(අංජුල මහික වීරරත්න)
කොරෝනා ශීඝ්‍රයෙන් පැතිරෙමින් යන අවස්ථාවේ රට වසා තැබීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ මැදිහත්වීම ම විශාල පින්කමක් බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නාරාහේන්පිට අභයාරාමයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (1) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
පොදුජන පෙරමුණු ආණ්ඩුව බිහි කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වැඩ වසන නාරාහේන්පිට අභයාරාමයේ දී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවක් පැවැත්වීම විශේෂත්වයක් විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ ලැබූ පරාජයත් සමඟ දේශපාලන කටයුතු ඇරඹූයේ ද නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ සිටයි.
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව
කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහින්ද ඇරැඹූ තැනින් වජිරත් අරඹයි
Raveendra Wednesday, 01 September 2021 04:30 PM
හත්දෙයියනේ මුල්ලේරියාව විශ්ව විද්‍යාලයට ජපන්නු ගුවනින් බෝම්බ අත ඇරලද මන්ද...කිසිදු සද්දයක්වත් ඇහුනේ නැහැ.. එත් ඒ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න මේ සරසවි සිසුන් කොහොමද පාරේ මේ විදියට වොයිස් කට් දෙන්නේ....?
සෙනෙවිරත්න Wednesday, 01 September 2021 05:12 PM
ජයවේවා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවොත් දැන් දැන් වෙනසක් පෙන්වන්නේ මේ නිසා වෙන්න ඇති.සජිතුත් එකතුවුනොත් ගොඩම තමා
දිනාල්Wednesday, 01 September 2021 06:21 PM
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ආණ්ඩුව එක්ක තරහ වුණේ අභයාරාමයේ එන්නත් ක්ලිනික් එක තිබ්බේ නෑ කියලා. ඒ නිසා රනිල් සහ වජිර පරිස්සම් වෙන්න ඕන. ඉල්ලන දේ දුන්නේ නැත්නම් ආපහු වෙන කාට හරි සෙත් පතාවි. මම බලාපොරොත්තු වුණේ නෑ මේ හාමුදුරුවෝ ඒ විදිහට තමන්ගේ සහය විකුනාවි කියලා.
GAMUNUWednesday, 01 September 2021 10:26 PM
මුරුත්තෙට්ටුවේ හාමුදුරුවොත් දැන් දැන් වෙනසක් පෙන්වන්නේ
sanjeewa Wednesday, 01 September 2021 05:50 PM
කවුද මේ
maikaWednesday, 01 September 2021 06:28 PM
මේ තමයි එවරෙඩි පූසා...
de silva Wednesday, 01 September 2021 06:29 PM
හාමුදුරුවෝ 2015දී ගත්තේ වැරැදි තීරණයක් බව උන් වහන්සේම කියනවා. මගේ අනාවැකිය නම් 2021දී උන් වහන්සේ හදන්නේ රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නෑ...
gunarathnaWednesday, 01 September 2021 08:35 PM
ඊළඟ ඡන්දෙත් මහින්ද පටන් ගන්නේ අභයාරාමයෙන්ම තමයි.
Hafeel Wednesday, 01 September 2021 08:44 PM
දැන් රනිල් ලොක්කා පාර්ලිමේන්තුවට ආවේ ආණ්ඩුවට උපදෙස් දීලා කොරෝනාව පාලනය කරන්නයි කියලා නේද ආවේ..? දැන් එයා ආවෙන් පසුව තත්වය වැඩි වුණානේ....
එරාන් Wednesday, 01 September 2021 09:31 PM
ඇවන්ගාර්ඩ් මහත්තතය මෙයා ට උදව් කරනවා ඇතිනේ.
Chandima Thursday, 02 September 2021 05:51 AM
එතකොට බුදුහාමදුරුවෝ මොන පක්ෂේද.?
Bamunuarachchi Thursday, 02 September 2021 10:03 AM
පන්සල් වලට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. පල්ලි වල එහෙම බැහැ. පල්ලියට විරුද්දව වැඩකළ කෙනෙකුව පල්ලිය බාරගන්නේ නැහැ.
Bamunuarachchi Sunday, 05 September 2021 12:34 PM
එකම ඉරෙන් තමයි රේස් එක දුවන්න පටන්ගන්නේ... එ්ත් දක්ෂයා තමයි ඉස්සර වෙන්නේ. නොණ්ඩියන් පරදිනවා...