:58 PM

ඔකෙ විතරක් නෙමේ අනවශ්‍ය විදියට විදිලිය නාස්ති කරන හැම පන්සලක් පල්ලියක් කොවිලක් ඔක්කොගෙම කපල දාන්න ඔනි.

:       10       32

බද්රානි Thursday, 03 August 2023 03:32 PM

විදුලි බිල ගෙවීම පැහැරහැරීම සම්බන්දයෙන් දේශපාලනය ගාවගන්න එපා. ඒකට ආගම, ජාතිය අදාලත් නැහැ. තමන් පාවිච්චි කල විදුලියට බිල ගෙවන්න හැමෝම බැදී සිටිනවා. විශේෂයෙන් මිහින්තලය වැනි විහාරස්ථානයකට පැමිණෙන බැතිමතුන් පන්සල් ඇවිත් පින් ලබා ගන්නේ නොමිලේද? බැතිමතුන්ව ලයිට් එළියෙන් කුල්මත් කරලා මේ රටේ මහජනතාවට බිල ගෙවන්න කියලද මේ කියන්නේ...? කෝ අනෙක් ආගමික ආයතන වල මේ අදෝනා...? සුළු බැතිමතුන් පිරිසක් හිටියත් ඔවුන් විසින් ඔවුන්ගේ දේවල් කරගෙන යනු ලබනවා. අනුන්ගෙන් සියල්ල පිනටම ලබා ගැනීමට හුරු පුරුදුවී සිටින මේ රටේ බහුතර සිංහල බෞද්ධයින්ට අඩුතරමේ තමන්ගේ ආගමික ආයතනයක් වත් අනුන්ට හෝ රජයට අතනොපා පවත්වා ගන්න බැරිද..? අනුන් කරන දේවල් ලෝකෙට පේන්න ලොකුවට කරන්නත් ඕනා. ඒ උනාට මුදල් වියදම් කරන්නත් බැහැ. කටින් නම් පින් කඳවල්..ලෝකෙට පේන්න තමයි ආධාරත්..තන්හාවෙන් බරවෙලා මැරුණත් බහිරවයෝ වගේ මේ මහපොලොවෙම උපදින්න ප්‍රාර්ථනා කරනෙවා. ලජ්ජා නැද්ද මිනිසුනේ උඹලට....

:       8       29

උපාසක Thursday, 03 August 2023 04:19 PM

වන්දනා නඩ පැමිණෙන විහාරස්ථාන බොහොමයක් විදුලිබල නැත්නම් අලෝක කිරීමට පැයකට දෙකකට කියලා මුදල් එකතු කරනවා මෙහි එහෙම කරන්නෙ නැද්ද කියලා සොයන්න වෙනවා ඇත්තටම මෙම විහාරස්ථානයටත් නින්ද ගම් තියෙන්න පුළුවන් ඒවායේ ආදායම් ඇති කොහොම වුනත් මේ අහේනි කාලයේ හාමුදුරුවෝ වුනත් ටිකක් නම්‍යශීලී වුනොත් හොදා නේද රජයේ බලධාරීන් වුනත් තමන්ගෙ අඩුපාඩු කියනවිට උරණ නොවී උඩ පැන පැන තලන්නම කටයුතු කිරීම රටේ සංවර්ධනය අඩාල වීමට හේතුවක් වෙනවා

:       2       18

ජයම්පති Thursday, 03 August 2023 03:46 PM

අපේ හාමුදුරුවනේ, මේ කාලවකවානුව රටේ සෑමදෙනාටම අමාරු කාලයක්. ඊයේ රෑ 12 ඉඳලා ජල ගාස්තුත් අහස උසට වැඩිකරලා. පූජා භූමි නඩත්තු සඳහා රජයෙන් මුදල් දෙනවා කිවුවට උන්ගේ ගෙවල් වලින් ගෙනත් දෙනවා නොවෙයිනේ. ඒකත් අන්තිමට ගෙවන්නේ ජනතාව. මේවාට යන වියදම බලලා ඒවා ලබාගන්න ක්‍රමවේදයක් පන්සල තුලින්ම හදාගන්න සියළුම වියදම් බැරිඋනත්. රටේ පාලකයෝ ආගමික ස්ථාන, ශාස්තෲවරුන් ට හැමදාමත් පහර ගැහුවා. නමුත් මේ කාලයේදී අත්‍යවශ්‍ය ආයතනවල පවා විදුලිය සිඳලනවා රෝහල් වැනි.

:       1       17

ravin Thursday, 03 August 2023 03:48 PM

සියලුම ආගමික ස්ථානවල තිබෙන ආධාර පෙට්ටි හෙවත් පින් කැට වලට ලැබෙන මුදල් මෙවැනි කටයුතු වලට යොදාගත හැකි නොවේද ?

:       0       0

don Thursday, 03 August 2023 04:17 PM

මිහිදු හාමුදුරුවො ඒද්දි ලයිට් තිබුනෙ නැහැනෙ. දැනුත් නොතිබුනා කියල අවුලක් වෙන්න ඔන නැ. නවතින්න එන බැතිමත්තු ඉන්නව නම් ලාම්පුවක් අරන් එන්න කියන්න.

:       3       14

don Thursday, 03 August 2023 04:18 PM

මෙ නිවුස් එක දැක්ක විතරයි මට අපෙ ගෙදර වතුර බිල වැඩි උනා කියල එකපාරටම අමතක උනා. එ වගෙම තෙල් මිල වැඩි උන එකත් අමතක උනා.

:       0       10

චාන්දනී Thursday, 03 August 2023 09:16 PM

ඇයි 4 වෙනිදා ඉඳලා ගෑස් මිලත් නැවතත් වැඩිකරනවා කියලා පේන්න තියෙනවා...

:       0       0

මහසෙන් Thursday, 03 August 2023 07:58 PM

අර පෙරේදා ලග තියාගෙන ධර්මයෙන්,අවවාදයෙන් අනුශාසනා කල වෙන්න ජනාධිපති තුමාට ඕක කියන්න.එයා මේ දවස්වල ඇප.මුදල් ගෙවනවා,පෙරහර වල් කරන්න බාර ගන්නවා,තව.දේවල් කරනවා.ඕකත් ගෙවලා දායි කීවම.

:       0       0

Saduni Thursday, 03 August 2023 11:32 PM

අර බද්රානිගේ වචන බලන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මහනුවරදී අත්අඩංගුවට පත් විදේශිකයන් ගැන විශේෂ විමර්ශනයක්
2024 ඔක්තෝබර් මස 15 9 0

කුණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පරිගණක මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 130 දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප


පානදුර නිවසක මළ සිරුරු දෙකක්
2024 ඔක්තෝබර් මස 15 208 0

පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කොටුව -මරදාන අතර දුම්රිය පීලි පැනීමක්
2024 ඔක්තෝබර් මස 15 91 0

මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රිය අද (15) උදේ මරදාන හා කොටුව අතර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


දුම්රිය එන්ජිමක ගින්නක්
2024 ඔක්තෝබර් මස 15 207 0

දකුණ කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රියක එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .


LOLC දිවි සවිය සමස්ත පාසල් පද්ධතියෙන් සියයට 40ක් ආවරණය කරයි
2024 ඔක්තෝබර් මස 15 10 0

LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන


අද වැස්ස ගැන අනාවැකිය
2024 ඔක්තෝබර් මස 15 396 0

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල,මාතර මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 424 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1426 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site