IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මහින්ද ඉල්ලා අස්වෙයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලියුම යොමු කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

සිය නිල නිවසේදී අස්වීමේ ලියුම අත්සන් කිරීමෙන් පසු ආගමික වතාවත් පැවැත්විණි.

 
 
 
 
 
 
ඡායාරූප - ඉෂාන් සංජීව
 
 
(36698)



අදහස් (63)

මහින්ද ඉල්ලා අස්වෙයි

Sapumal. Saturday, 15 December 2018 05:46 AM

ඇත්තටම ඔබතුමා මොනතරම් ප්‍රතාපවත් නායකයෙක්ද? ඔබතුමාගේ බලයට හානිකිරීමේ කුමක් හෝ අදෘශ්‍යමාන බලවේගයක් සිරිසේන මහතා සතුව ඇති. මේ අදෘශ්‍යමාන බලවේගයට ඔබතුමාට අවනතවීමට සිදුවුනේ මොනතරම් අපූරු ආකාරයකටද? සිරිසේන මහතාගෙන් ඔබතුමාට සිදුවූ බොහෝ දේ වලට ඔබතුමා වටේ සිටින වාසි පතා කටයුතු කරන සමහර දෙනා වගකිව යුතුයි. මින් ඉදිරියටවත් බාලයන් ඇසුරෙන් අෑත්කිරීම කලයුතු දෙයක්.

:       6618       8197

Jagath LeanageSaturday, 15 December 2018 08:46 AM

සහතික ඇත්ත. ඔබ කියූ දෙයට සිංහලෙන් කියමනක් තියනවා . "බල්ලොත් එක්ක නිදා ගත්තාම නැගිටින්න වෙන්නේ මැක්කොත් එක්ක ". ඒ කියමන කොතරම් සත්‍යයක්ද කියල හිතෙනවා ඔය සිද්දිය දිහා බලපුවාම. වටේ ඉන්න අය ගැන මීට වඩා ප්‍රවේසම් වන්න. ඔබතුමා දේශපාලනයෙන් විශ්‍රාම අරගෙන ගමට ගියා නං ඔයිට වඩා සැලකීමක් තියෙය් කියලා අපිට හිතෙනවා. එදා පාර්ලිමේන්තුවේ බිත්ති අල්ල අල්ල යන හැටි දැක්කම ඔබතුමා අයෝමය බලයක් තියෙනවා කියලා හිතුණා.

:       3706       911

රුවන් Saturday, 15 December 2018 10:13 AM

ජනාධිපතිතුමනි, අගමැති ධුරයට රකින හාමුදුරුවන්ව පත්කරන්න. මහින්දගේ 10 කටයි රනිල්ගේ 10 කටයි ඇමැතිකම් දෙන්න. ඒ සභාගය යටතේ මාස 3 ක් ඇතුළත මැතිවරණය තියන්න..

:       92       655

Bangomunu.Saturday, 15 December 2018 06:07 PM

නමින් රුවන්. ඒ උනාට දැනීම නම් පිත්තල. ජනාධිපතිට එහෙම කරන්න පුළුවන් දෙයක් දැන් නැහැ.

:       0       1

NishanSunday, 16 December 2018 01:55 AM

බොරුවට මිත්‍යාවට ආයුෂ අඩුයි. ඒ යතාර්ථය දැන්වත් තේරුම් ගන්න.

:       21       165

sandy123 Saturday, 15 December 2018 05:47 AM

ඉතා කෙටි වාර්තාවක්. ඉතින් හරිනේ. මෙවර අගමැති වශයෙන් කටයුතු කලෙත් ඉතා ටික කලක්නේ.... පාර්ලිමේන්තුවට නොගිය එකම අගමැතිද?

:       4119       1869

Rev Gihan Saturday, 15 December 2018 05:50 AM

ට්‍රාවිස් ගේබ්‍රියල්ගේ පල්ලියේ කුමන්ත්‍රණය ඔහුගේ පාසලේ, පන්තියේ මිතුර නලින් පෙරේරා ඉටු කල වගයි.

:       2735       5408

Appuhami Saturday, 15 December 2018 05:57 AM

කොහොමද තානාපති කාර්යාලවල සල්ලි විසිකිරිල්ල? රට කොටියට ගියා...

:       3388       5603

ධනුෂ්කSaturday, 15 December 2018 08:07 AM

මේ රටේ අප්පුහාමිලා ඔක්කොම හිතාගෙන ඉන්න විදිය තමා මේ... මහින්දලාගේ කාලේ නේවි කෑම්ප් වලට ගල් ගහනකොට අවුලක් නෑ. මේ රටේ මිනිස් ජීවත කුඩු පට්ටම් කරන්න අායුධ එවපු කොටින්ගෙ දෙවැනි නායකයා කේ.පී ගෙනැල්ලා ඔහු හුරතල් කරනකොට හොඳයි. නැගෙනහිර පළාතේ හාමුදුරුවරු, ළමා ලපටියෝ කපා කොටා දාපු මහකොටින්ට පක්ෂයේ උපසභාපතිකම දෙනකොට හොඳයි. හිටපු කොටි නිදහස් කරන්න වාසුලා කැබිනට් පත්‍රිකා දානකොට හොඳයි. මහින්දලා එ්වා කරනකොට හොඳයි. ඔල මොට්ටලයෝ ජාතිවාදයෙන් අන්ධ වෙලා, උමතු වෙලා එක පැත්තක් විතරයි පේන්නේ. අපිට නම් මේ දෙපැත්තම එකයි. හැමදාම මේ රටේ අප්පුහාමිලාට කැරට් අල දුන්න එක තමයි කරේ. මේ අප්පුවොත් කැරට් අලේ බලාගෙන රට කන උන් කරේ තියාගෙන ගිය එක විතරයි වුනේ...

:       7849       6796

MaheeSaturday, 15 December 2018 09:46 AM

ධනුෂ්ක, ඔබ කියන්න ඕනෑ දේ හරියටම කියලා තියෙනවා. කරුමේ කියන්නේ නිල්පාට, කොළපාට කන්නාඩි අස්සෙන් බලන අපේ වහල්ලුන්ට මේ සම්මජ්ජාතියේදී ඔය ඇත්ත තේරෙන්නේ නෑ.

:       2207       740

Ajith NissankaSaturday, 15 December 2018 04:04 PM

ඒක නේන්නම් අප්පුහාමි මමත් මේ ඇස් දෙකින්ම දැක්කා, අපේ ගෙදරටත් සල්ලි ගෝනි දෙකක්ම වැටුනා.

:       0       0

shan saudi Saturday, 15 December 2018 05:59 AM

මේක ගැන කියනවා නම් පැහැදිලි කරන්න වෙන්නේ මේ විදිහට ගැහැණියකුගේ හොරමිනිහෙක් නීත්‍යානුකූල මිනිහා විසින් අතට අසුකර ගත් විට හොර මිනිහා විසින් ජනතාව ඉදිරියේ තමන්ගේ හොර ගෑනිගේ අනාගත අභිවෘද්ධිය හා ඇයගේ අනාගත සුභ සිද්ධිය පතා මා විසින් අදදින සිට ඇයගේ හොරමිනිහා යන චරිතයෙන් ඉල්ලා අස්වී නීත්‍යානුකූල සැමියාට ඇයව භාර දෙන බවට ප්‍රකාශයක් නිකුත්කර නික්ම යාමකි. මෙය ඉතාම හොඳ ප්‍රවණතාවක්...

:       9407       4617

jagathSaturday, 15 December 2018 10:24 AM

හරියට උඩ කොටස එකෙකුටයි, පශ්චාත් භාගය තව එකෙකුටයි ඉදිරිපස තමන්ටයි තියාගන්න දඟලන නීත්‍යානුකූල මිනිහට වඩා ලෝකෙට ණය වෙලා හරි තනියෙන් රැකබලාගන්න පුළුවන් මිනිහා හොඳ නැද්ද?

:       109       523

Senaka Saturday, 15 December 2018 06:22 AM

අගමැතිකමක් කොහෙද වලංගු නැහැ කියල තීන්දු කරාම...? ඉල්ලා අස්වෙන්න දෙයක් තියෙන්න එපැයි.

:       3746       1523

saman Saturday, 15 December 2018 06:26 AM

බොහොම ස්තුතියි..!!! .

:       3035       167

දීපාක් කරුනාරත්න Saturday, 15 December 2018 06:46 AM

එයාට අමුතුවෙන් ඉල්ලා අස් වෙන්න අගමැති තනතුරක් තිබුනේ නෑනේ. විශ්වාස භංගයෙන් ඒ තනතුර අහෝසි වුනා කියලාවත් දන්නේ නැති බබා. බ්‍රොයිලර් අගමැති පව්. තමන්ගේ තත්වය තියාගෙන වැදගත් විදියට ඉන්නෙ නැතුව මුලු ඇඟ පුරාම අසුචි ගා ගත්තා...

:       3856       3764

අබිලිං Saturday, 15 December 2018 06:47 AM

පීචං වීමෙත් හොඳම එක...

:       3780       2421

මම1 Saturday, 15 December 2018 06:54 AM

මහින්ද මැතිඳුනි, පැරදුනේ රට නොව ඔබයි.

:       3135       1673

Amila Saturday, 15 December 2018 09:29 AM

උපදෙස් දුන්නු බකපණ්ඩිතයොත් ඉවරයි. අර කහන්න උල දීපු කෙනත් ඉවරයි !

:       602       74

Ravi Saturday, 15 December 2018 06:54 AM

කොච්චර අනාගත්තත් මොලේ පෑදෙන්නේ නැහැ... බලතණ්හාව නිසා

:       2519       767

රවින් Saturday, 15 December 2018 07:14 AM

ගියදේ ගියාවේ. දැන්වත් මංගල සුත්‍රයේ කියාදෙන පරිදි බාලයින්ගේ උපදෙස් පිළිනොගෙන ඉදිරි කටයුතු කරගෙන යාමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි...

:       2081       407

Thilina Saturday, 15 December 2018 07:25 AM

දැන්වත් ඔබතුමා හරි දේ කිරීම අගය කල යුත්තක්.. මින් ඉදිරියට බලයට ආවොත් තමන්ගේ ළඟ සිටි උදවිය හැරෙන්න වෙන කිසිවෙක් ලං කර නොගත යුතුයි. විශේෂයෙන්ම හකීම් බදුර්දීන් ඇතුළු පිරිස... ඉදිරි මැතිවරණයකදී ඔවුන්ගේ සහය නැතුව ආණ්ඩුවක් පිහිටුවන්න ඔබට අවස්තථාව ලැබේවි..!!! 

:       2115       1289

සුරංගSaturday, 15 December 2018 09:09 AM

ලඟ තියාගන්න ඕනෙ විමල්, ගම්මන්පිල, වාසු, දිනේෂ්, ජොන්ස්ටන්, මහින්දානන්ද, වගේ අයනෙ.... රටකට තියා මහින්ද ට වත් වගතුවක් උනොත් පුදුමයි.

:       0       0

menna Saturday, 15 December 2018 07:25 AM

මෙතුමාගේ අගමැතිකම නීති විරෝධී කියලා නඩු දාලා රාජකාරි වැඩවලට අතුරු තහනමකුත් ගෙනැල්ල, නැවතත් රනිල් මහතාවම අගමැති කරන්න පුළුවන්ද? මට අපැහැදිලියි. අගමැති වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය තිබෙන මන්ත්‍රී කෙනෙක්ව හොයාගන්න පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් තිබ්බනම් හොඳ නැද්ද? අගමැති වීමට කැමති කිහිප දෙනෙක් ඡන්දය ඉල්ලුවානම් හොඳයි කියල හිතෙනවා. ඇයි රනිල් මැතිතුමායි, මහින්ද මැතිතුමායි විතරක් අගමැති කරන්න හදන්නේ? තුන්දෙනෙක් හරි හතර දෙනක් හරි ඉල්ලලා වැඩිම ඡන්ද තියෙන කෙනා අගමැති වුනානම් හොඳ නැද්ද? පක්ෂ කිහිපයක් ඉන්න නිසා කාටත් 113ක් පෙන්නන්න බැහැනේ. එතකොට ජනාධිපතිටත් ප්‍රශ්නයක් නැහැනේ. එහෙම වුනොත් රනිල් මැතිතුමා හැමදාම කියන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක්ද කියල හිතාගන්න පුළුවන්...

:       93       1887

NishanthaSaturday, 15 December 2018 12:55 PM

ඔබගේ අදහස නම් සුපිරි.

:       0       0

sandy123 Saturday, 15 December 2018 08:00 AM

කෝ අපේ බමුණු මහත්තයා... මන්තරයක් ජප කරන්න ඉන්දියාවටවත් ගියාද?

:       1808       67

diasSaturday, 15 December 2018 10:10 AM

බමුණු මහත්තයා අද දවසම ඇඳ යට හැංගිලා ඉන්නවා කියලයි ආරංචිය...

:       128       186

ගල්කටස් Saturday, 15 December 2018 08:20 AM

ඔහොම යං මැතිවරණයක් එනකං... හැබැයි ඉතිං මේ අයගෙන් මැතිවරණ ගැනිලි බොරු.. අර පනින සෙට් එන ගැන ජනතාව බලා ගනීවි. සමනළයින් ටික ජයගත්තා අධිකරණය ස්වාධීනද? අනේ මට තේරෙන්නෙ නැහැ. වන්ෂොට් අයියා නිසා අධිකරණය ගැන තිබූ විශ්වාසය නැතිවුණා. කොහොමත් රටට වඩා ඩොලර් ලොකුයි. සිංහලයයි කියා ගත්තට සුද්දන්ට ජාතක වෙච්ච උන් දැන් වැඩියි ලංකාවේ...

:       820       1747

dasum Saturday, 15 December 2018 08:21 AM

අපෝ ...!!! ලොකු දෙයක්..

:       536       274

Kumara Saturday, 15 December 2018 08:27 AM

දැන් සනීපද?

:       570       277

රණ්බණ්ඩා Saturday, 15 December 2018 08:28 AM

තමන්ට අසීරු අවස්ථාවේදී පිටු පෑ කිසිවකු නැවත ලං කර නොගත යුතුයි. මේ රටේ සුළු ජාතීන්ට සහ මහ ජාතියට වෙන් වූ ප්‍රශ්න කිසිවක් නැත. ඇත්තේ සියල්ලන්ටම පොදු වූ ප්‍රශ්න පමණයි. එම නිසා කිසිවිටක සුළු ජාතික පක්ෂ පිටුපස යන්න එපා. මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න. ඔබට බහුතරය එදාට ලැබේවි!!!

:       48       568

පිටිගල මිලානෝ Saturday, 15 December 2018 08:30 AM

බල තන්හාව, ධන තන්හාව සහ පවුල් තන්හාව නිසා රට විනාශකර තමනුත් හත්පොලේ ගාගත්තා නේද? දැන් ඉතින් දරු පවුලත් එක්කම උසාවි යන්න. හිරේ යන්න ලෑස්ති වෙන්න...

:       1632       581

Niroshan Saturday, 15 December 2018 02:26 PM

රට වෙනුවෙන් කරපු දේවල්වලට හිරේ නොවෙයි එල්ලුම් ගස් යවමු.

:       37       69

Amila Saturday, 15 December 2018 08:33 AM

මුත්තේ ඔය අතේ තියෙන උලෙන් මොකක්ද කරන්නේ ? ඕක කන කහන එකද දත් සුද්ද කරන එකද නැත්තම් වෙන මොකක් හරි කහන එකක්ද?

:       1915       1409

samSunday, 16 December 2018 06:28 AM

අමිල, ඕකෙන් කෙරෙන්නේ මොකක්ද කියලා අන්තර් ජාලයේ පැහැදිලිවම තිබුණා. කේන්ති ගිය වෙලාවට, පුටුවක් උඩ ඔය උල කෙලින් අතට හිටවලා ඒක උඩ වාඩි වෙන එකලු කරන්න තියෙන්නේ...

:       0       1

chamath Saturday, 15 December 2018 08:41 AM

සිංහල කොටි මොනවා කිව්වත් සදාකල්ම නියම සිංහලයාගේ හදවතේ ඉන්නේ ඔබයි.. ජයවේවා මැතිඳුනි..,

:       318       1961

athuraSaturday, 15 December 2018 05:45 PM

මහින්දට කඩේ යනවා නම් දෙමල වුනත් ඔහු සිංහලයෙක්.

:       0       0

Buddika Saturday, 15 December 2018 08:45 AM

ප්‍රධානම දෙය පල්හොරු රැලක් වටේට සිටීමයි. තමන්ගේ පරම්පරාවම බලයට ගේනවා. ඒ අය රටේ සල්ලි දෙමාපියන්ගේ බූදලයක් වගේ තියාගත්තා. මේවයි ඔබගේ වැරැදි. නීතිය ඔබට ඕනෑ ලෙස වෙනස් කළා. යුද්ධයෙන් දිනාගත්තාට දේශපාලන නායකත්වය දීපු ඔබට විශිෂ්ටයෙක් ලෙස සදා නම තබන්නට හැකියි. ඒ ඔබ ගෞරවාන්විතව විශ්‍රාම ගැනීමයි. මේ සිදුවීමට පෙර ප්‍රබල ජනතා කැමැත්තක් ඔහුට තිබුණා. ඒත් බලයට ඇති තණ්හාව සහ නීතිය නොදත් නීති උපදේශකයන් වගේම ජාතිවාදීන් නිසා අප්‍රසාදයට පත්වුණා. මෙදා හිටපු මිනිස්සු වගේම බුද්ධිමත් ඡන්ද මේ සිදුවීම නිසා කලකිරුණා.

:       590       318

Rata Perata Saturday, 15 December 2018 09:05 AM

යන්තම් ඇති. දැන්වත් ඔය තණ්හාව නැති කරගෙන යන තැනකට වැඩක් කරගන්න.

:       0       0

ලුම්බිණි Saturday, 15 December 2018 09:13 AM

මෙතරම් පළපුරුදු දේශපාලකයෙක් මෙවැනි තත්වයකට පත්ව විහිලුවකට ලක් වීම කනගාටුදායකයි. ඒත් මෙය මෙතුමා විසින්ම කරගත් දෙයක්.

:       0       0

chris Saturday, 15 December 2018 09:46 AM

ලංකාවට ගාන්ධි කෙනෙක් හෝ මාඕ සේතුං කෙනෙකු පහළ විය යුතු කලයයි මේ...

:       3       117

Kumara Saturday, 15 December 2018 09:47 AM

නරිනාටකම් රටට අහිමිකළ දේශප්‍රේමීන්ගෙන් අහන්නේ... කවදද නැවත ලබාදෙන්නේ?

:       537       11

rocky Saturday, 15 December 2018 09:54 AM

sandy 123..., බමුණු මහත්තය ගැනද හෝදිසි කරන්නේ...? උන්නැහේට හාර්ඩ් ඇටෑක් එකක් හැදිලා මියුලු නුවර විශේෂඥ පශු වෛද්‍ය වරයෙකුගේ වාට්ටුවට ඇඩ්මිට් වෙලාලු!

:       77       101

V.warnakulasuriya Saturday, 15 December 2018 10:03 AM

තමන් අතින් වරදක් සිදුවූ බවට පිළිගැනීමකි. එහෙත් තම පාර්ශවයේ ගැලවීම සඳහා ඉදිරියට යාමට සිදුවේ.

:       509       8

sirimal Saturday, 15 December 2018 10:08 AM

දැන් ඉතින් ඔය මොන බයිලා ගැහුවත් කරපු වැඩේ නීත්‍යානුකූල නැති නිසානේ අයින් වෙන්න වුනේ. එ්කයි තිත්ත ඇත්ත. කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට "ඉල්ලා අස්වීමට තනතුරක් තිබුණාද" කියා විමසා බැලිය යුතුවෙයි. ඔහුගේ අගමැතිකම සහ කැබිනට්ටුවේ ඇමැතිකම් නොවැ. 14 වෙනිදා සහ 16 වෙනිදා දින දෙකකදීම පාර්ලිමේන්තුවේ දී විශ්වාස භංගයකින් අහෝසි වී තිබේ. එම අහෝසිය අභියාචනාධිකරණයද පිළිගෙන තිබෙන අතර ඒ අභියාචනාධිකරණ නියෝගය, ශ්‍රේෂ්ඨාධිකරණයද පිළිගත්තේය. ඒ අනුව මහින්ද රාජපක්ෂට ඉල්ලා අස්වීමට තනතුරක් ඉතිරි වී තිබුණාද යන්න සැකසහිතය. ඕනෑම රටක රටක නායකයන් තනතුර බාරගනිද්දී ජාතියඇමතීම පිළිගත් සම්ප්‍රදාය වෙයි. නමුත් වැරදි පාරෙන් නායකයෙකු වෙන්න ගොස් වැඩේ වැරදුනාට පසු ජාතිය ඇමතීමක් ගැන අපිනම් අසා නැත.

:       740       594

Nuwan Saturday, 15 December 2018 10:16 AM

දැන් බලමුකෝ අලුත් කෙනා කරන හැටි... රටේ මිනිස්සු අකමැතිම කෙනා හෙට අගමැති..

:       322       876

Rata Perata Saturday, 15 December 2018 01:27 PM

මොන විහිළුවක් ද මේ?

:       0       0

Dasa Saturday, 15 December 2018 02:23 PM

මේකට තමයි කියන්නේ නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ කියලා. මාස දෙකක් රට එක තැන තියපු එක විතරයි කලේ....

:       498       340

ROHAN DAYADARA PARIS Saturday, 15 December 2018 02:40 PM

ශ්‍රී ලංකාවේ 30 වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදය නිමාකිරීමට දේශපාලන නායකත්වය දුන් හිටපු ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව විනාශකළ පිරිස දෙස ඉදිරි දේශපාලන කටයුතු වලදී ඡන්ද දායකයා කතිරෙන් දඬුවම් කරාවි කියා මම සිතමි ...!!!

:       604       242

ROHAN dayadara paris Saturday, 15 December 2018 03:29 PM

ශ්‍රී ලංකාවේ 30 වසරක බෙදුන්වාදී ත්‍රස්තවාදය නිමාකිරීමට දේශපාලන නායකත්වය දුන් හිටපු ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව විනාශකළ පිරිස දෙස ඉදිරි දේශපාලන කටයුතු වලදී ඡන්ද දායකයා කතිරෙන් දඩුවම් කරාවි කියා මම සිතමි ...!!!

:       0       0

mexy Saturday, 15 December 2018 04:02 PM

ඉල්ලා අස්වුණා නෙවෙයි ඉල්ලන් කෑවා හේතුව බල තණ්හාව

:       0       0

Saman Saturday, 15 December 2018 04:08 PM

මහින්ද නැති තනතුරකින් ඉල්ලා අස්වෙන්නේ කොහොමද ?

:       0       0

Saman Saturday, 15 December 2018 05:18 PM

'මහින්ද ඉල්ලා අස්වෙයි' ? මොකෙන්ද ?

:       0       0

Saman Saturday, 15 December 2018 05:42 PM

මාධ්‍යයට බැරිද ඔය අත්සන්කරන ලිපිය පෙන්නන්න. ? මොනවද ඕකෙ තියෙන්නෙ කියලා, මොකද අස්වෙන්න පදවියක් මෙයාට තිබුනෙ නැහැනෙ ..

:       0       0

chanak los angeles Saturday, 15 December 2018 07:02 PM

19 විවස්ථාවෙ හැටියට කරන්න බැරි දෙයක් කරන්න පුළුවන් කියා උපදෙස් දුන් ගම්මන්පිල ඇතුළු නීතිවේදීන් නියම ලෙස නීතිය සමත් වුනු නීතිවෙදීන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා .?

:       0       0

sa Saturday, 15 December 2018 08:27 PM

පැරදිලා යන්න අත්සන් කරනකොට අත්පුඩි. ගහන අය අද දැක්කා....

:       0       0

chanak los angeles Saturday, 15 December 2018 10:36 PM

එහෙනම් ඔය කප් ගහලා තිබෙනවා කියන ජෝතිශ්‍යවෙදියෝ කීවේ මෙයා මෙවෙලාවේ බලවත් රනිල්ට එරාෂ්ටකයක් කියලා ? මෙහමත් ගල් පැලෙන බොරුකාරයෝ... දැන්වත් මිනිසුන්ට බොරුකියා මුදල් කඩා නොගෙන ශරීරය මහන්සියෙන් යමක් උපයා ගනු කියා අපි කියමි.

:       0       0

aravinda Saturday, 15 December 2018 11:18 PM

මා සිතන්නේ මෙතුමාව ජනාධිපතිතුමා විසින් අගමැති තනතුරට පත් කරන ලද්දේ රටේ ආර්ථිකයේ පවතින ගැටළුවක් නිරාකරණය කර ගැනීම සඳහා මිස, බල උවමනාවක් සඳහා නොවේ. පසුගිය නොවැම්බරයේදී එජාපෙට නියමිත කාලයේදී ලබන වසරට අය වැයක් ඉදිරිපත් කර ගැනීමට නොහැකි වීම එහි සලකුණකි. එපමණක්ද නොව, දැන් එජාපෙය මංගල වෙනුවට නව මුදල් ඇමතිවරයෙක් පත් කර ගැනීමට යයි. එබැවින් මා සිතන්නේ මේ සන්සිධියට පාදක වූ නියම ප්‍රශ්නය තවමත් විසදී නැති බවයි. එමෙන්ම, ජනාධිපතිවරයා සඳහන් කරන පරිදි තමන්ට රනිල් වික්‍රමසිංහ සමග බරපතල මත ගැටුමක් ඇති බව සහ ඝාතන කුමන්ත්‍රණයක් ඇති බව කීම, මා සිතන්නේ මේ අගමැති තනතුරේ වෙනස සඳහා යොදා ගන්න ලද සාවද්‍ය කරුණු කියායි.

:       0       0

maal Sunday, 16 December 2018 02:57 AM

නීත්‍යානුකූලව රනිල් තවම අගමැති 2015 සිට. මහින්ද පත්කළේ නීති විරෝධීව බවත් උසාවියේ තීරණය අනුව රනිල් ඉවත්වුනේ නැතිබවත් ඉදිරියට ඔප්පුවේවි (ජනවාරි 16,17... නඩුවලින්). එහෙම වුනොත් ජනපති ව්‍යවස්ථාව දෙවතාවක් කඩකළ වරදට සහ රට අස්ථාවර කල වරදට සිරගෙදරට යා යුතුමයි. මෛත්‍රී රටට කරපු විනාශය තවම ඉවර නැත.

:       0       0

Perera Sunday, 16 December 2018 03:20 AM

ඉල්ලා අස්වෙන්න දෙයක් නැහැ පත්වීම මුල ඉදන්ම නිත්‍යානුකුල නොවෙද්දී.

:       47       4

Roshan Kumara Sunday, 16 December 2018 05:17 AM

කතාවේ අවසානය... අවසානයේදි මහින්ද කරඩුව පැත්තකින් තබා..

:       0       0

shan saudi Sunday, 16 December 2018 05:50 AM

මහින්දගේ සමුදීම උත්සවේ දිහා බැලුවම කියන්න තියෙන්නේ මෙපමණයි සාමාන්‍ය රටේ ජනතාව මෙන්ම ඉහලම පෙලේ සැවොම තමන් කරන වැදගත් හා උසස් මෙන්ම ඉහලම ගනයේ කාර්යන් වලදී පිරිත් දේශනා කිරීම පිරිත් නුල් බැදීම ධර්ම දේශනා පැවැත්වීම අශිර්වාද කිරීම වැනි කරුණු කරනා මධයේ තමයි සුභ කටයුතු කරන්නේ මොකද තමන් කරන මේ කාර්ය ඉතාමත් නිවැරදි හා තැනටත් රටටත් සෞභාග්‍ය සම්පන්න කාරණාවක් නිසා .මෙහිදී හොදින්ම පැහැදිලී මේ කිසිම කාර්යක් කිසිවක් නොමැතිව මහා රාත්‍රියේ රටටම හොරෙන් අගමැති උන කාරයට වඩා උසාවි නියෝගයෙන් ඉල්ලා අස් වීමේ කාර්ය වඩාත්ම සුභ කටයුතක් බවයි ඒ අනුව අගමැති වීමට වඩා ඉල්ලා අස් වීම සුභ කටයුතක් බව මහින්ද හොදින් අවබෝධ කරගන සිටිම.

:       0       0

ශ්‍රී වික්‍රම Monday, 17 December 2018 06:15 AM

ඔහොම යන එක ගුණයි අධිකරණ තීන්දුවකින් දොට්ට වැටෙනවට වඩා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 81 0

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 358 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 237 3

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 1250 1

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 259 1

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 280 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 635 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 471 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site