IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


මහින්ද කුසලාන පාපන්දු තරඟයට ප්‍රේක්ෂකයන් පන්දහසක් ආවේ කොහොමද?

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ක්‍රීඩා තරඟ සඳහා ප්‍රේක්ෂකයන් කැඳවීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  තහනම් කර තිබියදී කොළඹ රේස්කෝස් පිටියේ පසුගිය සිකුරාදා පැවති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගය සඳහා ප්‍රේක්ෂකයන් පන්දහසක් පමණ සහභාගී කරවීම  සෞඛ්‍ය නීති කඩ කිරීමක් නොවේ දැයි සමගි ජන බලවේගයේ  කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රශ්න කළේ‍ය.

සංවිධායකයන්  ඒ පාපන්දු තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට රුපියල් දහස බැගින්වූ ප්‍රවේශ පත්‍ර නිකුත් කර තිබූ බවද හෙතෙම සඳහන් කළේය.

රහුමාන් මහතා මෙසේ පැවසූවේ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට  ප්‍රශ්නයක් යොමු කරමිනි.

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලිය අද  ගාල්ලේදී පැවැත්වෙන බවත්  ඒ තරගය පවා ප්‍රේක්ෂකයන්ට තහනම් කර තිබියදී රේස්කෝස් පිටියේ පැවති පාපන්දු තරඟයට ප්‍රේක්ෂකයන්ට සහභාගිවීමට අවස්ථාව දුන්නේ කුමන පදනමක් මතදැයි තමා ප්‍රශ්න කරන බවත් මන්ත්‍රීවරයා කීවේය.

ගාල්ලේ පැවැත්වෙන ක්‍රිකට් තරගයත් මහින්ද රාජපක්ෂ කුසලාන ලෙස නම් කළා නම් ඒ තරගයටද ප්‍රේක්ෂකයන්ට සහභාගිවීමට අවස්ථාව ලැබීමට ඉඩ තිබූ බව මුජුබර් රහුමාන් මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිනී  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ මේ ප්‍රශ්නය  කල්තියා අසා තිබූ  ප්‍රශ්නයට  අදාල නොවන්නක් හෙයින්  මීට මේ මොහොතේදී  පිළිතුරු ලබාදීමට සූදානම් නැති බවයි. 



අදහස් (0)

මහින්ද කුසලාන පාපන්දු තරඟයට ප්‍රේක්ෂකයන් පන්දහසක් ආවේ කොහොමද?

ඔබේ අදහස් එවන්න

දියත

සෞඛ්‍ය
2024 නොවැම්බර් මස 19 6 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 794 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 1792 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 247 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 143 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 806 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26622 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1860 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site